IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’

(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී ජීවිතයද, මරණයද යැයි සිතා ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයි සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කොළඹදී අද(13) පැවැසීය.
 
ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයාමට නම් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කළ යුතු බවත් පැවසූ තේනුවර මහතා  ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙන් ජනතාවට සුදු වෑන් එකෙන් අවසන් ගමන් යාමට සිදුවනු ඇති බවත්  සඳහන් කළේය.
 
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීය.
 
 “පසුගිය 9 වනදා නව නගර ශාලාවේදී මම කළ ප‍්‍රකාශයකට වැරදි  අර්ථකතන ලබා දෙමින් විද්‍යුත් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වුණා. රණවිරුවන්ට මා කෙරෙහි වෛරයක්  ඇති වන ලෙසට එය ප‍්‍රචාරය කර තිබුණා. මේ තරම් මාධ්‍ය නිදහසක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්  තිබෙන රටක  මාධ්‍ය තමන්ගේ වගකීම වැරදි ලෙස පාවිච්චි කිරීම ගැන මම කනගාටු වෙනවා.
 
මාධ්‍යවේදීන් මේ කටයුත්ත කළ බව මම විශ්වාස කරන්නේ නැහැ. යම් කිසි දේශපාලන උවමනාවක් මත  මගේ කතාව විකෘති කර ඇති බව මගේ හැඟීමයි.  මගේ කතාව විකෘති නොකර  නිවැරදි හඬපඨය ප‍්‍රචාරය කරන ලෙට එම මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටිනවා.

රණවිරුගාය කියන  වචනය උපයෝගී කරගනිමින් මෙලෙස මගේ හඬපට නිකුත් කලා.  මම මේ ප‍්‍රකාශය කළේ රණවිරුවන්  ඉලක්ක කරමින් නොවෙයි. රණවිරුවන්  පාවිච්චි කළ, දඩයම් කළ අය අද රණවිරුගායකින් පෙළෙන බවයි මම ප‍්‍රකාශ කළේ. දේශපාලන  වාසි ලබා ගැනීමට  ඊනියා රණවිරු පේ‍්‍රමයක් දක්වන අයට තමයි මේ රණවිරුගාය වැළඳිලා තියෙන්නේ.
 
සැබෑ රණවිරුවන්ට අපේ ප‍්‍රණාමය තියෙනවා.  ඒ නිසා තමයි අපි ඔවුන්ව කාණු සුද්ධ කරන්න දැම්මේ නැත්තේ, මන්දිර වල වැඩට යෙදෙව්වේ නැත්තේ. මේ රජය යටතේ සැබෑ රණවිරුවන්ට නියම ගෞරවය ලබා  දීලා තියෙනවා. අද ඔවුන් ආත්ම අභිමානයෙන් තමන්ගේ  වෘත්තියේ  නියැලෙනවා.
 
ජනතාවට තමන්ගේ පාලකයා තෝරා ගැනීමේ අවස්ථාව දැන් උදාවෙලා තියෙනවා. මේ අපේක්ෂකයන් දිහා බලපුවහම ජීවිතයද මරනයද  කියන තීරණය ගන්න අද ජනතාවට සිදුවෙලා තියෙනවා.  ජීවිතය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙනයන්නනම්  සජිත් පේ‍්‍රමදාස මහතාත් සමග  තමයි යන්න වෙන්නේ. මරණය නම් සුදු වෑන් එකේ යන්න පුලුවන් කම තියෙනවා.
 
රාජපක්ෂ යුගයේදී  දඩයම් කළේ මාධ්‍යයි. ලසන්තට වෙච්ච දේ, ප‍්‍රගීත් එක්නැලිගොඩට වෙච්ච දේ නැවත වෙන්න ඉඩ තියන්න බැහැ. මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට  නැවත ඇමරිකාවට ගොස් විවේක සුවය ගත කරන්න අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

‘ජනපතිවරණයේදී ජීවිතයද මරණයදැයි සිතා ජනතාව තීරණයක් ගතයුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site