(ආරියරත්න රණබාහු)
ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසීය.
මෙම අතුරු සම්මත ගිණුමක් අනුමත වීම හේතුවෙන් දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන ඇති බවත්, මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් තනි පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ බවත් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
පැලවත්ත පක්ෂ මූලස්ථානයේ අද (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප‍්‍රචාරක ලේකම්වරයා මෙසේද කීවේය.
පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊට විරෝධය පෑවා.
නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒකට සහයෝගය දීලා සම්මත කරගත්තා.
මේ නිසා ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 02ක් තනි පුද්ගලයෙකුගේ නඩත්තුවට වෙන්කරගෙන තිබෙනවා. මහජන මුදල් මේ තරම් විශාල ප‍්‍රමාණයක් පුද්ගලයකුගේ නඩත්තුවට වැයකරන්නේ ජනතාව මත අසීමිත බදු බරක්, ජීවන වියදම් බරක්, ණය බරක් පටවා තිබෙන තත්ත්වයක් තුළ. ඒ වගේම සාමාන්‍ය ජනතාවට මුළු ජීවිතයටම වැය නොකරන මුදලක් මහජන ධනයෙන් තනි පුද්ගලයෙකුගේ දවසක වියදමට දරන එක කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. මීට අමතරව ජනාධිපතිවරයා විශ‍්‍රාම යනකොට වරප‍්‍රසාද පැකේජයක් කැබිනට් මණ්ඩලයේදී සම්මත කරදී තිබෙනවා. නිල නිවාසයක්, ආරක්ෂක වාහන, පුද්ගලික වාහන, ඉන්ධන දීමනා වගේ දේවල්වලින් රුපියල් කෝටි 800ක පැකේජයක් අනුමත කරගෙන.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විශ‍්‍රාම යන අවස්ථාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ අක්කර භාගයක ඉඩමක් වෙන්කර ගත්තා. දියවන්නාව මැද මාළිගයක් ඉදිකරන්න අත්තිවාරම් දැම්මා. කණු හිටෙව්වා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ නාස්තිකාර වියදම්, ගොවි ණය කපාහරින්න, සහන මිලට පොහොර දෙන්න යොදවන්න බලකළා. ඒ වගේම 2007 මැයි මාසේ 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් විශ‍්‍රාම යන ජනාධිපතිවරයකුට ලබාදිය යුතු පහසුකම් ගැන නිර්දේශයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව වාසය කරන්න සුදුසු නිවාසයක් නැත්නම්, විශ‍්‍රාමිකයාට සරිලන මුදලක් වැයකරන නිවාසයක් ලබාදීම, පෞද්ගලික ලේකම්වරයෙකු පත්කර ගැනීම, කැබිනට් ඇමතිවරයෙකුට සමාන ආරක්ෂාවක් ලබාදීම, කාර්ය මණ්ඩලය උපරිම වශයෙන් පස්දෙනෙකුට හයදෙනෙකුට ලබාදීම නිර්දේශ දී තිබෙනවා.
අද කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තිබෙන පැකේජය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවටත් විරුද්ධව යාමක්. බලයට පත්වෙන විට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කිව්වේ විශ‍්‍රාම ගියාම පොළොන්නරු ගිහින් කුඹුරු කොටන බවයි. මෙතන තියෙන විශේෂත්වය සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් මේ නාස්තිකාර වියදම් අනුමතකර දීමයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අවුරුදු 71ක් පුරා ජනතාව මත බදු පටවාගෙන ආ මේ පාලන ක‍්‍රමය වෙනස් කරන්න පෙළගැසෙන්න කියලා. ජනාධිපතිවරණ වේදිකාවේ සජිත් පේ‍්‍රමදාස ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා. අනිත් පැත්තෙන් මේ නාස්තිකාර වියදම්වලටත් අත උස්සනවා.
