IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජනපති අපේක්ෂකයා අද තෝරන බව ඩිලාන් කියයි

ඩයනා උදයංගනී 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන අද (14) තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඒ කවුරුන්ද යන්න දැන්ම රටට කියන්නේ නැතැයි කීවේය.

ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

 



අදහස් (25)

ජනපති අපේක්ෂකයා අද තෝරන බව ඩිලාන් කියයි

Sanath Kandy Thursday, 14 March 2019 07:12 AM

මේ දෙගොල්ලම කලින් ජනාධිපතිවරණ වලදී පොරොන්දු උනා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා. දැන් ලැජ්ජා නැතුව ආයෙත් ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා කරනවා. දැන්වත් ජවිපෙ ගෙනත් තියෙන විසිවෙනි සංශෝධනය සම්මත කරලා මේ ඒකාධිපති ජනාධිපති ධුරය අහෝසි කරන්න.

:       65       423

ජුතක බමුණාThursday, 14 March 2019 12:31 PM

අයවැය පරදිනකන් බලාගෙන හිටපු වහල්ලු ටික සද්ද නෑනේ. කෝ මේ ජූතක බමුණා?

:       0       0

Sam Thursday, 14 March 2019 07:20 AM

ජනාධිපතිවරණය පේනතෙක් මානයකවත් නැති කොට අපේක්ෂකයා තෝරන්න , හොරාකන්න තියන තදියම

:       5       223

cganba Thursday, 14 March 2019 07:22 AM

අපිට ඕනා ගෝඨා

:       1105       256

athuraThursday, 14 March 2019 10:55 AM

අපිට නෙමෙයි ඔතෙන්ට තමුන්ට කියල දාගන්න.

:       0       2

Chanak Los angelesFriday, 15 March 2019 05:19 AM

ඝෝටා කිව්වේ අර රජයේ සල්ලි වංචා කරමින් සොහොන් ගෙයක් හදලා නඩුවක් තිබෙන කෙනාද? ඔහු නම් ජනපතිකමට නොවෙයි රජයේ පියන් කෙනෙකු ලෙසවත් ඉල්ලීමට බැරි තරමේ චෝදනා රාශියක් තිබෙනවා...

:       0       190

arjuna ranawana Thursday, 14 March 2019 07:43 AM

කවුරු තේරුවත් ඔහු හොරෙක්

:       157       539

arjuna ranawana Thursday, 14 March 2019 07:47 AM

පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් හොරෙක්ම විය යුතුය....

:       149       846

Sapumal. Thursday, 14 March 2019 07:58 AM

කිව්වා නොකිව්වා කියලා වෙනසක් නැහැ. අර පහුගිය කාලේ නීති විරෝධී හොර ආණ්ඩුව හදපු කට්ටියක කෙනෙකු බව නම් ස්ථිරවම දන්නවා.එපා -- එපා -- දැන්ම රටට කියන්නට එපා. රටේ මිනිසුන් මේ වැඩ ඔක්කොම නවත්වලා බලන් ඉන්නේ මේ හොර බොරු වංචා නැති කට්ටියගේ කෙනා එනකන්. ජනතාව ගොනාට අන්දන්න කියන්නේ නැතිව බොරුවට අගය කරනවා.ගෙරෙව්ව තරමට වහින්නේ නැහැ.

:       382       645

සනත් ඉතාලිය Thursday, 14 March 2019 08:32 AM

මහ බැංකුව කඩපු හොර ගැන නෙමෙයි නේද ඔය කියන්නේ

:       565       135

de silva Thursday, 14 March 2019 09:34 AM

බොරු කියන එකෙත් සීමාවක් තිබෙන්න ඕනේ ? මෙහෙමත් අතේ පැලවෙන බොරු කියනවද ? බොරුම කියලා පුරුදු වෙලා ඇත්තක් කියන්න කට ඇරියත් කියවෙන්නේ බොරුවක් .

