(මුදිතා දයානන්ද)
ජනපතිවරණයට තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයගෙන නොතිබුණද, රටත් ජනතාවත් වෙනුවෙන් නොසැලී ඉදිරියටත් සිය වගකීම හා යුතුකම මදකුදු අඩුනොකර ඉටුකරන බවද ජාතික ජනබලවේගය අද(17) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ජාතික ජන බලවේගය ලෙස මෙවර ජනපතිවරණයේදි මීට වඩා වැඩි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ අතර ලැබුණ ප්‍රතිඵලය ගැන සතුටු විය නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
ප්‍රතිඵලවලින් සංඛ්‍යාත්මකව තමන් පසුපසින් සිටියද ජාතික ජන බලවේගය නම් වූ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, වාමවාදී හා සැබෑ දේශප්‍රේමී දේශපාලන කඳවුරක්, පුළුල් මහජන ව්‍යාපාරයක ආරම්භ කිරීමට සමත් වීමද, මඩ ගැසීම, අසභ්‍ය වචන කීම, සිල්ලර පොරොන්දු තොග ගණනින් දීම වෙනුවට, රට තුළ ගැඹුරු ප්‍රතිපත්තිමය සංවාදයක් වේදිකා තුළ ගොඩනගා ගැනීමට සමත් වීම, දිගුකාලීන දේශපාලන ජයග්‍රහණයක් සේ සලකන බවද එහි සඳහන්වේ.
ජනාධිපතිවරණ වේදිකාවල සමහර පක්ෂ ජාතිවාදය අවුලුවා විවිධ ජාතිකත්වයන් එකිනෙකා කෙරෙහි බියවද්දා ඡන්දය ලබාගනිද්දී ප්‍රතිපත්තිමය සංවාදයක් තුළින් ජනතාව දැනුවත්භාවයට පත්කර, ඡන්දය ලබාගැනීමට අප දැරූ උත්සාහයට ඉඩක් නොවූ බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවද එවැනි තත්ත්වයක් තුළ වුවද ජාතිවාදයෙන් තොර, ජාතික සමගිය සහිත මැතිවරණ වේදිකාවක් තැනීමට තමන්ට හැකිවීම අනාගතය හා සලකන විට සාධනීය කරුණක් සේ දකින බවද එම නිවේදනයේ දක්වා තිබේ.
මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ජයග්‍රහණය කළ , තම ජයග්‍රහණයන් පිළිබඳව උදම් අනමින් සතුටු වුවද තමන් ජයග්‍රහනය කර නැති බව ජනතාව නොබෝ කලකින්ම් තේරුම් ගනු ඇති බවද ජනතාවට උරුමවනු ඇත්තේ පැරණි 71ක් වසරක් පුරා ආ එකතැන පල්වෙන පීඩාකාරී සමාජ ජීවිතයම බවද එම ජනතාවත්, රටත් වෙනුවෙන් තම වගකීම හා කාර්යභාරය මඳකුදු අත්නොහැර ඉටුකරන බවද එම නිවේදනයේ දැක්වේ.
තම අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නන් අයුරින් සහය දැක්වු සියලු ජනතාවට ස්තූතිය පළ කරන බවද ජාතික ජනබලවේගය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
මොවුන්ගේ දේශපාලන මතය කුමක් වුවත් ජනමතය කුමක්ද කියන එක ප්‍රකාශ වෙලා ඉවරයි. එබැවින් ජනමතයට ගරු කරමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයාට සුභ පැතීමටවත් නිහතමානී වුනා නම් හොඳ නැතිද? අනෙක කෝ මෙයාලා කියපු උතුරු නැගෙනහිර ප්‍රගතිශීලී ජනතාවගේ ඡන්ද?
මෙතුමා කොහොමත් ප්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට තරම්වත් සුදුස්සකු නොවන බවට ඔප්පු කළා.. මැතිවරණ වේදිකාවට ගොඩවීමේදී අද්දන දුම්රියකට ගොඩවන්නා සේ නගින පුරුද්ද සහ හැමවිටම සාක්කුවට අතදාගෙන ඉන්නට හැදීම නවත්වාගන්න උපදෙස් දෙන්න... කරපු වැඩෙන් කාටවත් වැඩක් වුනේ නැහැනේ... වුනේ ජේවීපි එක අජූත කරපු එක විතරයි.
