IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ්

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ, ඩුබායි සිට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ගෝලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.
 
හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බවත්, ප‍්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ දක්‍ෂ පාපන්දු කී‍්‍රඩකයකු වන විත්තිකරු වැන්නවුන් හෙරොයින් ජාවාරමේ යෙදීම ඛේදජනක බවත් පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම කළේය.
 
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ ගෝල් රකින්නකු වශයෙන් කොළඹ ප‍්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් නියෝජනය කළ දක්‍ෂ පාපන්දු කී‍්‍රඩකයකු වූ, කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන කමල් නිශාන්ත හෙවත් මහත්තයා නමැත්තාටය.
 
2013 අගොස්තු මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ වෙල්ලවිදීයේදී හෙරොයින් ග්‍රෑම් 4.03 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
 
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කොස්තාපල් නෑහින්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලන්ත රාජකරුණා, පොලිස් පරීක්‍ෂක රුවන් කුමාර මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී පාගමනින් පැමිණි මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කොට ඇති බවත්, ඒ අවස්ථාවේ විත්තිකරු සූක්‍ෂම අන්දමින් සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 31.06ක් සොයාගෙන ඇති බවත් පැමිණිල්ල මෙහෙයවනු ලැබු ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය නඩු විභාගයේදී හෙළි කළාය.
 
විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් තොගය පරීක්‍ෂා කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්‍රෑම්  4.03 ක් ඇති බව තහවුරු කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම්  නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඉමේෂා ධර්මදාස මෙනෙවිය සහ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පෙනී සිටියහ.



අදහස් (0)

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණාට දිවි ඇති තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site