IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

(තිළිණි ද සිල්වා)
 
වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ, අක‍්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 3 කට දීර්ඝ කර ඇත.
 
එම කොමිසමේ නිල කාලය ලබන  18 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර, එය යළි මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමත් සමඟ ඔක්තෝම්බර් 18 වනදා දක්වා එහි නිල කාලය බලාත්මක වන බව එම කොමිසමේ ප‍්‍රකාශකවරයෙක් ලංකාදීපයට පැවසීය. 
 
ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස නිල කාලය දීර්ඝ කර ඇති බවත්, ඊට අදාළව ජනාධිපතිවරයා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇති බවත් එම කොමිෂන් සභාවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
 
2015 ජනවාරි 14 වනදා සිට 2018 දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාල සීමාව තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ ඉකුත් ජනවාරි 16 වැනිදාය.
 
ඒ අනුව රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට එරෙහිව එම ජනාධිපති කොමිසම හමුවේ පැමිණිලි රැසක් විභාගවෙමින් පවතින බව ද එම කොමිසමේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේය.
 
මෙහි සභාපති වශයෙන් විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, විශ‍්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ,  විශ්‍රාමලත් අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ලලිත් ආර්.ද සිල්වා,  රජයේ හිටපු විගණකාධිපති පී.ඒ.පේ‍්‍රමතිලක යන මහත්ම මහත්මීහු  එහි සෙසු සාමාජිකවරු වෙති.



අදහස් (2)

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Amila Sunday, 14 July 2019 01:19 PM

නිකන් ශෝභන කොමිටි දාගෙන මහජන මුදල් කනවා ආපූ දවසේ සිටම.

:       0       5

sinnapora Monday, 15 July 2019 12:11 AM

වැඩ බැරි අයගේ වැඩ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site