ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්මානයක් ලබාදී තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වී අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් එම සම්මානය පිරිනමා ඇත.
දිවයිනට පැමිණ සිටින ස්ටෝක් මහතා අද (27) ජනාධිපති කාර්යාලයේ දී එම සම්මානය පිරිනමනු ලැබීය.
ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රි ලංකා පොලිසිය සහ බුද්ධි අංශය එම අවස්ථාවේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා සිය ප්‍රශංසාව පළ කර තිබේ.
(28535)
COMMENTS
" අල්ලපු හොරෙකුත් නැති නිසා " තරගයෙන් නිතරගයෙන්ම ජයග්‍රහණය කර ඇති බව සතුටින් දන්වන්නෙමු.
අනිච්චන් දුක්ඛං . ජාත්‍යන්තර පොලිසියත් බාල්දුවෙලා තියෙන තරමක්.
කොහේ අල්ලපු කෙනෙක්ද? අනික කොහේ දුන්න දඩුවමක්ද? මම නම් දන්නා තරමට කිසිම කෙනෙක්ට කිසිම දඩුවමක් දීල නැහැ. සම්මාන දෙන මිනිස්සුන්ගේ ඔලුව විකාර වෙලාද? මුල ඉදන්ම මම දන්නේ නැහැ. මාව දැනුවත් කලේ නැහැ කියපු මිනිස්සුන්ට තව සම්මාන . රටක් හිනස්සන කතා මේවා. අනික ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රි ලංකා පොලීසිය සහ බුද්ධි අංශය මොනවද කලේ ? අරයට මෙයාට බෝලේ පාස් කරලා . බෝම්බේ ගැහුවට පස්සේ ක්‍රියා කරපු විදියට සම්මාන දෙන්න ඕන. එහෙම දෙයක් වෙන්න කලින් වලක්වපු කෙනෙක් හිටියනම් අන්න එයාට ඕන සම්මාන දෙන්න. නිකරුනේ අහිංසක මිනිස්සු ටිකක් මැරිලා ගියා. රටේ ලොකු මිනිස්සු අකුණු ගහන වෙලාවට එලියට බහින්න එපා... කෝකටත්
මේකම ඇති ආයෙත් ඡන්දෙ ඉල්ලන්න .
අනේ මන්දා මේ ලෝකේ කැරකෙන පැත්ත වෙනස්ද කියලා වෙලාවකට හිතෙනවා .
හිනා වෙන්න එපා. අර්ජුන් මහේන්ද්‍රන්ට රතු නිවේදන යවල වෙන්න ඇති .
මේ වගේ ප්‍රවෘත්ති දකින්න තරම් අපි පව් කරලා තිබ්බනේ .
එහමනං අපේ සිරිසේන ජනපති ලෝකේ හොඳම ආරක්ෂක ඇමති. ලෝකේ හොඳම මුදල් ඇමතිත්, හොඳම සෞඛ්‍ය ඇමැතිත්, හොඳම ආරක්ෂක ඇමැතිත් අපේ රටේ.
යන්තම් ඇති එහොල්ලොවත් හොඳක් කිව්වා. මේපාර චන්දෙන් පස්සේ අඩු තරමින් පොලිසියටවත් ගනියි නේ?
මේ ලෝකයම මහා විහිළුවක් බව නැවත ඔප්පු වී ඇත.
සම්මානයට හේතු පාටය , මිනුස්සු 259ක් මැරෙනකම් බලන් හිටි ආරක්ෂක ඇමති !
අල්ලපු ඔක්කොම නිදහස් කරපු එකට වෙන්න ඇති.
මේවා මේ රට්ටු හිනස්සන විකාර. එදා වලක්වා ගන්න තිබුන බෝම්බ නස්පැත්තිය කලින් දැනගෙන රට පැන්නට වෙන්නැති. අගමැති තුමා ආරක්‍ෂක මන්ඩලය රැස් කරලා ආරක්‍ෂාව තහවුරු කරන්න හදද්දී,ය් හමුදා ප්‍රධානීන්ට සහ නිළධාරීන්ට යන්න එපා කියලා කඩාකප්පල් කරන්න හැදුවට වෙන්නැති. සමන්ත
දැන දැනම බෝම්බ පුපුරවාගත්තාට වෙන්ට ඇති....