:       1       143

smn Thursday, 14 March 2019 10:07 AM

කවුරු තෝරා ගත්තත් කමක් නැහැ.....රැවටිලිකාරයකුට, බොරුකාරයකුට, හොරෙකුට එහෙම අපි නැහැ.....මෙදා අපි එක එකාගෙ කයිවාරුවටවත් පම්පෝරියටවත් වහල් වෙන්නෙ නැහැ…..අපි දන්නව අපේ ඡන්දෙ කාටද පාවිච්චි කරන්නෙ කියල…. කවුරුවත් කලබල විය යුතු නැහැ.

:       2       231

sirimal Thursday, 14 March 2019 10:27 AM

ඔය මොන ජාතියේ සාකච්ඡා පැවැත්වුවත් පොදුජන පෙරමුණේ ඒකායන අරමුණ තමන්ගේ කෙනෙක්ව ජනාධිපති කරගැනීම බව ඒ ගොල්ලෝ පුන පුනා කියනවානේද? ඒ කෙනා " බොහෝවිට රෙද්ද බැනිහම අඳින රාජපක්ෂ කෙනෙකු" විය හැකිබවත් දිවුරුම් දීම සඳහා දෙසැම්බර් 10 වෙනිදා සුභ නැකතත් දැනට තෝරාගෙන ඇති බවත් කියනවා නේද? ඒ නිසා මේ සාකච්චා පවත්වන්නේ හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ලබාගැනීමට පමණක් බවයි අපටනම් පෙනී යන්නේ. දැන් ඔතනට එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත හරියේ නැති බව කියන එහෙත් පොහොට්ටුව වෙනුවෙන් සියයට දෙසීයක්ම වැඩ කරන මහින්ද මහත්තයා ඇතුළු කට්ටිය කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්ද නැත්නම් පොදු ජන පෙරමුණ වෙනුවෙන්ද කියල දිලාන් මහත්තයට පැහැදිලි කරන්න පුලුවන්ද? මෙතන නිකන් අත යටින් පොඩි නුල් සුත්තරයක් ගෙනියන ව්‍යායාමයක් නේද තියෙන්නේ?"ගම සමඟ පිළිසඳරක්" නමින් පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනටමත් සකස් කර අවසාන බවත් එළඹෙන සති අන්තවලදී දිස්ත්‍රික්ක 20ක් පුරා සිය ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරණ බවත් බැසිල් රාජපක්ෂ කියනවා. ඉතින් මේ සාකච්ඡාවල් කරන්නේ ශ්‍රීලනිප ඡන්ද දායකයින් ගොනාට ඇන්දීමට නේද?

:       0       164

Sarasi Thursday, 14 March 2019 10:38 AM

කවුද අනේ ඔබතුමාද ? අපිට හුඟ දවසකින් හිනා යන්න මොකුත් රටේ සිදු නොවුන නිසා ඒ ආරංචිය ලැබෙනකන් මේ බලන් ඉන්නේ .

:       0       162

amila Thursday, 14 March 2019 10:53 AM

රටේ ජනතාව තමන්ගේ තරහ පිරිමහන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්දය දීමෙන් සහ කඩේ යන්නේ දේශපාලන වාසි බලාගෙනයි. උඩ ඉඳලා යටටම හොරකම විහිදිලා. පාලකයින්ට රටේ නීති හදන්න අනවශ්‍යයි... මොකද හොරකම් කරන්න බැරි නිසා... දේශපාලකයන්ට කඩේ යන උදවිය කන්ට්‍රැක්ට් ටික රැගෙන තමන්ගේ මල්ල පුරෝගන්නවා. ඇමතිට සහ ගෝලබාලයින්ට කොමිෂන් නිකම්ම ලැබෙනවා. රටේ ණය ටික වැඩිවෙනවා. මහජනතාව ණය ගෙවනවා. මීට වැඩිය දෙයක් මොවුන්ගෙන් ලැබෙන්නේ නැත. උගත් මිනිසුන් එක්ක නව දේශපාලන ප්‍රජාවක් ගොඩනගමු !!!

