
(එම් .සුසිල් ප්‍රියන්ත)
ජනපති ලබාදුන් සය මාසික ලීසිං සහනය ප්‍රෝඩාවක් වී ඇති බවත් ජනපති නියමය නොතකන ලීසිං සමාගම තමන්ට ලීසිං වාරික ගෙවන ලෙසට බල කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (10) පැවසීය.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසාද් මහතා මෙසේ ද කීවේය.
‘අපේ ඉල්ලීමට සවන්දුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් ළමයි ප්‍රවාහන සංගම්වල රථවලට මාස හයක ලීසිං සහනය දෙනවා කියලා මහා මැතිවරණයට පෙර කුරුණෑගල දී ප්‍රකාශ කළා. එයට විශාල මාධ්‍ය ප්‍රචාරයකුත් ලැබුණා. නමුත් එය මාධ්‍ය ප්‍රකාශයක් විතරයි කියලයි අපි හිතන්නේ. තමන්ට එහෙම සහනයක් දෙන්න කියලා චක්‍ර ලේඛනයක් ඒවා නැති බව කියමින් ලීසිං සමාගම් අපෙන් ලීසිං වාරික අයකර ගන්න දැඩි උත්සහායක නිරත වෙනවා.’
‘ලීසිං වාරික නොගෙව්වොත් දඩ පොලී අයකරන බව එම සමාගම් කියනවා.එහෙම නැත්නම් වාහන තමන්ට ගන්න සිද්ධවෙන බව ලීසිං සමාගම් කියනවා. කොරෝනා ව්‍යසනයෙන් හරි හමන් ආදායමක් නැති අපි දැන් වැටිලා ඉන්නේ කබලෙන් ලිපටයි. මේ සදහා රජය නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් ඒ වෙනුවෙන් සටන් කරන්න අපිට පාරට බහින්න සිද්ධ වෙනවා.’
‘පෞද්ගලික මගී ප්‍රවාහන සේවා බස් රථවලට ලීසිං වාරික සදහා පොලිය 4% යි. අපිට 11.5% යි.මේක ලොකු අසාධාරණයක් අපිත් කරන්නේ ලොකු සේවයක් .මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.’
2025 දෙසැම්බර් මස 18
360
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති දුන් ලීසිං සහනය ප්‍රෝඩාවක් වෙලාලු
අශේන් Thursday, 10 September 2020 07:59 AM
ඔයාලා කබලේ නම් මෙච්චර කල් හිටියේ, මේ ආණ්ඩුවට ඡන්දය දුන් අය වෙන්න බැහැ. ඔබේ ප්‍රශ්න කරුණාකර සමගි ජනබල මන්ත්‍රීලාට ඉදිරිපත් කරන්න.
priyantha. Thursday, 10 September 2020 11:18 AM
සේරම බොරු තමයි. ණයක් ගත්තා සහන දෙනවා කියලා ගෙවපු නැති මාස 06ට විශාල පොලියක් දාලා ලියුම ගෙදරට එවලා. ඉතින් ඔන්න ඕකයි තත්වය.