(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වියදම් ගැන ලංකාවේ පළමු වරට තොරතුරු අනාවරණයකට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සූදානම් යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (31) පැවසීය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ඇස්තමේන්තු කිරීම සඳහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කළ වෙනම ඒකකයක් මගින් මෙම තොරතුරු ඒකරාශී කිරීම සිදුකෙරෙන්නේ යැයි ගජනායක මහතා කීය.
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාගත් දිනයේ සිට මෙම ඒකකය ක්‍රියාකාරී වී යැයි කී හෙතෙම ඒ ගැන වූ පළමු අනාවරණය ලබන 4 වැනි දා සිදුකරන්නේ යැයි ද පැවසීය.
මැතිවරණ ප්‍රචාරණ වියදම් පිළිබඳ මෙතෙක් ශ්‍රී ලංකාවේ නීතියක් බලාත්මක වී නැති නමුත් මෙම අනාවරණය මගින් අදාළ නීති බලගැන්වීමට සමාජ බලපෑමක් සිදුවනු ඇතැයි ද ගජනායක මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමා කිරීමේ අරමුණෙන් මැතිවරණ කොමිසම සැකැසූ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ගැන හෙළිදරව්වක්
Chanak los angeles Thursday, 31 October 2019 03:04 PM
ඇතැම් අය සිය මුහුණු පොතේ පළ කර තිබුනේ සජිත් ප්‍රේමදාස මහතාට අවාසි වන අයුරින් සැකසු පෝස්ටුවකි. රාජපක්ෂලාගේ වහල්ලු විශාල පිරිසක් මේ දිනවල මුහුණු පොතේ සිට සජිත්ට එරෙහිව විවිධ අදහස් දක්වන අයුරු දක්නට ලැබේ. අනෙක් පැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා එළිපිටම ගෝඨාගේ රැස්වීම්වලට ගොස් ඔහුට සහාය පළ කරයි. මෙන්න මැතිවරණ කොමසාරිස්තුමනි, ඔබ කියන ලෙස වසර 3ක් දඬුවම් ලබාදිය හැකි නීති විරෝධී ක්‍රියාවන්...