ඒ අහවල් එකක් කලාට ද ? ජාත්‍යන්තර පොලිසියට අමු කැවිලා වගේ ... බුද්ධි අංශ වල වාර්තා ලාච්චුවේ ගහලා බොම්බේ පුපුරනකල් නීරෝ වීනා ගැහුවා වගේ සිංගප්පුරු සවාරි ගැහුවට ද ?
ඔන්න අපේ ලෝක පොලිස් කාරයෝ ටික උඩින් අදහස් පලකරලා තියනවා.
උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් සහභාගිත්වයෙන් 1975 යාපනයේ පැවැත්වූ ජාත්‍යන්තර දෙමල සංවිධානයේ රැස්වීමක් අවසානයේ අන්ත ජාතිවාදී රථ පෙළපාලියක් යත්දී එදා හිටි අගමැතිනිගේ අණපරිදි යාපනයේ නගරදිපති වූ දොරේඅප්පා පොලිසිය යොදවා ඒ පෙළපාලිය විසුරුවහරිත්දී පෙළපාලි කරුවන් 14-දෙනෙකු ඝාතනය වීම නිසා දොරෙඅප්පවත් මරා උතුරු නැගෙනහිර දෙමල-මුස්ලිම් පිරිස් ඊලාම් යුද්ධය ඇතිකර ඔවුන්ගේ ඒකාධිකාරයක්ව පවතී ආනයන අපනයන ප්‍රවාහන ක්‍රියාවලිය අක්‍රිය කර කන්න අදින්න නැති ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිගයක් ඇතිකර හාල් පොලු මිරිස් පොලු දමා පාර්ලිමේන්තුවේත් බතල මයියොක්ක කන්න නියමවූ යුගයක් බිහිවී රජය රූකඩයක් වී තිබියදී 1977දි 5/6 ක් බලයකින් ජේආර් බලයට ඇවිත් නැවතූ ඒ යුද්ධය නැවත 1983දි කලුජුලිය නිසා මතු වූ 30 අවරුදු ඊලාම් යුද්ධය ඇතිවීමට හේතු උනේ 1975දි පැවැති රාජ්‍ය නායිකාවගේ වැරදි තීන්දුව නිසාය.
ත්‍රසතවාදීන් සමබන්දව කලින් ක්‍රියාකර බෝම්බ සිද්ධිය වැලක් වූවානම් මේ සම්මානය ලැබෙන්නේ නැත. එමනිසා ගත යුතු ආදර්ශය ත්‍රස්තවාදීන් සමබන්දව කලින් ක්‍රීයා නොකළයුතු බවයි.
මේ සම්මානය මෛත්‍රීට ලැබෙන්නේ මොහුත් ලංකාවේ නැති වෙලේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරුණු අවස්ථාවේ රනිල් ස්ථානෝචිත ප්‍රඥාවෙන් බාධක මැඩගෙන ඒ සිද්ධියට මූලික වූ පුද්ගලයින් පොලිසිය හා හමුදාව ලවා ඒ සිද්ධිය වී පැය කිහිපයකින් අත්අඩංගුවට පත්කිරීමට ක්‍රියාකර ඒ තුලින් අද දක්වා සිදුවෙමින් තිබෙන මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් කරගන යන්න නිසිකළ නිසිමග පෑදු නිසයි. මෛත්‍රීට ලැබෙන මේ සම්මානය රටට ගෞරවයක්... කළයුතු දේ කාටවත් දොස් නොපවරා අධිකරණය මගින් නිසි විසඳුම කරා ලඟාවීමට මගපෑදීම රනිල්ගේ මහත්මාගතිය පිළිබිඹු කිරීමකි.
වෙන රටක කෙනෙකුට දෙන්න ඕන එකක් මොහුට ලැබිලා. සම්මාන දෙනකොට ඔහොම වැරදීම් සිදුවෙනවා..
රටකට ගිය කලක්. කටුවපිටිය සහ එකවර බෝම්බ 8ක් පිපිරීම වෙනුවෙන් සම්මානයක් .