ගෝඨාභය රාජපක්ෂ, සජිත් පේ‍්‍රමදාස දෙන්නා තරගයට එකිනෙකා පරාදකරමින් ලබාදෙන පොරොන්දු ගැන පත්තරවල කාටුන් ශිල්පීන් උපහාසයට ලක්කර තිබෙනවා. අපේ ගැමියෝ යමක් අපේක්ෂාවෙන් භාරහාර වෙනකොට රූපයට රූපයක් දෙන බව කියනවා වගේ මේ දෙගොල්ලෝම පොරොන්දු දෙනවා රූපයට රූපයක් දෙනවා කියලා. පස්සේ පරණ තහඩු කෑල්ලක් දීලා භාර ඔප්පුකරනවා වගේ අද සජිත් පේ‍්‍රමදාසත් ගෝඨාභය රාජපක්ෂත් රූපයට රූපයක් දෙන බව කියමින් යනවා. නමුත් ජාතික ජන බලවේගය ප‍්‍රතිපත්තියක් සහිතව රටක් ගොඩනගන අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් කර තිබෙනවා. විවිධ ක්ෂේත‍්‍රවල බුද්ධිමතුන් වෘත්තීයවේදීන් එකතුවී අධ්‍යාපනය, සෞඛ්‍යය, ප‍්‍රවාහනය, කෘෂිකාර්මික, සංස්කෘතික කටයුතු ජාතික සමගිය වගේ ක්ෂේත‍්‍ර ගණනාවක ප‍්‍රතිපත්තිමය කරුණු ඉදිරිපත්කර තිබෙනවා. ජනතාව මේ සියල්ල දැන් බුද්ධිමය සංවාදයකට ලක්කරමින් ඉන්නවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය - වත්මන් ජනාධිපතිවරයා තුන්කල් බලා කටයුතු කර තිබෙනවා නේද?
පිළිතුර - ඔහු රටේ ජනතාවගේ අනාගතය ගැන කල්පනා නොකළාට ඔහුගේ පෞද්ගලික අනාගතය ගැන තුන් කල් බලා කටයුතු කර තිබෙනවා.
ප‍්‍රශ්නය - රාවුෆ් හකීම් මහතා විශේෂ කාරක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස හෙළා දකිකනවා. ඒ ගැන ඔබේ අදහස
පිළිතුර - කාරක සභා වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඒක ප‍්‍රතික්ෂේප කරන්නේ රාවුෆ් හකීම් ඇමැතිවරයා එහි සිටියා කියලා. නමුත් ඔවුන් මුලින්ම මෙම කාරක සභාවෙන් ඉවත්ව ගියේ රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය මෙම කාරක සභාව මගින් විමර්ශනය කරන බව අගමැතිවරයා කළ ප‍්‍රකාශය නිසයි. මේ අය මෙම ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව බියවැද්දීමට එක එක විදියේ කතා කියනවා. ජනතාව අතර කටකතා පතුරවලා නැති භීතියක් ඇති කරන්න හදනවා. මේ කටකතා පිටුපස පැහැදිලිවම බංකොළොත් දේශපාලන බලවේග කි‍්‍රයාත්මක වෙනවා. ඒ අයට ඕන වෙලා තියෙන්නේ මළ මිනී මතින් ඡුන්දය අරගෙන බලයට ඒමටයි. අපි ඒ කි‍්‍රයාව පිළිකුළෙන් හෙළාදකිනවා.
ප‍්‍රශ්නය - ඇතැම් පක්ෂවල සහ ජනාධිපති අපේක්ෂකයින් කියන කරන කතා නිසා ඡුන්ද දායකයින් අතරමංවී සිටින බවක් පෙනෙනවා නේද?
පිළිතුර - අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතුවෙලා නැහැ. ඔවුන් ප‍්‍රතිපත්ති වශයෙන් පවුල් පාලනයට විරුද්ධයි. ඒ වගේම ඔවුන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයටත් විරුද්ධයි. ඒ පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ආවේ මිස්ටර් ක්ලීන් කියලා. නමුත් බලයට ඇවිත් මාසයක් යෑමට පෙර මහ බැංකුව බිඳලා එයාගේ ක්ලීන් බව පෙන්නුවා. දැන් සජිත් වටේ එකතුවෙලා ඉන්නෙත් ඒ කණ්ඩායමමයි. පිරිසුදු පාලනයක් බිහි කරන බව කියන්නේ පක්ෂය පාවා දී පැන ගිය තිස්ස අත්තනායක වගේ අය ළංකරගෙනයි. මේ අයට කවදාවත් රට ගැනවත් ජනතාව ගැනවත් හැඟීමක් නැහැ. මේ නිසා අවංක පුද්ගලයන් අපගේ ජාතික ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා.
