(රංජන් කස්තුරි)
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සහ ප්‍රකාශයක් ඇතුළත් ජනාධිපතිවරණ දැන්වීමක් පුවත්පතක පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මීට අමතරව එම ප්‍රචාරක දැන්වීමට අදාළ ජනාධිපති අපේක්ෂකයා අයත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාටද, අවවාදාත්මක දැනුම්දීමක් කළ බවද, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ අද(16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එන නීතිවිරෝධී පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කළ යුතුව තිබුණද මෙතෙක් එය ඉටුව නැතැයිද ඒ මහතා කීය.
COMMENTS
කාටත් මතකයි 2015 මහා මැතිවරණයට දින 2කට කලින් ජනධිපතිතුමාගේ කතාවක් දාලා ලංකාදීපයේ මුල්පිටුවේ දැන්වීමක් දැම්මා කියලා. එකේදී ජනාධිපති එ්කට මොකුත්ම කිව්වේ නැහැනේ... පරීක්ෂණ තිබ්බෙත් නැහැනේ...
මේ චෝදනා ඉදිරිපත්වන දෙගොල්ලන්ටම පොදු නීතිය අදාළ නොවන බව රටේ වැඩි කොටසක් පිළිගන්නා බැවින්ද, ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර මතය බැවින්ද, මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් බැවින්ද, ඔය චෝදනා නිදොස් කර නිෂ්ප්‍රභා වනු ඇත.