
දින 42කට පසු රට විවෘත කිරිමත් සමග සිය අවශ්‍යතාවන් ඉටු කරගැනීම සඳහා පැමිණි පිරිසගෙන් කොළඹ නගරයේ විවිධ වීදි පිරි ගොස් ඇත.
ඇතැම් වීදිවල පැමිණි පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ගමන් කර අයුරු අප ලංකාදීප කැමරාවට හසු වූයේ මේ අයුරිනි.
එසේම අද පෙරවරු කාලයේ කොළඹට ඇතුළු වන මාර්ග රැසක දැඩි වාහන තදබදයක් පැවැතිණි.
ඡායාරුපය ශාන්ත රත්නායක








COMMENTS
දෙන උපදෙස් මෙන්ම පනවන නීතිත් විහිලුවක් වුණාම මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? රට වැහැව්වා කියපු දවස් 42දී වුනේ මොකක්ද? ඒ දේම අද ඊට වඩා වෙනවා. අනික ඊයේ කමිටු ලොක්කා කිව්වනේ 15න් පස්සේ නීතී තව ලිහිල් කරන වගත්... මොකට බය වෙන්නද? බෙහෙත විද්දනේ...
මේ යන විදිහට නොවැම්බර් ආපහු වහයි වගේ. ඔය එලියට දාන මාර්ගෝපදේශ වැඩක් නෑ. ඒවා කොලේට විතරයි. AC බස් තහනම් කීවට කාර්යාල සේවා බස් යනවා AC දාල ෆුල් සීල් කරලා. ඒවගේ යන්නේ ඔක්කොම ඇන්ටිජන් නෙගටිව් මිනිස්සු ද? ඔෆිස් ඇතුලෙත් මිනිස්සු වැඩියි. ඔය කියන මීටර් එකේ දුරවල් නෑ. සමහර මිනිස්සු දාන මාස්ක් කිසි ප්‍රමිතියක් නෑ. විශේෂෙන් බස්වල සේවකයෝ,කෑම කඩවල සේවකයෝ,පොදු වෙළදපලවල් වල සේවකයෝ ගොඩක් එකම මාස්ක් එක සතියක් විතර දානවා. සජිකල් මාස්ක් එක මඩ පාට වෙනකම් දානවා. මොකක්හරි රැල්ලක් ආවම එකට හේතු හොයන්න විසදුම් දෙන්න ඉන්නවා ලොකු උපදේශකලා. මේක වැඩිවෙන්න කලින්කළමනාකරණය කරන්න කිසි කෙනෙක් නෑ ..
හදන්න බැරි හැදෙන්නේ නැති ජාතියක් අපි.
ජෙප්පන්ගේ ප්‍රතිචාරය බලමු.
බස් ඔක්කොම ගියේ පොල් පටවලා වගේ හවස. මාත් ආවේ ඒකක.
බුදු සරණයි... අපිට
එන්නත් දෙකම ගත්තොත් මැරෙන්නෙ නෑ කියලනෙ කිව්වේ. ඉතින් මොකට බය වෙනවද
මෙහෙම ගියොත් ආයෙත් රැල්ලක් ඇත ළඟ. සෞඛ්‍ය අංශ සහ ආණ්ඩුව තදින් සිටිය යුතුය
පුළුවන් අය ලංකාවෙන් පැනගන්න. අනික් අයටත් උදව් කරන්න.
රටේ ආණ්ඩුවක් නැතිකමේ ප්‍රතිපල.
මට හිතෙන්නේ ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරලා තියෙන්නේ. මිනිස්සුන්ගේ විනය මත තමයි ඉදිරිය තීරණය වෙන්නේ
යම් යම් අයගේ ගිණුම්වල සියලු ජනතාවට වායු සමනය කරන ලද දුම්රිය සේවාවක් රට පුරා ගොඩනගන්න පුළුවන්ලු... ඔන්න ඕකයි තත්වේ...
කිසිදා පමා වෙන්නේ නැහැ..