IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිවරණයට දිවයින පුරා ආපදා සහන සැලැස්මක්

(රංජන් කස්තුරි)
 
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයින පුරා ආපදා සහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන් සහ රාජ්‍ය ආයතන 22ක් ඒකාබද්ධව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
 
නොවැම්බර් 14 වන දින සිට 19 වැනි දින දක්වා කාලය තුළ දිනපතා පැය 24ක් පුරා එම ආපදා සහන සැලැස්ම ක්‍රියාවට නංවන බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
 
එම කාලය තුළ ජලගැලීම්, කඳු කඩාවැටීම්, වල් අලි තර්ජන ආදියෙන් ඡන්දදායකයින් බේරාගැනීම සඳහාත් ඔවුන්ට නිදහසේ ඡන්ද මධ්‍යස්ථාන කරා යාමට අවස්ථා සැලසීම සඳහාත් මෙය ක්‍රියාත්මක වේ.



අදහස් (3)

ජනපතිවරණයට දිවයින පුරා ආපදා සහන සැලැස්මක්

චමින්ද Sunday, 10 November 2019 12:53 AM

14 සිට නොවෙයි දැන් සිටම සහන සැලසීම කළ යුතුයි. දැනටමත් මේ පළාතේනම් හාල් වැනි ආහාර ද්‍රව්‍යයත් ගෑස් වැනි දේත් නැහැ. පවතින රජය අපකීර්තියට පත්කිරීමට කවුරු හෝ මේවා සැලසුම් සහගතව කරනවාද හිතෙනවා. අඩුම තරමින් සතොස ආයතනයේවත් පසුගිය දිනවල හාල් තිබුනේ නැහැ.

:       0       0

Bamunuarachchi Sunday, 10 November 2019 06:41 AM

ජනාධිපතිවරණයෙන් කරුමෙකට සජිත් දින්නොත් තව අවුරුදු 5 කට දිවයින පුරා ආපදා සහන සැලැස්මක් හදන්න වේවි.

:       0       0

අප්පුහාමිMonday, 11 November 2019 01:54 PM

සජිත් පමණක් නොවේ, ගෝඨාභය දිනුවත් වෙන්නේ එකම දෙයයි. අපි 1948දී නිදහස ලබා 2020.02.04 දිනට අවුරුදු 72 ක් වෙනවා. එක්දහස් නවසිය පනස්ගණන්වල පාසැල්වල ඉගැන්වූ ආකාරයට අපි තවමත් ශ්‍රීලංකාව දියුණුවෙමින් සිටින රටක් යැයි කියා දරුවන්ට උගන්වමින් සිටිමුද? බමුණුතුමෝ ඔබේ අදහස් මෙවර ඉටු නොවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site