IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට බලපෑම් කළ අයෙකුට සිතාසි

(තිළිණි ද සිල්වා)

වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට එරෙහිව බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ නීති නිලධාරියෙකුට අනිද්දා (21) එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අද (19)  සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

වත්මන් රජයේ ආයතන වල වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ නීති නිලධාරී ලයනල් ගුණසේකර නැමැත්තාට එරෙහිවය.

සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ සිදුව ඇතැයි කියන මහ පරිමාණ දූෂණ හා වංචා සිද්ධීන් සම්බන්ධයෙන් එහි සේවක පිරිසක් ගොනු කර ඇති පැමිණිල්ල අද ජනාධිපති කොමිසම හමුවේ කැඳවිණි.

එම පැමිණිල්ලට අදාළව මීට පෙර එම කොමිසම හමුවේ සාක්කි දුන් එම ආයතනයේ අභ්‍යන්තර විගණකවරයෙකු වන මහින්ද ජයසේකර මහතාට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරමින් එම නීති නිලධාරියා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සාක්කිකාර ජයසේකර මහතා අද (19)  ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.

එසේම වසර ගණනාවක සිට සේවය කළ තමාට මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දීම නිසා සේවා ගැටලු ගණනාවකට මුහුණ දීමටද සිදුව ඇති බව සාක්කිකාර ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළ එම කරුණු සැලකිල්ලට ගත් කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ජනාධිපති කොමිසමක සාක්කිකරුවෙකුට එලෙස තර්ජන හෝ බලපෑම් එල්ල කළ නොහැකි බවය.

සාක්කිකරුවන් රැක ගැනීම වෙනුවෙන් එවැනි  ආකාරයෙන් කටයුතු කරන්නන්ට එරෙහිව ජනාධිපති කොමිසම දැඩි පියවර ගන්නා බවද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

ඒ අනුව අදාළ සාක්කිකරුට බලපෑම් එල්ල කළ යැයි පැවසෙන සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ නීති නිලධාරියාට අනිද්දා (21) පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසමේ සභාපතිවරයා සිතාසි නිකුත් කළේය.



අදහස් (0)

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට බලපෑම් කළ අයෙකුට සිතාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 69 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site