(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
රජයේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැයකරමින් සිදුකරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව අවස්ථාවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම හෝ සිදුනොකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
රාජ්‍ය උත්සවවලදී සිදුකරන එවැනි ප්‍රවර්ධන කටයුතු හෝ අගතියට පත්කිරීමේ කටයුතු හෝ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
අශ්වයා ගියපසු ඉස්තාලය වැසීම...
ගරු සභාපතිතුමාට අපේ උත්තමාචාරය, හැබැයි අපි බලාගෙන ඉන්නවා ඔය නීති ඔබතුමා හරියට ක්‍රියාත්මක කරනකම්.. කෙසේවෙතත් ඔබතුමාට පින් සිද්ධ වෙනවා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කිරීම ගැන.
රාජ්‍ය දේපල භාවිතා කරමින් දේශපාළුවන් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම නොකලයුතුයි කියනවා නම් මේවනවිට දුම්රිය වර්ජනයක් සිදුවීම දේශපාලකයින් අගතියට පත්කිරීමක් ලෙසට කියන්න වෙනවා.ඒ වාගේම විශ්ව විද්‍යාලවලත් පසුුගිය 10 වැනිදා සිටම වර්ජන නිසා දේශපාළුවන් අගතියට පත්වෙනවා. 18 වැනිදා වෛද්‍ය වර්වජනයක් තිබුනා තවත් මෙවැනි දේ තිබෙන්න පුළුවන්.අඩු තරමින් මෙම ප්‍රශ්ණ ගැනවත් බලන්නේ නම් සුදුසුයි.
දේශපාලකයන් ඔය විවෘත කිරීම් වලට සහභාගි වීම, විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකයන්, සම්පූර්ණයෙන් නවතන්න. මන්ද ඔවුන්ගේ කටවල්වලට ඉබ්බන් දැමිය නොහැකිවූ නිසා...
එතකොට සිල් රෙදි, ලිත් , පුටු , බත් පැකට් සමග මත ද්‍රව්‍ය , බස් වලින් සෙනග ගෙන එම තහනම්ද ? දන්නේ නැති නිසා අහන්නේ ,
ජනාධිපතිවරනය ඉවර වුණාට පස්සේ පුලුවන්. එහෙමද?
ස්ට්‍රයික් සහ උද්ඝෝෂණද මැතිවරණ කාලයේ තහනම් කළයුතුය. නැතිනම් ඔවුන් මැතිවරණය ඉලක්ක කර මස් රාත්තලම ඉල්ලන ආකරයේ වැඩ කරයි. ආණ්ඩුත් ඡන්ද ඕනෑ නිසා ඉල්ලන ඒවා දෙනවා. වහාම ඒවා නැවැත්වීමට කටයුතු කරන්න...
ඔය එක එක ඉල්ලිම් ඉල්ලමින් වැඩවර්ජන කරන, උපවාස කරන සහ උද්ඝෝෂණ කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිසම ඇයි ඔච්චර බය?
නූගතුන් වන ඔවුන් මහජනතාව රවටා ඡන්දයෙන් දිනුවා. ඔවුන් අාවේ ඔව්න්ගේ සුඛවිහරණය, සැපත සොයා, මහජනතාව රවටා සහ නොබැලු ඔවුන් දැන් පරදිනබව දැනදැන ඔවුන් මෙවන් විට රැකියා දෙන මුවාවෙන් තරුණ ඡන්ද ගන්න වෙනම කපටි ක්‍රමයක් සකසාගෙන මේ මොනවද කරන්නේ? ඡන්දයට තව දින 55යි, (මස 1යි දින 25යි ) රැකියාව ස්ථිර වන්න මාස 6ක් යන්න ඕනෑ, ආණ්ඩුව වෙනස් වුනොත් දන්නවද වෙනදේ?
බොරු බයිලා. අපේ රටේ නීතිනම් ලක්ෂ ගාණක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු පිළිපදින... දේශපාලකයෝ හැම නීතියෙන්ම රිංගලා කිසි කරදරයක් නැතුව ඉන්නවා.
අර ලක්ෂ 15වේ ව්‍යාපෘතියට ලක්ෂ 7ක සමරුඵලකයක් හදලා විවෘත කළයි කියන්නේ කෝප් කමිටුව...
රාජ්‍ය දේපොළ රාජ්‍ය මුදල් නොමැතිව තමාගේ සාක්කුවේ මුදල් වලින් ඡන්ද කරන්නේ කවුද? 2015 සාටකයන් ඡන්දයට වියදම් කලේ රාජ්‍ය සම්පත් බව තිබෙන නඩුවලින් පෙනෙනවා . අණ පනත් නම් දමනවා. නමුත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා ගජරාමෙට. බලයට පත්වුනාට පසු අනපනත් දමපු පුද්ගලයන්ම මේ අයට සර් මැඩම් කියමින් වැඳ වැටෙනවා .
හැබැයි,ඊයේ පෙරේදා වෙනකල් පත්වීම්, උසස්වීම්, මුල්ගල් තැබීම්, සිදු වුනා. තව වෙනදා අමු අමුවේ මහජන මුදල් අව භාවිතා කළ බව අපි දැක්කා.තව දුරටත් නොවෙයි කියන්න අමාරුයි.ඒවාට ජනතාව දෙන පිළිතුර බලමු.
ඒ කියන්නේ ඊට පස්සේ පුළුවන්?