(හර්ෂණ තුෂාර සිල්වා)
ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂවරුන්ට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය.
කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය.
අවුරුදු 10 ක් රට පාලනය කළ රාජපක්ෂවරුන්ට බඩු මිල අඩු කිරීමට නොහැකි වූ බවත් එසේ කළ නොහැකි වූයේ ඇයි දැයි පොහොට්ටුවේ අපේක්ෂකයා ජනතාවට කිව යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීවේය.
ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනතාවට තවදුරටත් සහන සලසමින් බඩු මිල අඩු කරන බව ද හෙතෙම කීය.
පසුගිය ආණ්ඩුව රට පාලනය කර අසාර්ථක වූ තැන අකැමැත්තෙන් මැතිවරණයක් පවත්වා පරාජයට පත්වූ බවත් එවැනි පිරිසකට නැවත රටේ පාලනය බාර දෙනවාද කියා ජනතාව සිතා බැලිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳිකට්ටේ ඉඳලා කාර් එකක් දක්වා හැම දෙයකම මිල අහස උසට නග්ගලා, මිනිස්සුන්ගේ බඩට ගැහැව්වා නේද?
ඒක තීරණ කරන්නේ මහබැංකුව කොල්ලකාපු ඔහෙලා නොවෙයි රටේ ජනතාවයි. අනික තමන්ගේම මිනිස්සු ඉදිරියේ ඔය කතා කියලා ඇති පලේ මොකක්ද? රාජපක්ෂලා ඔය ගොන්කතා කියන්නේ නැහැ නේද? උදේ නැගිට්ට ගමන් රනිල්ට ගෙදරටම පෙනෙන පොහොට්ටු ලාංඡනය හෙවත් නෙලුම් කුළුණක් දී තිබෙනවා නේද?
දැන් මෙයාලා එයාලගේම බඩවල්වලට ගහගෙන තියන්නේ අපි වෙනුවෙන්... මිනිසුන්ගේ බඩට කතා කරලා ඡන්දෙ ගන්න පුළුවන් කාලේ ගියා. ඔලුවට කතා කරන මිනිහෙක් මේ පාර පත් කරගන්න හැමෝම හිතුවොත් රටම දිනුම්. මෙයාලගේ කතා අහද්දී හිතෙනවා කොහොමද මෙහෙම බොරුවචන පාවිච්චි කරන්නේ කියලා? මේවා අහන හරකුත් 40 % විතර තාම ඉන්නවා. ඉතින් මේ රට දියුණු වෙන්නේ කොහොමද?
මහබැංකුව කොල්ලකාපු දේවදත්තලා සෙට් එකක් තමයි යූඇන්පී කට්ටිය. දිනුවොත් නම් මරු...
රට කාලා තවත් කන්නද දඟලන්නේ? මේ පාර නම් ජනතාව හොඳ උත්තරයක් දෙයි..
මේ බයිලා අහලා තමයි මිනිස්සු තරහට රත්තරන්ලාටත් ඡන්දෙ දෙන්නේ... පිටරට හොරෙක් ගෙන්නලා මහබැංකුව බිඳපු හොරුන්ට මීට වඩා කියන්න යමක් නැද්ද? හොරු මිනීමරුවන් ඔක්කොම එලවන්න බුද්ධිමත්ව වටිනා ඡන්දය පාවිච්චි කරන්න.
අරහෙන් ශ්‍රී ලංකන් එක පණ අදිනවා.මෙහෙන් බිලියන් දහස් ගානෙන් ණය ගෙවනවා. ඔය කතා කියන්න කොණ්ඩේ බැඳපු චීනුන්ට.
එතකොට මේ කෙප්ප මිනිස්සු විශ්වාස කරන්න ඕනද ?
මේ දවස් වල ජනතාවට කන බොන දේවලට ගහල තියෙන පාරට එජාප ගෙදර යන එක බහුතරයකින් සම්මතයි.
රට්ටුන්ට පේන්න බොරු කයිවාරු විතරයි
වසර ගණනාවක් හැම නායකයාම බලය ගන්න කතා කරන්නේ මේ විදියට. නමුත් සේරමලට බලය ගත් පසු ජනතාව අමතක වෙන්නේ කොහොමද. ඇමතිලාට, මන්ත්‍රීට වාහන බලපත්‍ර දෙන එකයි තමන්ගේ අඩුපාඩු සලසා ගන්න එක විතරයි කරන්නේ ඡන්දෙට. මාස 6 තියෙනකොට නැවත ජනතාව පස්සෙන් එනවා බොරු කියමින්, කරුණාකරලා මේ සෙල්ලම නතර කරන්න, අගමැතිට තේරෙන්නේ නැත්තේ ඇයි ජනතාවගේ දුක.
මඩ ගහන්නේ රාජපක්ෂ වගේ නෙමෙයි. මහබැංකුවලට විතරයි නේද?
