(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් ව්‍යාජව පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන පවසා පුද්ගලයකුගෙන් රුපියල් 24,000 ක් වංචා කළ පුද්ගලයකු ගම්පහ වීරගුල දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (3) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන්නෙකු බව පොලිසිය කියයි.
සැකකරු ඉකුත් දෙසැම්බර් මස දිනක පැමිණිලිකරුට කථා කර තමන් ජනාධිපතිවරයා සමීපයේ කටයුතු කරන පොලිස් පරීක්ෂකවරයෙක් බවත් ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් යටතේ ඉතා අඩු මුදලට ජර්මනියේ රැකියා ලබා දිය හැකි බවට පවසා මුදල් බැංකු ගතකරගෙන ඇත.
පැමිණිලිකරු කථා කරන අවස්ථාවලදී තමන් ජනාධිපතිවරයා සමඟ සිටින බවත්, නැතහොත් ජනාධිපතිවරයා කොළඹින් පිට සිටින බවත් දැනුම් දෙන බවත් පැමිණිලිකරුට සැකකරු සම්බන්ධයෙන් ඇති වු සැකයක් අනුව ඔහු සිද්ධිය බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හමුවට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩිදෙනෙක් පුවත්පත් හෝ වෙනත් මාධ්‍ය මගින් ජනාධිපතිතුමා කියා දේ දැනගන්නේ නැද්ද? එසේ කරනවා නම් මෙවැනි වංචාකාරයින්ට රැවටෙන්න තරම් මෝඩද?
ජාතියේ න්‍යාය පත්‍රයේ පරිසර විනාශය නැහැ. අනේ පින් සිද්ද වෙයි හලාවත මැදගම ප්‍රදේශයම විනාශ කරන පස් කළුවා හෙවත් ඌරලියේ චයිනීස් චමින්ද කියන වසවර්තියාගෙන් පරිසරය බේරාදෙන්න. එන හැම ආණ්ඩුවකම දේශපාලකයන් අල්ලන් මේ සතා ඉඩම් අරන් පස් කපනවා. කොට කන්ද කියන විශාල කන්දක්ම කැපුවා. ඉඩම් අරන් පස්කපලා, වැලිහෝදලා ප්‍රදේශය පුරාම වලවල්... වතුර අඩුවෙලා ප්‍රදේශයම විනාශ කරනවා.
ඒත් බොන්ඩ් හොරු එළියේ.. කෝටි ගණන් ගසා කාලා තිබුණා නම් තවම එළියේ..