ස්තුතියි...!!!
ඔබලා ප්‍රතිපලය දැන දැනම නේද තරඟෙට ආවේ. ඒ ආවේ ගෝඨාගේ ඡන්ද කඩන්න. කොහොම උනත් ඔබලා කරන මෙහෙය අපි අවතක්සේරු කරන්නේ නැත.
ඔබතුමන්ලාගේ වේදිකාව ගැන මං දන්නේ නැහැ.. ඒත් ඔබතුමන්ලගේ පාක්ෂිකයන් නම් රම්පෙට පොරි හැලෙන්න මඩ ගගහ හිටියේ.. ඒකත් සජිත්ට නෙවෙයි.. ගෝඨාභය මහත්තයට විතරයි... අන්තිමට බේරගන්න බැරි තැන් කතන්දරයක් දෙකක් එළිකළාම ඔන්න කටවල් වහගත්තා. රටේ මිනිසුන් ගැන හොයන්න ඉස්සෙල්ලා ඔබතුමන්ලගේ දේශපාලන භාවිතය ගැන හොයලා බලන්න.. මොකද පහුගිය කාලේ වැදිච්ච ලොකුම කාඩ් එක "රතු අලි පැටියා " කියන එක.. ඔය ගොල්ලන්ගේ කතා අහගෙන හිටියට ඡන්දෙ දෙනකොට මිනිස්සු දෙන්නෙ රතු වුණත්, කොළවුණත් එක අලි පැටියෙක්ට විතරක් නිසා... ඔය ලෙවල් එකෙන් මහ මැතිවරණෙටත් යන්න නම් ඉන්නේ.. කියන්න තියෙන්නේ සොරි ඩොට් කොම් කියලා විතරයි. මුලින්ම ඔබතුමන්ලගේ කුඩුකේඩු වැඩ නවත්තන්න. ඊට පස්සෙ අනිත් දේවල් ගැන හොයලා බලන්න. අපෙන් අහන්න එපා මොනවද අපේ කුඩුකේඩු වැඩ කියලා...
මේ කියන අදහස පවා තේරුම් ගැනීමට බුද්ධියක් නොමැති අය මෙහි අපහාසාත්මක කමෙන්ට් තබනු ඇත. ඒ ගැන නොසැලෙමු. සත්‍ය ජයගනු ඇත. අවසාන වශයෙන් කිව හැක්කේ රටේ ජනතාවට ඔබින පාලකයෙක් ලැබී ඇති බවයි. එසේ වුවද පාලකයා හොඳ බව ඉන් ගම්‍ය නොවේ.
ස්වයං විවේචනය අගය කරන කණ්ඩායමක් නේ. ඒ හින්දා මන් හිතන්නේ පළමුව කළයුත්තේ පසුගිය වතාවටත් වඩා ඡන්ද අඩුවෙන්න හේතුව හොයන ගමන් ජ.වි.පෙ. ට ජනතාවගේ විශ්වාසය දිනාගන්න දශක ගණනාවක් තිස්සෙම බැරි වුනේ ඇයි කියන එකත් ස්වයං විවේචනාත්මකව සොයා බැලීමයි. ප්‍රතිපත්තිගරුක පක්ෂයක් වන ජ.වි.ප. ය ට ඒ බව ජනතාවට ඒත්තු ගන්වන්න බැරි ඇයි..?
ලංකාවේ බත් කන හරක් නොවන්නේ හාර ලක්ෂයක් පමණයි. කවදාවත් ලංකාව ගොඩගන්න බැහැ. මහින්ද දැන්මම 19 ගැන හොයනවා.
අපිත් ඔබෙන් ඉවත් උනේ ඔබලා නියම දර්ශනයෙන් පරිබාහිරව වැඩ කරන නිසයි. අපේ කණගාටුව !
දේශමාමක නායකයින්ගේ දූෂණයන් හෙළි කරමින් කෝප් කමිටුව හරහා ඔබ පක්ෂය කළ සේවයටත් ළඟදීම තිත තබාවි...
පව්.