ප‍්‍රශ්නය - හැම පක්ෂයකම මේ සිද්ධ වෙන්නේ ඉතිහාසයේ සිදුවූ එකම කාරණය නේද?
පිළිතුර - මේ වෙලාවෙදී ඔබ ඒ ප‍්‍රශ්නය අහපු එක හොඳයි. මේ 26 වැනිදාට ඒ කියන්නේ හෙටට ඔක්තෝබර් කුමන්ත‍්‍රණයට වසරක් පිරෙනවා. ඒ කුමන්ත‍්‍රණයට මුල් වටයේදීම හවුල්වී එජාපයෙන් පළාගිය ආනන්ද අලූත්ගමගේ, දිනේෂ් ගංකන්ද වගේ පිරිසක් නිසා ඒ කුමන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් වුණා. සජිත් පේ‍්‍රමදාස ඒ පක්ෂයේ ප‍්‍රතිපත්ති පාවාදෙමින් සිටිනවා. එජාපය මරණීය දණ්ඩලයට විරුද්ධයි. නමුත් සජිත් කියනවා ඔහු බලයට ආවම එය කි‍්‍රයාත්මක කරනවා කියලා. මේ නිසා එජාප පාක්ෂිකයින්ගේ විශ්වාසය බිඳවැටිලා.
ප‍්‍රශ්නය - මේ සියලූ දෙනාට ඔබ දෙන පණිවිඩය මොකක්ද?
පිළිතුර - ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කර ගන්න ජාතික ජන බලවේගය සමග එකතු වෙන්න. යථාර්ථවාදී නැවුම් බලාපොරොත්තු සහිතව අප වටා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
COMMENTS
"සරල" ජනාධිපති කෙනෙකු බලාගන්න ඔච්චර වියදම් වෙනවා නම් සරල නැති කෙනෙකුට කොච්චර යයිද අප්පා...?
ජනාධිපති කාර්යාලය වැය ශීර්ෂය යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා නේද?. වැඩිපුර මුදලක් වෙන්කරලා ඇත්තේ ඒ නිසා වෙන්න පුළුවන්.
මේ අය කියන්නේ ඔක්කොම ඇත්ත... ඒ අයගේ ප්‍රතිපත්ති මහජනයාට බොහෝ හිතකර ඒවා... (8 පාස් අයවත්, හොර නීති උපාධි තියෙන අයවත් මෙහෙ නැහැ) උගතුන් රාශියක් මේ පක්ෂය වටා එක්වෙලා තියෙන්නේ...
කවුරු දින්නත් ඔච්චර තමයි ඉස්සරහටත් වෙන්නේ.. මොකද හැම පාලකයින්ම දන්නවා සල්ලි නැතිවුණාට බයවෙන්න දෙයක් නෑ. ණය ඕනෑතරම් ගන්න පුලුවන් කියලා.. මොකද මෝඩ මිනිස්සුන් තමයි ගෙවන්නේ කියලා..
දැන් සජිත්ගේ කට්ටිය ඊමේල් එවන්න පටන් අරගෙන.... හරිම වදයක් මේක...
රජයේ අපේක්ෂා රෝහලේ මොලයේ පිළිකා මඩින්න යන්ත්‍ර 2ක් ගන්න ලක්ෂ 100ක් ඕනේ කියලා සාමාන්‍ය මිනිස්සු එකතුවෙලා මහන්සියෙන් එ්කට සල්ලි හොයනවා. ඒවා එහෙම මේ තක්කඩි දේශපාලුවන්ට පේන්නේ නැත්ද දන්නේ නැහැ...
