IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ජනපතිගෙන් විදුලි ඇමති රවීට නියෝගයක්

(අජන්ත කුමාර අගලකඩ)

තුර්කි සමාගමකට අයත් විදුලි බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති වාර්තාව සහ මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් අනුමැතිය දී ඇති වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක මහතාට අද (06) පෙරවරුවේ දී  දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාලයේ අද (06) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම දැනුම් දී ඇත.

කොළඹ වරායේ සහ ගාලු වරායේ නවතා තිබෙන නැව් දෙකක සවිකෙරෙන විදුලි බලාගාර දෙකකින් මෙගාවොට් 320 ක විදුලිය මිලදී ගැනීම සඳහා ඇමැති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද දිනයේදී විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මෙම යෝජනාව මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉදිරිපත් වී තිබූ නමුත් ඊට නීතිපතිවරයාගේ අනුමැතියක් නැතැයි කියමින් මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළකර තිබිණි.

කැබිනට් සංදේශය ඊයේ දිනයේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඊට නීතිපතිවරයාගේ අනුමැතියක් ගෙන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියක් නැතැයි කියමින් මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අදාළ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ වාර්තාව සහ මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතිය දී ඇති වාර්තාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත.



අදහස් (6)

ජනපතිගෙන් විදුලි ඇමති රවීට නියෝගයක්

ලුම්බිණි Wednesday, 07 August 2019 12:21 AM

මේ මොනවද කරන්නේ? දිගු කාලින වැඩපිළිවෙලක් හදා ගන්න රටට විදුලිය දෙන්න. මෙහෙම පුලුවන්ද ප්‍රශ්න විසඳන්න.

:       0       39

මුණසිංහ Wednesday, 07 August 2019 02:21 AM

රවි-මංගල යුද්ධයේ තවත් ප්‍රතිඵලයක්.....කවුරු දිනයිද?

:       0       10

maheel Wednesday, 07 August 2019 04:38 AM

වෙනසක් හොඳක් බලාපොරොත්තුවෙන් මාත් ඡන්දෙ දීලා දැන් ගෙදරිනුත් බැනුම් අහනවා. අපි ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන්නෙ නෑ. කරාපු ටෙක් කෝස් එකෙන් දෙයියනේ කියල ජීවත් වෙන්නෙ. විදුලිය කැපුවම කොහොමද රස්සාව කරන්නෙ. ආණ්ඩුවට මිනිස්සුන්ගෙ ප්‍රශ්න ‍රටේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැහැනෙ. තමුන්ගෙ ගෙදර කචල් එක්ක

:       1       53

jayath Wednesday, 07 August 2019 05:30 AM

මේක පිටිපස්සේ තියෙන්නේ වෙන කතාවක් කියලා තමයි රට්ටු කියන්නේ මංගල හදනවා සජිත්ගේ පිටේ නැගලා‍ තමන්ට මේ තාක් බැරිවුණු අගමැති සිහිනය සැබෑ කරගන්න. (මහින්ද ඕක එදා දුන්නා‍ නම් මංගල තාමත් මහින්ද ළඟ)... ඔය විවිධ වේශවලින් එළියට එන්නේ ඕක මිසක් වෙන මොකුත් නෙමෙයි..!

:       0       0

himal Wednesday, 07 August 2019 06:22 AM

ප්‍රවෘත්තියේ කොහෙවත් නියෝගයක් දීපු කතාවක් නෑනේ. අනික මුදල් ඇමති, විදුලිබල ඇමතිගෙන් කැබිනට් සංදේශයකට අදාළව ලියවිලි ඉල්ලපු බවක් මේ පුවතේ තියෙන්නේ. ඒක තුළ තියෙන රටේ විදුලි අර්බුදය පැත්තකින් තියලා වෙනත් දෙයක් උලුප්පන්න හදන්නේ ඇයි? මේ විදුලි අර්බුදය එන්න ආසන්නතම හේතුව සාම්පූර් බලාගාරයේ ප්‍රමාදයයි.

:       0       0

dilal Wednesday, 07 August 2019 06:27 AM

ටෙන්ඩර් අර්බුදයක් නිසා රංජිත් සියඹලා පිටිය විදුලිබල ඇමැති කාලේ ඉඳලම ඇදීඑන විදුලු බලාගාරයක් ඉදිකිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා නේද? ලංකාවේ සමාගමක් අඩු ටෙන්ඩරය ඉදිරිපත්කර තිබෙනවා. නමුත් මේ ඇමතිවරු දෙදෙනාම වැඩිමිල ඉදිරිපත්කර ඇති චීන සමාගමකට ටෙන්ඩරය දෙන්න හදනවා කියා... දැන් ඒ විදුලි බලාගාරය ඉදිකිරීම අතහැර දැම්මද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site