

නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැළියක් හොරොව්පොතාන කහටගස්දිගිලිය නගරයේදී අද(04) පැවැත්විණි.
ජනරැළිය ඇමතීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා වේදිකාවෙන් බිමට පැන ඔල්වරසන් නගන ජනතාව අතරට යාමට සූදානම් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
COMMENTS
මෙයාගේ නැට්ට කපලද පුතේ...?
දැන් ඔය දාගෙන ඉන්න සෙරෙප්පු දෙක ගැන තව කතාවක් හැදෙයි ඔන්න.
ගෝඨාභයත් මේකම කරාවි.
ඔව් ඔව්. දැන් විතරයි ජනතාව අතරට යන්නේ. ඊට පස්සේ යන්නේ ජනතාව යන පාරවල් වහගෙන. බොරු ෂෝ.
අනේ මෙහෙමත් මෝඩ වැඩ... මේ රටේ ඉන්නේ හරක් කියලද මේ අය හිතන් ඉන්නේ. අනික ඇයි මේ රටේ මිනිසුන්ව මේ තරම් පහළට ඇද දාලා තියෙන්නේ...?
සෙනගට වැඩිය ආරක්ෂකයින් වැඩියි.
රගන රැගුම් හැලිය රත් වෙනකම් පමණී. මිනිසුනේ ඕවට කියන්නේ නාඩගම්,රගපෑම්. අපි රටට නිසි නායකයෙක් පත් කර ගනිමු. සැවොම ගෝඨාට ඡන්දේ දෙන්න. කරපු දෙයක් නැහැ වීරයෝ වෙන්න හදනවා. මිනිසුන්ව තවත් මෝඩයෝ කරන්ඩ හදනවා. රැවටෙන්න එපා.
නිමල් ඔයාට ලැජ්ජාව, විලිබය නැති වුණාට මේ රටේ ජනතාව අවුරුදු පහකට කලින් ජීවත් වුණු හැටි අපට මතකයි. හොරුන්, මිනීමරුවන් පසුපස යන ගැත්තන් මේ රටේ වැඩිය නැත.
පුතාණෝ, තාත්තාට චෙච්චි දේ මතකයිනේ...
දුකයි රට වැසියාව මේ විදිහට ගොනාට අන්දන එක ගැන... කොහොමත් මේ රට පාලනය කල හුඟදෙනෙක් රටවැසියාගේ කරමතින් තමයි හැමදාමත් එගොඩ මෙගොඩ ගියේ...!!!
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයත් ඔහොම ජනතාව අතරට යන්න ගිහින් තමයි ඝාතනය වුණේ.. ඡන්ද කාලෙට විතරක් නෙවෙයි... ඕවා මීට අවුරුද්දකට කලින් කරලා තිබ්බා නම්... ගොඩදෙනා ප්‍රමාද වැඩියි.
ඒ ගොල්ලන් ආරක්ෂකයන්ගේ කරපිටින් බිමට බහිනවා වගේ තමයි. ජනතාවගේ කරපිටින් බලයට ඇවිල්ලා... ඊට පස්සේ කඳුළු ගැස් ගහලා... ටයර් උඩ පිච්චෙන්නේ, හිරේ යන්නේ. බලය ලැබුණාම උත්තමයෝ, ශ්‍රිමතාණෝ, උතුමාණන් වෙනවා. පාරවල් වහනවා එයාලට එන්න… අනේ මෝඩ ජනතාව, දැන්වත් මොලේ කල්පනා කරන්න.
මෙතුමා නොහිටින්න ඒදණ්ඩේ යන හැටි, ඉණිමගේ යන හැටි, උඩින් පනින හැටි ගම්මට්ටමේ, බිම්මට්ටමේ ඉන්න අප ඉගෙන ගන්නේ කාගෙන්ද දෙයියනේ? ස්තුතියි අපේක්ෂකතුමනි.
ඒ කාලේ ඔය කෝට්ටේ පැත්තේ හිටිය කෙනෙක් මතක් වෙනවා මෙතුමාගේ රබර් මිරිවැඩි සඟල දැකලා.
බොරු සෝබන හටන්.
බලයට එන්න ඔන්න.
සිසිර අවුරුදු 30 කට පසු 88, 89 ගැන මෙතන කතා කරලා වැඩක් නැත. මක් නිසාද යත් එය වී දැනට ජනතිපති මැතිවරණ 6ක් පවත්වා ඇත. අනික එය රට විනාශ කරන්න කරපු සිවිල් අරගලයකි. එහි ප්‍රතිඵල එය කළ අය වින්දේය. ඔබගේ ගැත්තගේ රජය වගේ මේ ආණ්ඩුව බැඳුම්කරය හැංගුවේ නැත. ඔබගේ ගැත්තගේ කාලයේ කළ දේවල් දිහා බලමින් බැල මෙහෙවරේ යෙදෙන්නට ඔබ ලෑස්ති වුවත් අප එයට ලෑස්ති නැත. මේ රට නැවත කිසිදිනක ඔවුන්ට ලැබෙන්නේ නැත.
අම්මප මාව පිට්පස්සෙන් තල්ලුකරපු කෙනා අහුඋනනම්....?