මෙය තරමක් වැරදි සහගත ප්‍රකාශයකි. මෙහි සඳහන් සියළුම වියදම් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික වියදම් සඳහා පමණක් නොව ජනාධිපති අරමුදලද ඇතුළුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පාලනය වන ඒකක විස්සකට වඩා අධික සංඛ්‍යාවක වැය ශීර්ෂයන්ද මෙම මුදලට අයත් වේ. කවුරුන් ජනාධිපති වුවද මේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයකින් කපා හැරීමට නොහැකිය.
මේ සරල ජනාධිපතිලාට යන වියදම් කතා අහනකොට මහජනයා පරල වෙනවා.
විද්වතුන්ගේ අදහස් යෝජනා මත රට ගොඩනගන සැබෑ යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් අවුරුදු 71ක් තිස්සේ රට ගමන් කළ විනාශකාරී ගමන්මග වෙනස්කර නව යුගයක් කරා ගෙන යා යුතුය.
පවතින මජර දේශපාලනය වෙනස් කිරීම තනි පුද්ගලයෙකුට හෝ කිහිප දෙනෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා සංවිධානාත්මක දැනුවත් ජනතා බලවේගයක් අවශ්‍ය වේ. එවැනි ජනතා බලයක් සහිත සංවිධානාත්මක විකල්ප බලවේගයක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සතුව පවතී.
මේ මුදල සම්මත කරේ අලුතෙන් පත් වෙන ජනාධිපති වෙනුවෙන්. හොර නඩ දෙකම එකතු වෙලා සම්මත කරගෙන තියෙන්නේ. හිතාගෙන ඉන්නේ එයාලගේ අපේක්ෂකයා දිනයි කියලා. එ්ත් මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.
ඔය ගණන් හිලව් දන්නා නිසානේ ඔහෙලා වුණත් ඔය පණ කඩාගෙන රෑ දවල් නැතුව ජනාධිපති තරඟෙට දඟලන්නේ..
මේක හෙන ගහන අපරාධයක්... මාසයකට කෝටි 60ක්...
අනුර ඔයතරම් මහජන මුදල් නාස්ති කරන්නේ නැතිනම්... පුතාගේ වෙඩිමට ලක්ෂ 70ක් වියදම් කළේ ඇයි? ඒ මුදල් කොහෙන්ද?
දුප්පත් රටවල මහජන මුදල් කාබාසීනියා කරන වැඩ...
පිස්සු කෙලින්න එපා හලෝ... කොක්කෙන් හරි, කෙක්කෙන් හරි මේ පාදඩ ආණ්ඩුව පෙරලගන්න අවස්ථාව පැමිණි වෙලාවේ රනිල්ට පන්දම් අල්ලලා ආණ්ඩුව ඔවුන්ට බේරලා දීලා දැන් එනවා අනික් අයගේ සහයෝගය ඉල්ලගෙන...
ජනාධිපති තනතුර නැති කරන එකට හැමෝම විරුද්ධ මොකද කියලා හිතාගන්න පුළුවන්...
සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිඳු ගෙවීමක් නොකරන ලෙස මුදල් අමාත්‍යාංශය නියෝග කරලා තියෙන පසුබිමකයි මේ දේවල් වෙන්නේ...
විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ලබාදිය හැකි පහසුකම් මොනවාදැයි තීරණයකළ පනතක් තියනවා. මේ පනතට පටහැනිව නිවසක් ගත්තේ යැයි අපේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අධිකරණ තීන්දුවක් තිබුණා. මේකත් ඒ වගේද? තවත් එකක්... නාස්තිය, දුෂණය, පොදුදේපල විනාශය ගැන 71,88,89 කාලය ගැනත් සිහිපත් කරගන්න. රජයේ දේපල, ජනතාවගේ දේපල, තරුණ ජීවිත විනාශ කිරීමට මග පෑදුවේ කවුද? මේවා ගැනත් විමර්ශනය කරන්න.
එක්සත් ජාතික පක්ෂයේ කුලී කරුවන් කියන කතා දැන් ජනතාව පිලි ගන්නේ නැත. මාලිමාව භංගවේවා...!!!
ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද මිනිසුන්නේ? ඒ පැත්ත මේ පැත්ත හරව හරවා දෙන්න මෙහෙම ඉන්නම.. ටිකක් හිතපල්ලා.... එක වතාවක් හරි වෙනසක් කරන්න මොලගෙඩි වලින් හිතපල්ලා... යකුනේ, පිටරටක හිටියත් අපේ රට ගැන අපිට දුකයි.
කොළඹින් නිල නිවසක් දුන්නට පස්සේ කීවොත් මම සරල ගමරාල කෙනක්.... මට කුඹුරු කරන කාලෙට, කුඹුරු කොටන්න, පැල හිටවන්න, කුඹුරේ වතුර බඳින්න උදේට, හවසට පොළොන්නරු යන්න තෙල්ගහලා හෙලිකොප්ටරයකුත් දෙන්න කියලා වෙන්නේ... හිටපු රජතුමාම තියාගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. එතකොට අපට නඩත්තු කරන්න වෙන්නේ එක රජපවුලක් පමණි. දැන් පවුල් තුනක් නඩත්තු කරන්න වෙනවා. රැජිනගේ පවුල, හිටපු රජතුමාගේ පවුල, දැන් ඉන්න රජතුමාගේ පවුල, ඉදිරියට පත්වෙන රජතුමාගේ පවුල නඩත්තු කරන්න දිනකට කෝටි 10ක් වත් මදි වගේ මට හිතෙන්නේ... අපි බ්‍රිතානයේ රැජිණට යටත් වෙලා හිටියා නම් මීට වැඩිය හොඳයි.
රටකට නායකයකු අවශ්‍යයි. එංගලන්තය, ජපානය වැනි රටවල් වල රජවරයෙක් ඉන්නවා. රජු දේශපාලන තීරණ ගන්න රටවල්ද ජපානය වැනි එසේ නොවන රටවල්ද තිබේ. මොනවා වුණත් ඒ රටවල් වල ඉන්නේ එක නායකයෙක් සහ ඔවුන්ව නඩත්තු කරන්න යන වියදම් ලංකාවට වඩා විශාලයි. 21වෙනි සියවසේ වුවද ඔවුන්ව නඩත්තු කිරීමටයි මිනිස්සුත් වෙහෙසෙන්නේ... එය පෙරද.. අදද.. හෙටද.. එසේ වෙතැයි සිතමි. රජ, ජනාධිපති මේ හැමෝම නියෝජනය කරන්නේ මිනිසුන්ගේ නායකත්වය කියන ස්වභාවයයි. එය උරුමයෙන්ද, ඡන්දයෙන්ද කියන එක රටින් රටට වෙනස්... ලංකාව වගේ යටත් විජිතයක් වුණු රටක නායකයෙකුට ලෝකයේ බලවත් රටවල් දෙවැනි වීමට කැමති වෙතැයි නොසිතමි... ලංකාවේ විශාලත්වයට අනුව ආර්ථික, යුදමය අතින් අනෙකුත් රටවල් සමග තරඟ කිරීමට නොහැකි වුවත් රටේ ස්වෛරීභාවය රැකගත හැක්කේ නායකයාගේ පෞරුෂත්වය මතය. ජනාධිපතිට යන වියදම ගණනය කිරීමට වඩා ගණනය කළයුතු වෙනත් දෑ තිබේ යැයි මට හැඟේ...
ජනාධිපතිට යන වියදම ගැන සෙවීමෙන් සහ කීමෙන් තේරෙන්නේ ඡන්දයෙන් වුවද පත්වෙන තම නායකයා පිළාබඳ ඊර්ෂ්‍යාවයි. වෙනත් වචනවලින් කිව්වොත් තමාතුළ සිටින තමාගේම නායකත්ව ස්වභාවයට ඊර්ෂ්‍යා කිරීමයි. සරලව කිව්වොත් ද්වේශයෙන් සහ වෛරයෙන් කටයුතු කිරීමට නොදැනුවත්වම අපි සැවොම පුරුදු වී සිටීමයි. සැමදා යටත් විජිතයක වහලුන්සේ ජීවත් වීමට පුරුදු වූ ලංකා වැසියන්ට අබසරණයි.
