
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.
එරට වේලාවෙන් 18 වනිදා ප.ව. 2.30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගනු ලැබීය.
“කොවිඩ් 19 - වයිරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ.
මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිති.
රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ ජනාධිපතිවරයා සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරයි. සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිති.

COMMENTS
ඇමරිකාවේදී පිලි අරගෙන තියෙන්නේ එයාටම ගැලපෙන කෙනෙක්.
මාධ්‍ය ප්‍රශ්ණයකට උත්තර දී ගන්න බැරි උනත් ඔන් ලයින් හොඳට කතා කරයි.
මෙි ගොල්ලො කොහේ ගියත් අපටත් රටටත් සත පහක වැඩක් නැහැ.
මෙයා ගියේ තම රටට. මෙහේ කරන්නේ විදේශ රැකියාවක්. මෙහෙන් හම්බ කරලා පොදිගහගෙන එහෙ ආයෝජනය කරනවා ඉදිරියට ජීවත් වෙන්න. අපි රැවටුනා අපේ රට ගොඩ ගන්න ආව වීරයා කියලා. අනිත් ඇමරිකානු ඥාතින් කරන්නෙත් ඒකම තමා.
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
මව්බිමට සාදරයෙන් පිලිගන්නවා.
කරුණාවෙන් කියන්නේ. ආපහු එන්න එපා. අපිට කරන ලොකුම උපකාරය ඒක.
ඉස්සර ලොස් ඇන්ජලිස් වල ජොබ කරන කාලේ නිව් යෝක් ගියානම් යන්න ඇත්තේ කොහොමද... ? දැන් යන්නේ කොහොමද?
ඔය වැඩ ගොඩ අස්සේ ගමනේ මුඛ්‍ය පරමාර්ථය උන කුළුඳුල් මිනිබිරිය දැක බලාගන්න ගෙදර පැත්තේ යන්න වෙලාවක් තියෙයිද ?
මෙහෙට සුබයි
මොනවද ඉතින් අපි තමයි හොදටම කලේ කියයි
ඇමරිකාවේ මිනිස්සුන්ට සතුටු ඇති පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහපු කෙනා රටක ජනාධිපති කියලා
ගමට ගිහින් ඒනන ගිහින නේද
හොඳයි