IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘‘ජාතිය ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ජාතිය ගොඩනැගීමේදීත් ජාතිය සුවපත් කිරීමේදීත් මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව මෙරට සංචාරයක යෙදී සිටින දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමා අද (5) ප්‍රකාශ කළේය.

රටක යුද්ධ සහ ගැටුම් ඇතිවෙන්නේ දේශපාලන තන්ත්‍රයේ අසමත්කම් සහ අසාර්ථකත්වය නිසා බවත් යුද්ධයක් අවසන් වූ පසු ජාතිය සුවපත් කිරීමත් යුද්ධය ඇති වීමට හේතු වූ මූලික කරුණු සොයා ගනිමින් ඒවාට විසඳුම් සෙවීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් ලැප්ස්ලි පියතුමා කීවේය.

කොළඹ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මයිකල් ලැප්ස්ලි පියතුමා එම කරුණු සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ මයිකල් ලැප්ස්ලි පියතුමා මෙසේ ද කීය.

“මා මෙහි පැමිණියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහයෝගීතාව පළ කිරීමටයි. ඔවුන්ට සහයෝගය, කනගාටුව පළ කිරීමටයි. ඒ වගේම මම ඔවුන්ගේ හිත් සුවපත් කිරීමේ කටයුතුවලට ද සම්බන්ධ වෙනවා. මම මීට පෙර අවස්ථාවකදීත් ලංකාවට පැමිණියා. එහිදි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ සිත් සුවපත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වුණා.

මම විවිධ ආගමික සහ වාර්ගික කොටස් සමඟ සම්බන්ධ වී කටයුතු කළා. ඒවායේ ආගමික නායකයන් ද මුණ ගැසුණා. මතක සුවපත් කළ යුතුයි. මිනිසුන්ගේ හිත් සුවපත් කළ යුතුයි. ආධ්‍යාත්මික බව සංවර්ධනය කළ යුතුයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිනවා. රටක් යුද්ධයට යන්නේ දේශපාලනයේ තිබෙන අසමත්කම සහ අසාර්ථකත්වය නිසා. යුද්ධයක් අවසන් වීමෙන් පසු අපට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. අපි ජාතියක් විදියට යුද්ධය නිසා ඇතිවූ තුවාල සුවපත් කරන්නේ කොහොමද ? අනෙක් ප්‍රශ්නය තමයි යුද්ධය ඇති වීමට හේතු වූ මූලික කරුණු මොනවාද ? අපි ඒ මූලික ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නැතිනම් තවත් යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්.

යුද්ධයකට පසු යුද්ධය නිසා ඇති වූ තුවාල සුවපත් කිරීම ඉතා වැදගත්. කායිකව ඇතිවන තුවාල සුවපත් කිරීම වගේම මානසික සුවපත් කිරීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා බොහෝ දෙනා අතුරුදන් වුණා. ඒවාට තවමත් ශක්තිමත් විසඳුම් සොයා නැති බවයි පෙනී යන්නේ.

ත්‍රස්තවාදය නිසා, යුද්ධය නිසා, ගැටුම් නිසා හැමෝම පීඩාවට පත්වෙනවා. රජයේ හමුදාවල සාමාජිකයෝ, ඔවුන්ගේ පවුල්වල අය වගේම අනෙක් පාර්ශවවල අයත් පීඩාවට පත්වෙනවා.

මෑතකදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වුණා. රට තුළ ඉස්ලාම් දහම පිළිබඳ මුස්ලිම් ජාතිකයන් පිළිබඳ බියක් ඇතිවුණා. ඒ නිසා අන්තර් ආගමික සහයෝගීතාව ඇති කිරීම ඉතාම වැදගත්. ඉස්ලාම්, හින්දු, බෞද්ධ, කතෝලික යන සියලු ආගම් අතර සහයෝගීතාව අතර සහජීවනය, සහයෝගීතාව ඇති කිරීම ඉතාම වැදගත්.

මම මගේ සංචාරයේ දී බෞද්ධ ආගමික නායකයන්, මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු ආගමික නායකයන් ද මුණ ගැසෙනවා.

ඒ වගේම මාධ්‍යවල සිටින මගේ සහෝදර සහෝදරියන්ටත් විශාල වගකීමක් තිබෙනවා. මාධ්‍යවලට ගැටුම් නිවන්න වගේම ගැටුම් ඇති කරන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට සංවේදී කතා වාර්තා කරන්න පුළුවන්. මනුස්සකම ගැන මිනිස්සු එකිනෙකාට උදවු උපකාර කරගන්නා අයුරු වාර්තා කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාව ජාතික සංවාදයක් ඇති කළ යුතුයි. ඒ සඳහා කාලය ඇවිත් තිබෙනවා. සහයෝගීතාව, සාමය, සහජීවනය ඇති කිරීම වගේම වේදනාව සහ හිත් සුවපත් කිරීම කතා කරන්න පුළුවන්. දේශපාලනය, ආර්ථිකය ගැන විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ වේදනාව සහ මිනිස්සුන්ට වුවමනා දේවල් ඔවුන්ට අවශ්‍ය දේවල් ගැන කතා කරන්න ඕනේ. එවැනි ජාතික සංවාදයක් තුළ මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ජාතිය ගොඩනැගීමේදී ජාතිය සුවපත් කිරීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා” යැයිද පියතුමා පැවසීය.

දකුණු අප්‍රිකාවේ පැවැති වාර්ගික අරගල සමයේදී මයිකල් ලැප්ස්ලි පියතුමා කළු ජාතිකයන් වෙනුවෙන් පෙනි සිටී අතර කළු සහ සුදු ජාතික සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ද එක්විය. 1990 වසරේදී බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ලැප්ස්ලි පියතුමාට දෑත් අහිමි විය. මයිකල් ලැප්ස්ලි පියතුමා බොහෝ කාලයක සිට වින්දිතයන් සහ පීඩාවට පත්වූවන් වෙනුවෙන් පෙනි සිටිමින්, සමාජ සාධාරණත්වය සහ හිත් සුවපත් කිරීමේ කටයුතුවල නිරත වෙයි. 

(ඡායාරූප - ගයාන් අමරසේකර) 

 



අදහස් (0)

‘‘ජාතිය ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 638 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 435 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site