මම රැකියා විරහිතව සිටි කාලේ විවිධ අවස්ථාවල සම්මුඛ පරීක්ෂණවලට කොළඹ කාර්යාලවලට ගියා. එහිදී නොයෙක්වර මම දැක්කා එම කාර්යාලවල සෑම තැනම ළඟ ළඟින් ටියුබ්ලයිට් දාලා ෆෑන් සවිකරලා තියෙනවා. මම හිතුවා මෙහෙම නාස්තියක් කරන්නේ ඇයි කියලා. එහෙම හිතා සිටිය මටත් ටික කලකින් රජයේ කාර්යාලයක රැකියාවක් ලැබුණා. එහි වැඩකරනකොට තමයි තේරුනේ ලයිට් හා ෆෑන්වල අවශ්‍යතාවය කුමක්ද කියලා. මම හිතනවා මෙතුමා කියන්නේත් එදා මට හිතුණා වගේ දෙයක්ද කියලා..
අනික ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක් කියලා කියන්නේ සේවක සේවිකාවන්ගේ වැටුප්ද මේවට ඇතුළත් වෙන්නේ? මේ කෝටි 2 ජනාධිපති තනිව භුක්ති විඳිනවද? කතා කළයුත්තේ කෝටි 2 කට හරියන්න රාජ්‍ය සේවයේ කර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කොහොමද කියන එක නොවේද? එතකොට නියම ගුණාත්මයෙන් යුත් ජනාධිපති කෙනක් ඇතිවෙයි කියලා හිතනවා... ජනාධිපතිගේ වියදම කෝටි 2 ක් කියලා රාජ්‍ය සේවයේ අයත් ජනාධිපතිලා වෙන්න ගියොත් මේවගේ වියදම් ගැන හොයහොයා වැරදි විතරක් හොයමින් ඉඳියි. ජනතා විමුක්ති පක්ෂය වගේ ජනාධිපතිටත් සහෝදරයා කියන්න ගියොත් ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ වෙලා මේ වගේ කතා හැමදාම අසමින් ඉන්න පුළුවන්.
සේරම කට්ටියට අමතකයි නේද? අප්පච්චි, රජකෙනෙක් වගේ ඉන්නකොට ඒ දවස්වල වියදම රජ පැටවුන්ගේ වියදමයි සේරම... මේ වගේ දහ ගුණයක්, ඒ සේරම කපා හැරලා රජ සැප.., මේ තියෙන්නේ සාමාන්‍ය බිලක්, කට්ටියට නැවත තරු පේන්නේ...මහරජුයි, රාජ පුත්‍රයයි නැවත පත් වුනොත් වෙන්නේ මේ වගේ බිලක් නොවෙන වගයි. හිල්ටන් එකෙන් කාලා ,හෙලිකොප්ටරයෙන් ගොඩබැහැලා, දියබුම් ගහනකොට තටාකයේ.. මතකද කට්ටියට? මේ බිල හදලා තියෙන්නේ, ගෙදර උයන බත් ටික කෙහෙල් කොලේ ඔතන් කාළා. මොන ආණ්ඩුවද හොඳ...
රජයේ රෝහල්වල හෘද සැත්කම් කරගන්න පොරොත්තු ලේඛනයේ 4000 විතර ඉන්නවා දිනකට සැත්කම් 7-8කට වැඩිය කෙරෙන්නේ නැහැ. දිනකට තව 10-15ක් අලුතෙන් එකතුවෙනවා. අවුරුද්දට ලේඛනේ ඉන්න 100ක් 200ක් විතර මැරෙනවා. මේවා පුද්ගලික රෝහල්වල කරනවා නම් ලක්ෂ 10-15ක් විතර යනවා. පොරොත්තු ලේඛන නැහැ. දවස් කීපයකින් වැඩේ කරගන්න පුළුවන්... ජනපති නඩත්තු කරන්න දිනකට කෝටි 2ක්? ජීවිත කීයක් බේරාගන්න පුලුවන්ද? මේ පළාත් සභා විධායක ජනපතික්‍රමය වැනි දේවල් අහෝසි කරලා දමලා, 77ට පෙර තිබුණු අගමැති මූලික පාර්ලිමේන්තු ක්‍රමයට ගියොත් විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන් නේද?