:       0       1

Deepal Nirosh Thursday, 14 March 2019 10:53 AM

ඉස් ඉස්සෙල්ලා වෙරළට සේන්දු වෙලා ඉමු. මූදට හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න හදන්නේ නැතුව...

:       0       1

janatha anura Thursday, 14 March 2019 11:37 AM

ශ්‍රීලනිපය කොහෙද තියෙන්නේ? එ්ක යූඑන්පී යට ගිහින් දිවිනසාගෙන ඇත. 19ට අත උස්සලා පනත කියවලත් නැහැ. දැන් ඡන්ද ගන්නත් බැහැ. පළමුව ජනපතිවරණය වසර 4ට සීමා කරගෙන අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ඡන්ද ලැබෙන නිසා ජය, ඉන් පසු මහා මැතිවරණය... එ්කත් නිකම්ම ලැබෙනවා. ශ්‍රීලනිපය ඒ පැත්තට ගිහින් ඇමතිකම් ගන්නවා. වළං සෝදනවා. දනපතියන්ට උපයන්න සූරාකන්න මුක්කු ගහනවා.. ඔන්න ඕකයි තත්වේ.. ජයවේවා !!!

:       1       0

Bath appuhami Thursday, 14 March 2019 11:41 AM

හරියටම හරි ඔබට අපිට තියෙන්නේ ජනතාව සමග සිටින පාවා නොදෙන හොඳම හොරා තේරීම පමණි..

:       0       0

anura serasinghe Thursday, 14 March 2019 11:45 AM

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් සිරිකොතේ හොරෙක්ම විය යුතුයි.

:       0       0

Nandana Thursday, 14 March 2019 12:02 PM

නිකන් හාල් පාරුවෝ කියන කතා, ඡන්දයක් නැති එකෙක් කියන කතා...

:       0       0

Chaina Thursday, 14 March 2019 12:38 PM

මෛත්‍රි ආයෙත් ආවොත් සජිත් අගමැති කරල‍ා. ශ්‍රීලනිප රොත්ත ‍එක්ක යූන්පී ආණ්ඩුවක් හදන එක නම් ස්ථිරයි. ආයේ දෙකක් නැහැ...

:       0       0

Arjuna Ranawana Thursday, 14 March 2019 04:25 PM

මන්ත්‍රීතුමා කියන දේවල් කවුරුවත් ගණන්ගන්නේ නැ

:       0       0

Mahee Thursday, 14 March 2019 05:49 PM

දැන් තියෙන මොන පක්ෂෙන් ආවත් එන්නේ හොරෙක් විතරක් බවත් අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා අපිත් ඉතා ඕනෑකමින් බලා ඉන්නවා රට ගොඩ ගත හැකි බව පෙනෙන, ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින එක අපේක්ෂකයෙකු දිහා.

:       0       0

Sanka Friday, 15 March 2019 02:20 AM

මෙයාට තමන්ගේ පළාතේ ඡන්දයවත් දිනන්න බැරි කෙනෙක්. හොර පාරෙන් පාර්ලිමේන්තු ඇවිල්ල අපිට විහිලු සපයනවා. අනික මහජන මුදල් හොරා කාපු කිසිකෙනෙකුට මේ පාර අපි ඡන්දෙ නම් දෙන්නේ නැහැ.

:       0       215

Saththaya Friday, 15 March 2019 04:36 AM

මෙතුමා තරම් සුදුස්සෙකු තවත් මේ රටේ සිටීද? අවුරුදු ගණනාවක් මේ රටට කල සේවය කොතරම්ද? කියා නිම කල නොහැක. මේ රට මේ තරම්වත් ඉතුරු වුනේ මෙතුමා නිසයි. ඒ නිසා හොඳම සුදුස්සා හැටියට මෙතුමා තෝරා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

:       0       310

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site