
(අජන්ත කුමාර අගලකඩ)
රජය ආරම්භ කර ඇති කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කර ඇත .
ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට ඊයේ (06)දුරකථන ඇමතුමක් දෙමින් මෙම ආරාධනය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවක් අතරතුර විපක්ෂ නායකවරයාට දුරකථන ඇමතුමක් ගෙන ඇති ජනාධිපතිවරයා කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විරුද්ධදැයි විමසා ඇති බව ද වාර්තා වේ .
ඊට පිළිතුරු දී ඇති විපක්ෂ නායකවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ එහි නිලධාරීන්ගේ පැත්තෙන් විශාල චෝදනා පත්‍රයක් ඇවිත් තිබෙන බව සදහන් කර ඇතැයි දැනගන්නට තිබේ .
අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට කතා කර ඇති ජනාධිපතිවරයා කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රසිද්ධ වී ඇද්දැයි විමසා ඇති අතර එවැනි ලියවිල්ලක් නැති බව එම නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ .
කෙසේ නමුත් ,මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට ආරාධනය කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2018 ඔක්තෝබර් සිදු වීම අමතක නොකරමු
ආරාධනය පිලිගන්දෝ නොගන්දෝ සිතන්නෙමි.....
වැඩිපුරම ගොවි සංගම් එක්ක සම්බන්ධ ජවිපෙ නායකයන්ටත් ආරාධනා කරන්නකෝ...
කාබනික පොහොරට එරෙහිව කොමෙන්ටු මගින් තප්පුලන උන්දැලාත් ඒ සාකච්ඡාවට සහභාගි කරගත්තොත් හොදයි.
රන්ජන් කොල්ල නිදහස් කරගන්නත් පුලුවන්නම් වචනයක් දාන්න .
අන්න නියම වැඩේ.ඔය මිනිහ හොඳ ඔය ගොම වැඩ වලට තමයි.
පනින්න පෙර සිතා බලනු කියන්නේ මේ නිසයි .ඔය කාබනික භාවිතය ගැන තීරණය කරන්න තිබුනේ ගැඹුරින් සොයා බලා .ඒ පොහොර භාවිත කරන විට අස්වැන්න හුඟක් අඩු වෙනවා .අපි කරේ මුලින්ම කාබනික පොහොර ගැන අඬ බෙර ගැසීමයි .දැන් අමාරුවේ වැටිලා තියෙන්නේ