(ඩයනා උදයංගනී)
එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
පක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දීමට තමන් සූදානම් බවද තමන්ට ඒ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණොත් රට වෙනුවෙන් අභියෝගය භාර ගන්නා බවද මන්ත්‍රීවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයාවීමේ සුදුසුකම් සම්පූර්ණ කර ඇත්ද යන්න තාමත් ගැටලුවක් යැයි ද ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන්න තවමත් තහවුරු වී නැතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මගින් බොරැල්ල ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
දැන් හැමෝම ජනාධිපති සිහින දකිනවා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියාරු කරන්න හදන්නේ...... සුස්දුසුකම් නැත්නම් නාම යෝජනා දෙයිද? දේශපාලන පරිණතයෙක් වෙලත් මෙතුමා මෙසේ හැසිරීම කාගේ හෝ කීමකට කරනවද දන්නේ නෑ....
කතාව ඇත්ත.අවස්ථාවාදීන් මොනවා කරත් පොහොට්ටුවට ආදරය කරන ඡන්දෙ දෙන විශාල ජනතාවක් මේ රටේ ඉන්නවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කොන්ද පණ තියන එකම කෙනා ඔබ.....
මෙයාටත් ආසාව ඇවිත් වාගේ...
මේ මනුස්සයා මොනවද මේ කියන්නේ ?
කොහොමද ටිකිරි මොලේ...අනේ මෙහෙම තණ්හාවක්....
මේ රටට අවශ්‍ය හොද දැනුමක් තියන දුර දක්නා හොද ශක්තිමත් නායකයෙක්. මිනිස්සු දැන් දැනුවත්.කවුරු ආවත් මේ ගමන ජනාදිපති ගෝඨාභය නියතයි.
කලින් කියා කියා ගියා නේද " මහින්ද මහත්තයා හැර වෙන කාටවත් මගේ සහයෝගයක් නැහැ" කියල. මොකද දන්නේ නැහැ දැන් පදේ වෙනස් කරන්න හිතුවේ ? නාම යෝජනා ගැන ඉවක්වත් වැටිලද ?
කොහොම උනත් කලින් කෙනානම් ආපහු එවන්න එපා. මේ දවස්වල වැස්සට පොළවේ ඉතිරිවෙලා තියෙන්නේ ලොකු ගල් විතරයි. පොඩි පොඩි ගල් ඔක්කොම වැස්සට හේදිලා ගිහිල්ලා.
පරාජය වූවත්, ශ්‍රී.ල.නි.ප ඉතිරි වී ඇති ඡන්ද ටික ඒ.ජා.ප. යට හෝ පොහොට්ටුවට දීලා දානවාට වඩා ඉදිරිපත් වීම හොඳයි. අලුත් නායකයෙක් එක්ක නැවත නැගිටින්නට සුළු පිරිසක් හෝ ඉතිරි කර ගැනීම වැදගත්. ඔබ ඉතා නිවැරදියි.
මෙයා නිකමටවත් ජනාධිපති උනොත් දැන් ඉන්න කෙනාට හපන්. හැබැයි හොද මනුස්සයා. එත් අපිට අත්හදාා බැලීම් කරන්න කාලයක් නැහැ. දැන් අපි ඉන්නෙ මකර කටේ. එ්කාධිපිපයෙක් උනත් කමක් නැහැ රටට අාදරය කරන සිංහලයෙක් නම්.....
ශ්‍රී. ල. නි. පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු එකම අපේක්ෂකයා ඔබතුමා පමණකි. ජනාධිපති පිළිබදව දැන් මුළු ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සැම පැත්තකම විහිදී අවසානයි.
ආරාධනාවක් ලැබුණොත් යු. අැන්. පිී වෙනුවෙන් අභියෝගය භාර ගන්නා බවද එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රරමසිංහයන් සුරැකීමේ සංවිධානය නමින් ඉදිරිපත් විය යුතු බවද මන්ත්‍රීවරයා නොකියා කියා සිටිනවා.
ගෝඨා්භයට ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතුවොත් කාට කාටත් ඇඟට ගුණ වෙයි.
ගෝඨාභයට අකමැති නීති ගරුක මනුස්සයෙක් ආවම තමන්ගෙ වැරදි වැඩ ටික කරගන්න බැරි නිසා.
ඉල්ලලම බලන්නකෝ ලැබෙන ඡන්ද ගණන සහ තමුන්ගේ පක්ෂයට රටේ ජනතාවගේ කැමැත්තෙ තරම. 2015 දී කිව්වනේ දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියල. එහෙම කරලා හොරු රැල බලයට ගෙනල්ල දැන් බයිලා කියනවා. ඔය ගාණටවත් බේරුනේ සෝභිත හාමුදුරුවෝ විරුද්ධ උනු නිසා. නැත්නම් පැය 24 න් ඔක්කොම බලතල දීලා ඡන්දෙ දීපු ජනතාව රවට්ටන්න හැදුවේ. දැන් තමා එයාටත් ජනාධිපතිකමට ආස හිතිලා නැවත එන්න හදන්නේ.
හිතන් ඉන්නවා මහා ජන්ද ගණනක් ලැබෙයි කියා..... ඇපත් නැත. ජාමේ බේරාගන්න අවශ්‍යනම් ගෝඨාට සහයෝගය දෙන්න නැත්නම් යන්න.
මෙන්න කොන්දක් තියෙන සුපිරි ඔර්ජිනල් දේශපාලකයෝ .