
(යොහාන් භාසුර)
සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවත් සෞඛ්‍ය නීති රීති තව දුරටත් ආරක්‍ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.
සීමාවන් ලිහිල් කරගෙන යන විට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන තත්වයක් දැකිය හැකි බව කී විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සීමාවන් ගිහිල් කළත් කරුණාකර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෑම අවස්ථාවකම මහ ජනතාවට ආයාචනා කරන බව ද සඳහන් කළේය.
මුව ආවරණය නිවැරදිව පැළදීම, පුද්ගලයන් ඒකරාශී වන ස්ථානවලට යෑම හැකි තරම් අඩු කිරීම වැනි මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකාව තවමත් දිනකදී රෝගීන් 500 ක් හදුනාගන්නා තත්වයක් ඇති බවත් පැවසූ විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ හොත් නැවත සීමාවලට යෑමට සිදුවන බවත් කීය.
සියලු දෙනාම විනෝදවීමට කැමති වුවද ඉදිරි මාස දෙක තුළ ඉවසගෙන ආරක්‍ෂාවෙන් සිටිය හොත් විශාල සාර්ථකත්වයක් ලබාගත හැකි බව පැවසූ අසේල ගුණවර්ධන මහතා ඇඳිරිනීතිය නොමැති වීම නිසා ජනතාව පසු පස හඹායෑමට නොහැකි බව අවධාරණය කළේය.
COMMENTS
මොවුන්ගේ හැසිරීම හරිම සතුටුදායකයිනේ නේද?
එතකොට, මම අහන්නේ මේ ලංකාවේ කාගේද හැසිරීම හොඳට තියෙන්නේ? සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පාලකයෝ, හිඟන්නෝ, සමස්ත ජනතාවම කුඩා දරුවන් හැර ඇතුළු සියලුම දෙනා අනෙක් අයට දෝෂාරෝපණය කරන හැමෝමත් එහෙමම තමයි.
ඔබ ඇතුළු කොවිඩ් මර්ධන බලකාය සහ උද්දච්ච කැලකගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 කින් පමණ ඉහල ගියා අමතක ද ? හැමවිටම වරද ජනතාව, ජනතාව කියා අත වගකිවයුත්තන් අත සෝදා ගැනීම නවතා, වල් වැදී ඇති නීතිය නිවැරදි කිරීමටත්, ඔබ ඇතුළු බලධාරීන් ජනතාවට ආදර්ශමත් ලෙස ක්‍රියා කිරීමටත් ප්‍රමාද වී හෝ අධිශ්ඨාන කර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔව්. ඔබේ හැසිරීම සහ වැඩ හරිම සතුටුදායකයි..
සෑම පුරවැසියෙක්ම ප්‍රමාණවත් තරම් බුද්ධිමත් නැත. ඒ නිසා තමයි රජය තියෙන්නේ නීති රීති හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න.