(මුදිතා දයානන්ද)
දිගන සිදුවීම් වලදී වගේම මහනුවර මාවනැල්ල බුදුපිළිම විනාශ කිරිමේ ක‍්‍රියාවලිය පිටුපසත් දෙමළ ඩයස් පෝරාව වැනි ජාතිවාදය අවුස්සා තමන්ගේ උවමනා ඉටුකරගන්න උත්සාහ කරන පිරිසක් සිටිය හැකි බැවින් ඒ උගුලට හසුනොවන ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවක දීය.
මාවනැල්ල, මහනුවර ප‍්‍රදේශවල මේ දවස්වල බුදුපිළිම විනාශ කිරිමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. සෑම දේශපාලන කුණාටුවකින් පසුවම මෙවැනි දේවල් අපේ රටේ සිදුවුණා. නාමල්කුමාර නමැති පොලිස් ඔත්තුකරුවා රටට හෙළිදරව් කළ ආකාරයට මීට පෙර දිගන ප‍්‍රදේශයේ ඇතිවූ ජාතිවාදි කළබල ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හා දෙමළ ඩයස් පෝරාවේ ඇතැමුන්ගේ උවමනාවන් අනුවයි සිදුකර තිබෙන්නේ.
ඒ අනුව අපට සැකයක් තියෙනවා මේ මහනුවර හා මාවනැල්ල ප‍්‍රදේශවල සිදුවන බුදු පිළිම කඩාබිඳ දැමීම් පිටුපසත් එවැනි බලවේගයක් ඉන්නවාද කියලා. දිගන සිදුවිම කෙළවර වුණා වගේම මේකට කිසිම සම්බන්ධයක් නැති පිරිසක් අත්අඩංගුවට අරන් ප‍්‍රශ්නය කෙළවර කරයිද කියලත් අපට සැකයක් තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ප‍්‍රශ්නයේ සැබෑ වගකිව යුත්තන් සොයා දඬුවම් දෙන ලෙස.
COMMENTS
ඇත්තටම... මේ වංශට අන්ධකයිප්පු කැවිලද..? සුමානයකට, දෙකකට ඉස්සෙල්ල කිව්වේ.. ඒජාපය.. ටි.එන්.ඒ.. එකත් එක්ක එකතුවෙලා රට බෙදන්න හදනවා කියලා...
ඔය තියෙන්නේ, හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනලා...
නාමල් කුමාරගේ සැබෑ තත්වයවත් තේරුම් ගන්න බැරි මේ දේශපාලකයන් රටේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැකියි. අලුත්ගම සිදුවීමත් කාගේ උගුලක්ද යන්නත් මේ මොහොතේ අපට මතක් කළා නම් මැනවි. තමන් යැපෙන දෙය අමතක කර අදහස් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. කාගෙන් කෙරුණත් එහි වාසිය ලබන්නේ "රට බෙදනවා " කියන අයට නොවන්නේද?
මේකා හිතාගෙන ඉන්නේ මෙයා කියන දේවල් අපි පිළිගන්නවා ඇති කියලා.. අනේ ඔය කට පියාගෙන ඉන්නම බැරිද? එහෙම බැරිනම් තියෙනවා පොඩි වැඩක් පොදු වැසිකිලිය වෙනුවට ගන්න. වෙන කවුරුවත් නෙමෙයි මේක තමයි ඕක පිටිපස්සේ ඉන්නේ... මේ රටේ වෙන කිසිම කෙනෙක් මේ වගේ දේවල් කරන්නේ නැහැ. බුද්ධිමත් ජනතාවනි, මෙයාගේ අතීතය අමතක නැහැ නේද? ඔබට බස් ගිනි තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බා. ඔය ඒ නිසානේ මුලින්ම කලබල වෙලා තියෙන්නේ... මෙයා තමයි මේ සේරම කරන්නේ මෙයාව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනෑ..
මොහුයි, ගම්මන්පිලයි කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ.. මේ දෙදෙනාම බලනවා බොරුකියා මිනිසුන් නොමග යවමින් ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටුකරගන්නට... නමුත් කියන කිසිම දෙයක් ඉටුවෙලා නැහැ ඉටුවෙන්නෙත් නැහැ. මහින්දට සළුපිලි අන්දවලා ඇරියා නටපන් කියලා.. අයියෝ වෙච්ච දෙයක් .. මොවුන්ව දේශපාලනයෙන් අතුගාලා දමපු දවසට තමයි රටට සෞභාග්‍යය උදාවෙන්නේ..
බොර දියේ මාලු බාන්න හදන්න එපා.. අපි දන්නවා මේ පස්සේ ඉන්නේ කව්ද කියලා? හිතුවද ඔහෙලගේ ලණු හැමදාම අපි කයි කියලා...
මෙයා හිතාගෙන ඉන්නේ රටේ ජනතාව අන්ධයෝ කියලා. මේ තරම් බොර දියේ මාළු බාන්නෙක් තවත් නැති බව රටම දනී
නෙගටිව් කොමෙන්ට් සහ නොට් ලයික් දමන්න වීරවංස ඊමේල් 200ට වැඩිය හදාගෙන ඉන්ටර්නෙට් එකේ නිදිමරාගෙන වැඩ වගේ. ඕව කළාට මිනිස්සු අන්දන්න බැරියෝ..
මේ අනුව අපට සැබෑ සැකයක් තියෙනවා මේ මහනුවර හා මාවනැල්ල ප‍්‍රදේශවල සිදුවන බුදු පිළිම කඩාබිඳ දැමීම් පිටුපසත් වීරවංශ ඉන්නවාද කියලා !! නාමල්කුමාර නමැත්තා ඔහුගේ වුවමනා ඉටුකරගන්න උත්සාහ කරනවා වගේ අපට සැකයක් තිබෙනවා!!
ජාතිවාදය අවුස්සන ජාතිවාදියා ඔබයි...
ඔය ටික කියන්න ඕනේ ඔබතුමාගේ සංධානේ කට්ටියටනේ. ජාතිවාදයේ පියා ඔබතුමා බව රටම දන්නවා.