IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ආයාචනයක්

(විනීතා එම් ගමගේ)

ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ සමයේ දී තමන් එකී තනතුරට සුදුස්සෙකු බව ක‍්‍රියාකාරිත්වයෙන් ඔප්පු කරන ලෙස පැෆරල් සංවිධානය සියලුම අපේකෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම තමන් ඡන්දය දෙන අපේක්ෂකයා එකී තනතුරට සුදුස්සෙකු දැයි පූර්ව මැතිවරණ සමයේ ඔහුගේ ක‍්‍රියාකාරිත්වයෙන් වටහා ගන්නැයි එම සංවිධානය ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වැඩිම අපේක්ෂකයන්  පිරිසක් තරග කරන මැතිවරණය වන මෙවර ජනාධිපතිවරණයේ දී තියුණු තරගකාරිත්වයක් ඇති විය හැකි බවත් එහි දී තනතුරේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම අපේක්ෂකයන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ද වගකීමකැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත ඇතුළු ජනරජයේ සියලූ නීති ප‍්‍රකාරව කටයුතු කිරීමත්, මැතිවරණ ව්‍යාපාරයේ දී පොලිතින් භාවිතයෙන් බැහැරවීම හා පරිසර හිතකාමි මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමත් අපේකෂකයින්ගෙන් බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

ජනතා කැමැත්ත විෂයෙහි අයුතු බලපෑම් සිදුවන සියුල කි‍්‍රයාවන්ගෙන් වැළකීමත් ඡන්ද දායකයන්ට අල්ලස් දීමෙන් වැළකීමත් වාර්ගික සහ ආගමික වෛරය පැතිරවීම හෝ අනුබල දීම සිදුනොකිරීමත් ඔවුන් වෙතින් බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය බලය හෝ රාජ්‍ය දේපල අයථා ලෙස මැතිවරණ ව්‍යාපාරයට භාවිතා කිරීමෙන් වැළකී යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ලෙස අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව හෙට්ටිආරච්චි මහතා පැවැසීය.    



අදහස් (1)

ජනාධිපති අපේක්ෂකයන්ට විවෘත ආයාචනයක්

Bamunuarachchi Thursday, 10 October 2019 12:24 PM

රට දෙමළ ත්‍රස්තවාදයෙන් බේරාගෙන අවුරුදු 10ක් බෝම්බවලින් රට බේරාගෙන කොළඹ ලස්සන නගරයක් කළ ගෝඨාභය මහතාට වෙන පෙන්වන්න අවශ්‍යතාවයක් නැත. සජිත්ට මොනවාද පෙන්වන්න තිබෙන්නේ? මුකුත්ම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site