ඔය ගොල්ලන්ට කේස් ස්ටඩි එකක් විදියට හොයා බලලා වැඩ කරන්න තිබ්බ හොඳම නිදර්ශනය තමයි යුද්ධය ඉවර වෙච්ච ගමන් තිබ්බ පළාත් පාලන මැතිවරණය.. එ්කෙන් එතෙක් බලයේ සිටි ජ.වි.පෙ. පත් වුනේ තුන් වන තැනට... එක්සත් ජනතා නිදහස් සන්ධානය පළමු තැන ගත්ත එක සාධාරණයි. මොකද ඒ යුද ජයග්‍රහණයත් එක්ක තිබ්බ මැතිවරණය නිසා.. ඒත් ප්‍රශ්නෙ තිබ්බේ ජ.වි.පෙ ට වඩා යූ.එන්.පී. එක ඡන්ද අරන් දෙවනි තැනට ආවේ කොහොමද කියන එක... ඕ ගොල්ලෝ ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ගැන හොයලා තේරුම් අරන් ක්‍රියාකළා නම් ඉවරයි.. මොකද කොච්චර ලොකු මොලේ තියෙන පොරවල් ඕගොල්ලන්ට ඉන්නවා කියලා කිව්වට මේ වගේ ලොකුලොකු ප්‍රශ්න සැර වැඩියි ඕගොල්ලන්ට තේරුම් ගන්න..
ජේවීපී එකට මෙතරම් ඡන්ද පදනම අඩුවීමට හේතුව වර්තමාන නායකත්වයේ නිසි අරමුණක් දැක්මක් නොමැති බවයි පෙනී යන්නේ... පක්ෂයේ මූලික ප්‍රතිපත්ති වලින් බොහෝ සෙයින් ඈත්වී ඇති බවක් පෙනෙනවා. ඒ වගේම අනුර කුමාර මහතාට වඩා සුනිල් හඳුන්නෙත්ති මහතා පක්ෂ නායකත්වයට පත්කළා නම් මීට වඩා පක්ෂය ඉදිරියට ගෙනෙන්න හැකි වේවි. ඔහු සමාජවාදයට ගරු කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති තුළ ක්‍රියාකරන පුද්ගලයෙක් ලෙස දකින්න පුළුවන්. ඒ වගේම කෝප් කමිටු නායකත්වය තුළින් ඔහු තුළ ඇති ප්‍රතිපත්ති ගරුක බව හොඳින් පැහැදිලි වෙනවා. පක්ෂය තුළ ඒ වෙනස සිදුවුවහොත් ජනතාව පක්ෂයේ ප්‍රතිපත්ති මීට වඩා වටහාගනීවි. ජනතාවට, රටට අවශ්‍ය වන්නේ විවේචන මත පමණක් පිහිටා කටයුතු කරන නායකයෙකුට වඩා තර්කානුකූලව, බුද්ධිමත්ව කටයුතු කරන නායකයින්ය. එය මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වෙනවා.
අප, අප ගැන අසීමිත තක්සේරුවක් කරගෙන ඔලුව උදුම්මා ගෙන සිටීම, මම සුදනා අනිත් අය ඔක්කොම හොරු, සහ පට්ටපල් බොරු කීම වැනි උපදෙස් අනුව අප ක්‍රියා කරන්නේ නම් අපට අනාගතයක් නොමැති බව කොයි කවුරුත් සිහිතබාගත යුතුය. සජිත්ට, අනුරට පමණක් නොව මෙය ගෝඨාටත් අප සියල්ලෝටම පොදුය.
කියපු බොරුවලට නිවැරදි උත්තරය හම්බවෙලා තියෙනවා. අනුන්ට වන්දි භට්ටකම් නොකර අවංකවම දේශපාලනය කරා නම් මෙහෙම වෙන්නේ නැහැ.
ආදරණීය ( රතු කොළ =) කළු සහෝදරය, ඔබ ලැබූ පරාජය දැන් අමතක කර නැවත වරක් කොළ පාට සහෝදර යන් සමග එකතු වී ඔබගේ ජයග්‍රහණය කරා යාමට ඔබට ශක්තිය ලැබේව! ආමෙන් !
ඔය තරගයට මැදිහත් නොවී එළියේ ඉඳන් තම සටන ගෙනිච්චනම් ඔයිට වඩා හොඳයිනේ?