සැම දෙයටම ආශ්‍රිත වියදමක් තිබෙනවා. රටට ජනධිපති කෙනක් ඉන්නවා නම් ඒ ජනාධිපතිගෙ ආරක්ෂාවට සහ කාර්යාලීය වැඩ කරන්න යන වියදම් තිබෙනවා. ඒ ගැන චරු චුරු ගෑමෙන් වැඩක් තියෙනවද.
මේක බොරුවක්. ජනාධිපති කාර්යාලය යටතේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය කියවන්නේ ඔය ආයතන සිල්ලේම එක දවසක වියදම ගැනයි.
සංවර්ධිත ධනවත් රටක් වෙලත් ජර්මනියේ චාන්සලර් වරියටත් අයිසිස්, තලෙයිබාන් ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන තිබිලත් එතුමියට ලංකාවේ ජනාධිපතිට සිටින අරක්ෂකයන්ගෙන් භාගයක්වත් නැහැ. ලංකාවේ ජනපතිට තිබෙන වෙඩි නොවදින රථ ප්‍රමාණයෙන් භාගයක්වත් නැහැ. මෙහෙ තිබෙන පෙරගමන් රථ වලින් 1/4 එකක්වත් නැහැ. එතුමිය විශ්‍රාම ගියාම ඕනේ නම් ආරක්ෂකයන් 4-5 දෙනෙක් ආණ්ඩුවෙන් දේවි.. විශ්‍රාම ගිය චාන්සලර්වරුන්ට සහ වරියන්ට අගනුවරින් නිල නිවාස දෙන සිරිතක් මෙහෙ නැහැ. ලංකාවේ තිබෙන්නේ බොරු මවාපෑමක්. විශ්‍රාම යන රාජ්‍ය නායකයෙකුට ඉන්න ගෙයක් නැතිනම් ඉන්න තැනක් දෙන එක වෙනම දෙයක්... නමුත් ඔහුට හිමි පුද්ගලික නිවාසයක් කොළඹ සහ පොළොන්නරුවේ තිබිලත්, මම සරල මනුෂ්‍යයෙක් කියලා ඇවිත් කිසිම හිරිකිතයක් නැතුව පොදු දේපල අසාධාරණ ලෙස භුක්ති විදින එක ගැන මොහු ලැජ්ජවෙන්න ඕනේ, මෙහෙම කරන හිටපු ජනාධිපතිවරු ලැජ්ජා වෙන්න ඕනේ..., මේ ගොල්ලෝ දේශප්‍රේමියෝද? හරිම කැතයි, ජයවර්ධන ජනපති නම් මෙහෙම කලේ නැහැ.
අප මෙතෙක් කල් කලේ ඔය 226ට සැප දෙන එකයි. දැන්වත් ඔය රාමුවෙන් පිට හිතමු.
ධම්ම මහත්මයා ඔබ හරි , ලබන පාර්ලිමේන්තු මැතිවරණේදී කුමන පක්ෂෙක හෝ අපේක්ෂකයකුට මම මනාපේ ගහන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු තීරුබදු රහිත සුකොපභෝගී රථ ප්‍රතික්ෂේප කරනවා කියල තිබෙනවා නම් පමණි , එහෙම කෙනෙක් නැතිනම් මම ඡන්දෙ කටුගල දානවා
ආරක්ෂක ලේකම් වෙලා ඉන්නේත්දී වතුර ඉල්ලපු අහිංසක සිංහල රතු පස්වල ජනයට උණ්ඩවලින් පහර දී සිංහල මිනිස් ජීවිත බිලි ගත් මැරයෙක් දෙමල ළමුන්ට විශ්ව විද්‍යාල හදනවලු .