ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ.
එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත.
වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි.
(28535)
COMMENTS
ජනාධිපතිතුමාගේ ලේකම් ලෙස...? කරුණාකර මොහුගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බලන්න.
ඉදිරියට තව කීදෙනෙක් දාල යයිද කියලා දෙයියෝම තමයි දන්නේ ..?
2018.10.26 දින ජනපති ගත්තේ නිර්භීත තීරණයක් කියමින් දෙල්කඳ හංදිය වැනි තැන්වල අතිවිශාල ප්‍රමානයෙන් බැනර් ප්‍රදර්ශණය කලාට මාස්පතා ආදායමක් ලබාදී ඇත. එයට සුදුසුකම් මොකටද?
කොළඹ රාජකීය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදෑරූ, ලන්ඩනයේ ක්වීන්ස් මේරි සරසවියේ උසස් අධ්‍යාපනය හැදෑරූ බුද්ධිමත් තරුණයෙකු ඉවත්කර ඇවන්ගාර්ඩ් සිද්ධියට සම්බන්ධ ලෙසට චෝදනා ලබා ඇති බව කියන, රාජගිරිය ‘කොර වාට්ටුව’ නමින් ප්‍රසිද්ධ තැනක රස්සාවක් කළා යැයි කියන, රාජගිරියේ හේවාවිතාරණ පාසලේ ඉගෙනුම ලැබුවද කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතැයි කියන, කෝට්ටේ හිටපු නගරාධිපති නැසී ගිය චන්ද්‍රා සිල්වා මහතාගේ සල්ලි පනම් වලට සම්බන්ධකමක් තිබුණා යැයි කියන නාගරික මන්ත්‍රීවරයෙකු පත්කළේ මොකද කියා අන්තර්ජාලයේ ප්‍රශ්න කර තිබෙනු දුටුවෙමි. දුමක් නගින්න ඉතින් ගින්නක් තියෙන්න එපායැ කියලයි මට හිතුනේ...