(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත් කොමිසමේ සාමාජික ධූරයේ කටයුතු කරන බවද හෙතෙම කීය.
කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී දේශප්‍රිය මහතා එසේ කීය.
එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘ජනාධිපතිවරණය මේ මස 9 වැනිදා තියන්න පුළුවන්ද කියලා අපි මුලින් හිතුවා.එක අතකින් 9 වැනිදා තිබ්බා නම් අද මට නිදහසේ ගෙදර ගිහින් කකුල් දෙක වනවනා ඉන්න තිබුණා.කොහොම වුණත් මම 17 වැනිදාම ලිපිය යවනවා‘‘. යැයිද ඔහු කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට ආතතිය නැතිද?
ලොකුදෙයක්... දැන් 70ක් විතර ඇති නේද? දැන් පිච් එක හදාගෙන මැච් එක කට්ටිය ගහනවා..
අැයි මෙතුමා මෙතනදී පෙන්නන ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හැසීරීම් ගැන වාර්තාව ඉදිරිපත් කරලා නැතුව වැදගත්කමින් අඩුම දේ පෙන්වන්නේ?
ඉස්සර හිටපු මැතිවරණ කොමසාරිස්තුමෙක් නම් ඡන්දයෙන් පස්සේ බ්‍රසීලයේ තානාපති තනතුරකින් පිදුම් ලැබුවා...
සර්ට අාතතිය වැඩිවෙලා අර සභාපති දෙයියන්ගේ පිහිටයි. ඡන්ද වලට දැන් බලපෑම් ඉහළයි කියලා කවදා හරි දවසක කියාවි ඔබතුමා...
හපොයි අපිට සංදර්ශන බලන්න බැරිවෙනවා.
නියම විහිළුකාරයෙක්... කව්ද මෙයාට මේ තනතුර දුන්නේ...? එයත් විහිලුකාරයෙක්... මුළු ලංකාවම විහිළු සාගරයක්...
මෙතුමාගේ කතාව දෝලාවෙන් ගමන පයින්.
ඉතා හොද තීරණයක් . කිසිම වැඩකට නැති රැකියාවක් .ලෝකයේ දියුණු රටවල මැතිවරණ කාර්යාල පවත්වාගෙන යන්නේ ස්වේඡා සේවකයන්. ඔවුන් මැතිවරණ අවසන් වුවිට තමන්ගේ නිත්‍ය රැකියාවලට නැවත යති. මැතිවරණ කාර්යාලයේ කළමනාකරණය සදහා පමණක් නිලධාරීන් සුළු ගණනක් සිටිති. නමුත් ලංකාවේ මැතිවරණ කාර්යාලයේ කිසිම වැඩකට නැති විවිධ තනතුරු හදා ගෙන නිලධාරීන් විශාල ප්‍රමාණයක් රටේ මහජන මුදල් නාස්ති කරති.
මෙතෙක් මම දුටු හොදම රාජ්‍ය සේවකයා .
අනේ දැන්ම අස්වෙන්න එපා. තව ටික කලකවත් ඉන්න බලන්න. අපට කරදරයක් නැතිව ඡන්දය දීලා නිදහසේ ඉන්න වාතාවරණයක් ඇති කළේ ඔබ නිසා.