IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය සඳහා ලබන (29) වැනිදා ඉන්දියාව බලා යාමට නියමිතය.  

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (19) පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඊයේ රාත්‍රියේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අතර ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 29 වැනිදා ඉන්දියාවේ සංචාරය කරනු ඇත.

ඒ බව සඳහන් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇති බවත් දෙරටටම ප්‍රතිලාභ ගෙනෙමින් සාමය, සංවර්ධනය, සෞභාග්‍යය සහ ආරක්ෂාව වර්ධනය වනු ඇති බවත් සඳහන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පණිවුඩය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්විණි.  

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ආචාර්ය ෂිල්පක් අම්බුලේ සහ එම අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප සම්බන්ධීකරණ ලේකම් අමිත් නාරන්ග් යන මහත්වරු ද මෙරටට පැමිණියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අතර පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද සහභාගී විය.

ඡායාරූප - ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ට්විටර් ගිණුමෙනි.



අදහස් (9)

ජනපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

Mf Tuesday, 19 November 2019 04:47 PM

සුභ ගමන්. ඉඟුරු දීලා මිරිස් ගන්න එපා.

:       0       24

Shan Tuesday, 19 November 2019 05:28 PM

මෙන්න මේක තමයි වෙනස. ගෙදරට ඇවිත් බුලත් දීලා ආරාධනා කරන්නේ.

:       408       152

Chathuri Tuesday, 19 November 2019 05:35 PM

මේ ෆොටෝ එකේ තියෙන විදියට වායු සමීකරණ යන්ත්‍රය අමුත්තන් පිළිගන්න කාමරවල තියන්නේ නැහැ පේන්න කැතයි. අපිට ලොකු දෙයක් වුනාට ඉස්සර මැද පෙරදිග ගිහින් ආවාම ශීතකරණය සාලේ මැද

:       283       104

මුණසිංහWednesday, 20 November 2019 02:01 AM

ඔන්න බරපතලම ප්‍රශ්නය, ඕක තමා කියන්නේ අපේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා. අනවශ්‍ය දේම තමා කතා කරන්නේ.

:       83       259

He heWednesday, 20 November 2019 03:33 AM

ඕක එයාර් ෆිල්ටර් එකක්

:       0       17

Rasika PradeepWednesday, 20 November 2019 04:38 AM

ඉන්දියාව සහ ලංකාව අතර රාජතාන්ත්‍රික වශයෙන් බලපාන විශාලම අභියෝගය පෙන්වාදුන් ඔබට ජාතියේ උත්තමාචාරය !!!!!

:       0       25

ඛේමා Wednesday, 20 November 2019 03:22 AM

ඉන්දියාව හොඳින් තබා ගැනීම වැදගත් වගේම යුද්ධයෙදී ආධාර දුන් චීනය සහ පකිස්ථානය තරහකරනොගනීමත් ඉතා වැදගත් වේ.

:       0       35

He he Wednesday, 20 November 2019 03:31 AM

ඕක ඒසී එකක් නොවෙයි එයාර් ෆිල්ටර් එකක්.

:       0       23

bule Wednesday, 20 November 2019 04:26 AM

බිමට දාල තියෙන්නේ රතු සිමෙන්ති... මන්දිරවල ඉන්නේ නැති බව ක්‍රියාවෙන්ම පේනවා... ආඩම්බරයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site