IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


“ජනතාවගේ හැසිරීම කණගාටුදායකයි’’

(යොහාන් භාසුර)

සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවත් සෞඛ්‍ය නීති රීති තව දුරටත් ආරක්‍ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.

සීමාවන් ලිහිල් කරගෙන යන විට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන තත්වයක් දැකිය හැකි බව කී විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සීමාවන් ගිහිල් කළත් කරුණාකර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෑම අවස්ථාවකම මහ ජනතාවට ආයාචනා කරන බව ද සඳහන් කළේය.

මුව ආවරණය නිවැරදිව පැළදීම, පුද්ගලයන් ඒකරාශී වන ස්ථානවලට යෑම හැකි තරම් අඩු කිරීම වැනි මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකාව තවමත් දිනකදී රෝගීන් 500 ක් හදුනාගන්නා තත්වයක් ඇති බවත් පැවසූ විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ හොත් නැවත සීමාවලට යෑමට සිදුවන බවත් කීය.

සියලු දෙනාම විනෝදවීමට කැමති වුවද ඉදිරි මාස දෙක තුළ ඉවසගෙන ආරක්‍ෂාවෙන් සිටිය හොත් විශාල සාර්ථකත්වයක් ලබාගත හැකි බව පැවසූ අසේල ගුණවර්ධන මහතා ඇඳිරිනීතිය නොමැති වීම නිසා ජනතාව පසු පස හඹායෑමට නොහැකි බව අවධාරණය කළේය.



අදහස් (5)

“ජනතාවගේ හැසිරීම කණගාටුදායකයි’’

mihira Tuesday, 26 October 2021 08:11 PM

මොවුන්ගේ හැසිරීම හරිම සතුටුදායකයිනේ නේද?

:       1       5

බද්රානි Tuesday, 26 October 2021 08:55 PM

එතකොට, මම අහන්නේ මේ ලංකාවේ කාගේද හැසිරීම හොඳට තියෙන්නේ? සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පාලකයෝ, හිඟන්නෝ, සමස්ත ජනතාවම කුඩා දරුවන් හැර ඇතුළු සියලුම දෙනා අනෙක් අයට දෝෂාරෝපණය කරන හැමෝමත් එහෙමම තමයි.

:       0       6

Ratne Tuesday, 26 October 2021 09:00 PM

ඔබ ඇතුළු කොවිඩ් මර්ධන බලකාය සහ උද්දච්ච කැලකගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 කින් පමණ ඉහල ගියා අමතක ද ? හැමවිටම වරද ජනතාව, ජනතාව කියා අත වගකිවයුත්තන් අත සෝදා ගැනීම නවතා, වල් වැදී ඇති නීතිය නිවැරදි කිරීමටත්, ඔබ ඇතුළු බලධාරීන් ජනතාවට ආදර්ශමත් ලෙස ක්‍රියා කිරීමටත් ප්‍රමාද වී හෝ අධිශ්ඨාන කර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

:       2       5

nuwa Tuesday, 26 October 2021 10:27 PM

ඔව්. ඔබේ හැසිරීම සහ වැඩ හරිම සතුටුදායකයි..

:       1       6

Asela Wednesday, 27 October 2021 12:08 AM

සෑම පුරවැසියෙක්ම ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නැත. ඒ නිසා තමයි රජය තියෙන්නේ නීති රීති හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1356 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site