අනේ අගමැතිතුමා, මේ රැවටිලි කතා අහලා දැන් අපිට එපා වෙලා. ඔබතුමා රාජපක්ෂලාට ගහන්නේ වේදිකාවේ විතරයි කියාලා දැන් අපි දන්නවා. වේදිකාවෙන් බැස්සාම එයාලාව රැකගත්තු හැටිත් අපි දන්නවා. ඔබතුමාලා එකම යාලු මිත්‍ර කම්පැනියක් කියලත් අපි දන්නවා. ඔබතුමා ඇයි මේ තවම ජනතාව රවටන්නේ..?
ඔබතුමා මොනවා කිව්වත්, කළත් බලයට ආවාම ඔබතුමා රාජපක්ෂලාව රැකගත්තා. එයාලා බලයට ආවාම ඔබතුමාව රැකගන්නවා. තවත් ඔබතුමාගේ මේ කතාවලට අපි රැවටෙන්නේ නැහැ තවදුරටත් විශ්වාසයක් නැහැ අගමැතිතුමා...
බම්බුව තමයි. රට කාපු හැතිකරය...
රාජපක්ෂවරු බඩට ගැසුවාට රටට ජාතියට ආගමට ගැසුවේ නැහැ මැට්ටෝ. අපිට බඩ වැඩක් නැහැ. අනාගත පරම්පරාවට රට ජාතිය ආගම රැක ගන්න ඕනේ.
හැබෑටම මේ එජාපයේ අයට රාජපක්ෂව විවේචනය මිසක් වෙන වැදගත් යමක් නැද්ද? රට වෙනුවෙන් කියන්න. දැන් මිනිසුන්ට වෙනස හොඳට වැටහිලා හින්දා රාජපක්ෂ තැටිය ගණන් ගන්නේ නැහැ. ඇත්තටම රනිල් මහත්තයෝ ඔබේ සිහිනය ඉෂ්ඨ වෙන්නේ නැහැ. මෙදා ඔබ සමග රැල පරදිනවා. ඔයාලව රටටම එපාවෙලා තියෙන්නේ දුර්වල පාලනය හින්දා මෛත්‍රී අනිත් කෙනා... කවුරු හරි ඡන්දෙට ඉල්ලන්න එපා කියපු එක හොඳදෙයක් නැත්නම් ලැජ්ජාවේ පණ යනවා 62 ලක්ෂය කෝ කියලා...
රටේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කවුරුද යන්න තීරණය කරන්නේ ජනතාව මිස රනිල් නොවන බවත් ඔය කතා කියන තැනට රැස්වෙලා ඉන්න ජනතාව විසින් නොවන බවත් රනිල් තේරුම් ගතයුතුයි...
යූ.එන්.පී ගොන් රැලට මේ රටේ ඉන්න ජනතාව අයෙත් රැවටෙන්නේ නැහැ. ඔයාලට වෙන්නේ අන්තිමට රටින් පැනල යන්න.දැම්ම කොට්ට පැදුරු ලෑස්ති කරගත්තනම් ඔයාලට ලේසි.සජිත් ජීවිතේට එන්නේ නැහැ. ලංකා භූමිය තුළ යූ.එන්.පි ආණ්ඩුවක් ආයෙත් එන්නේ නැහැ. රටට විනාසය ගෙන ආව දේශ ද්‍රෝහී අය රටට අවශ්‍ය නැත.
අගමැතිතුමනි, ඔබතුමා අපිට හැම දෙයක්ම නැති කළා... රටේ හැමදෙයක්ම ප්‍රපාතයට තල්ලු කළා.. ඔබට ඕනේ පුටුව විතරයි. එ්ක රැකගන්න රට සහ මුළු ජනතාවම පාවලා දෙනවා. දැන්වත් කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න.. කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දීලා මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යූඑන්පී ගෑවිච්චි කෙනෙකුටවත් ඡන්දයක් දෙන්න එපා, ඔබ ඔබට, රටට සහේ ඔබගේ අනාගත පරම්පරාවට ආදරේ නම් ඔබගේ ඡන්දය යූඑන්පී එකට දෙන්න එපා. මේ ගොල්ලෝ එදා ඉඳලම කලේ මේ රට පාවලාදීමම පමණි. මේ කට්ටියට ඕනේ පුටුව රැකගන්න විතරයි. හැරිලා බලන්න පසුගිය අවුරුදු පහේ රටට මොනවද වුනේ කියලා? මේ ගොල්ලෝ ජනතාව හිඟමනට දැම්මා මුළුරටම කොල්ල කෑවා..
අනේ තව බෝම්බයක් දෙන්නකෝ.................
අන්න ඔබතුමාගේ සුහද කීකරු ගෝලයෙක් වෙන ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයාගේ "අසහය සහායත්" ගෝඨාභයටලු. එයා ජනාධිපතිවරයාගේ අත්දෙකම අල්ලාගෙන ගෝඨාභයගේ අනුරාධපුර මංගල රැස්වීමේ වේදිකාවට ගොඩවෙන බවයි කියන්නේ.
ලොකු උන්නැහේ රාජපක්ෂලා ජනතාවගේ බඩට ගහපු හැටි අපි දන්නවා. ඔබතුමාලා ජනතාවට ගැසුවේ අනික් පැත්ත හරවලා.