(මුදිතා දයානන්ද)
හැත්තෑ එක් වසරක් තිස්සේ තමන්ට ඡන්දේ දුන් ජනතාවගේ ආත්ම ගෞරවයත් විශ්වාසයත් රැකීමට එජාප, පො.එ.පෙ කඳවුර අසමත් වෙද්දි ඊට සමත් වුයේ ජවිපෙ පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපතිධූර අපේක්ෂක, අනුර දිසානායක මහතා අද (01) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ කොළඹ නව නගර ශාලාවේදි පැවති පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවකදීය.
එහිදි තවදුරටත් මෙසේද පැවසීය.
අද අපි මෙතනට එකතු කළේ අපේ පළාත් පාලන නියෝජිතයෝ. නලින්ද සහෝදරයා කිව්වා ප‍්‍රධාන පක්ෂ දෙකෙන් පත්වුණ පළාත් පාලන නියෝජිතයන් මොනවද කරලා තියෙන්නේ කියලා. අපට චන්දය දුන් සියලූ දෙනාගේ ආත්ම ගෞරවය විශ්වාසය රකින්න අප සමත් වෙලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ අනාගතයේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක්.
සමහරු කියනවා මේක තුන්කොන් සටනක් කියලා. නැහැ. මෙතන තිබෙන්නේ ප‍්‍රධාන කඳවුරු දෙකයි. එජාපයෙත්, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙත්, පොදුජන පෙරමුණෙත් ප‍්‍රතිපත්තිය එකයි. පාර්ලිමේන්තුව තුළ අපි ඉන්නේ මන්ත‍්‍රීවරු හයදෙනයි. අර කඳවුරේ තමයි ඉතිරි සියලූ දෙනා ඉන්නේ. ඒ වුණත් ජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටුකිරිමේදී අපි හැමවිටම ඉන්නේ අර කඳවුරට ඉදිරියෙන්. ජාතික දේශපාලනයේදීත් අපි එක්කෝ ඒ කඳවුර හා කරට කර. නැත්නම් ඉදිරියෙන්.
ජාතික දේශපාලනයේදි එහෙම ඉදිරියෙන් හිටියත් ගමේදි, ප‍්‍රාදේශීය දේශපාලනයේදි අපේ ශක්තිමත් බව අඩුයි. එය ගොඩනගා ගැනීමේ වැඩි වගකීම පැවරෙන්නේ ගමේ දේශපාලනය කරන මේ මහජන නියෝජිතයින්ටයි.
එජාපයට හෝ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ චන්දේ දිපු කිසිම කෙනෙක් කිසිම දවසක බලාපොරොත්තු වුණේ නැහැ ඒ චන්දෙන් පත්වෙන කෙනා මහජන මුදල් හොරකම් කරයි කියලා. මහබැංකුව කඩයි කියලා. ජනතාව මත අධික බදු බර පටවයි කියලා. රට ණය උගුලක හිරකරයි කියලා. ඒ හැමෝම බලාපොරොත්තු වුණේ තමන්ට ජීවත්වෙන්න හොඳ රස්සාවක්. කරන රස්සාවට සරිලන වැටුපක්. තිබෙන බදුබර තව අඩුකරගන්න. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. හොඳ සෞඛ්‍ය සේවයක්. බියෙන් සැකයෙන් තොරව සතුටෙන් ජීවත් විය හැකි රටක්. එහෙත් ජනතාවගේ බලාපොරොත්තු හා පාලකයින් කළ කී දෑ අතර පවතින්නේ දැවැන්ත පරස්පරයක්. ඒ වෙනස වටහා දීමයි අප කළ යුත්තේ.
කොමිස් ගැහිල්ලේ, දූෂණයේ වංචාවේ දේශපාලනය වෙනුවට ශිෂ්ඨත්වයේ දේශපාලනය ගමට ගෙන යා හැක්කේ ඔබට අබිට පමණයි. හැම කෙනෙකුටම සිහිනයක් තිබෙනවා මේ රට හොඳ රටක් බවට පත් කරගැනිමේ. ඒ සිහිනය සැබෑ කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය අප පමණයි. ජාතික ජනබලවේගය මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ ඒ වෙනුවෙන්.
මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අපි යෝධ පියවරක් ඉදිරියට තබා තිබෙනවා. තවම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කර නැහැ. එහෙත් අපි අපේ අපේක්ෂකයා කිසිම ගැටුමකින් තොරව රටට හඳුන්වා දී තිබෙනවා. රෝහන සහෝදරයා කිව්වා වගේ වේලාසනින් අවදිව වේලාසනින් සුදානම්වන්න අපිට හැකිව තිබෙනවා.
අපි ඇවිත් තියෙන්නේ නිකම් නෙවෙයි. විද්වතුන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෙනත් වමේ බලවේග රැසක් එකතු කරගෙන. අප සතුව බර අවි තිබෙනවා. කියවාරු ගහන අනෙක් කඳවුර සතුව තිබෙන්නේ පුස් වෙඩි පමණයි.
2025 නොවැම්බර් මස 21
186
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1139
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනතාවගේ ආත්ම ගරුත්වය-විශ්වාසය රැක්කේ ජවිපෙ පමණයි