
ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද (29) නිවේදනය කළේය.
ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යමින් සිටින බවත් ආණ්ඩුව එවැනි සංවිධානවලට එරෙහිව පියවර ගනිමින් සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය චෝදනා කළේය.
රාජ්‍ය නොවන සංවිධාන කාලයක් තිස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී පරිපාලනයෙන් බැට කන බවත් වදහිංසාවලට ලක්වන බවත් එම සංවිධානය පෙන්වාදෙයි. ඉන්දීය පරිපාලනයට අයත් කාශ්මීරයේ සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුළු අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම හා ඒවා පෙන්වාදීම ඊට හේතුව යැයි ද එම සංවිධාන සඳහන් කළේය.
ඉන්දීය රජය සිය බැංකු ගිණුම් රාජසන්තක කර ඇති බව දැනගන්නට ලැබුණේ සැප්තැම්බර් 10 වැනිදා බවත් ඒ හේතුවෙන් සිය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙතෙක් කරගෙන පැමිණි සියලු ප්‍රචාරණ සහ පර්යේෂණ කටයුතු සියල්ල නැවැත්වීමට සිදුව ඇති බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේය.
‘‘ඉන්දීය ආණ්ඩුව මානව හිමිකම් ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හඹා යනවා. එම සංවිධානවලට ඔප්පු නොකළ සහ අසත්‍ය චෝදනා එල්ල කරනවා. එහි අලුත්ම ගොදුර තමයි මෙය’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘මානව හිමිකම් ආරක්ෂා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අපරාධ සංවිධාන ලෙස සැලකීමත් කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කිරීම ඉන්දියාව තුළ බිය නිර්මාණය කිරීමට ගන්න උත්සාහයක්. ඒ වගේම විවේචකයන් නිහඬ කරන්න ගන්න උත්සහායක්’’ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ අවිනාශ් කුමාර් පැවැසීය.
ඒ.එෆ්.පී.
(055)
COMMENTS
මේ මානව හිමිකම් යැයි කියාගන්නා සංවිධානවල නිර්මාතෘවරුන් තමයි මේ ලෝකයේ වැඩියෙන්ම මානව හිමිකම් කඩලා තියෙන්නේ...
ඉබ්බා දියේ දැම්මා වගේ... මේක දැනගත්තාම අපේ කට්ටියත් මෙහෙ මොනවා කරයිද දන්නේ නැහැ. මානව හිමිකම් කියන මාතෘකාව අපේ රටේ මිනිසුන් අතරේ පැලපදියම් කරලා තියෙන්නේ.. මහා විනාශකාරී දෙයක් විදිහට. මානව හිමිකම් ප්‍රඥප්තිය ගැන මේ රටේ පාසල් වල දරුවන්ට ඉගැන්විය යුතුයි. අපේ මිනිස්සු දන්නේ නැහැ ඒ ගොල්ලන්ට කොයිතරම් අයිතිවාසිකම් ප්‍රමාණයක් නීතියෙන් නොමිලේම ලැබී තියෙනවද කියලා. දියුණු රටවල මේ පිළිබඳව කුඩා දරුවන්ට පාසල්වල උගන්වනවා. ඒ ළමයි දැනුවත් කරනවා. අපේ රටේ අන්ත දුෂිත හොර දේශපාලුවන් කැමති නැහැ රටේ මිනිසුන් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනගන්නවට. ඒ කිසිවක් නිසා නොව, මිනිසුන් දැනුවත් වුවහොත් ඔවුන්ව පාලනය කිරීමට අපහසු නිසයි. මානව හිමිකම් සංවිධානවලට පහර ගසන මහින්ද රාජපක්ෂ 89 - 90 කාලයේ ප්‍රේමදාස පාලනයට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගිවෙන්න ගියත් ඔහුට ඊට සහභාගි වෙන්න ලැබුනේ ජර්මනියේ හිටපු හෙන්නායක නම් මානව හිමිකම් NGO කරුගේ ID එකට පින්සිදු වන්නටයි. එ්ත් අද මහින්දට ඕවා අමතකයි. බයියන්ට, මානව හිමිකම් නයාට අඳුකොළ වගෙයි.
මේ අය මානව හිමිකම් ලේබල් ගහගෙන ආවට වෙන රටවල්වල වුවමනාවට ඔත්තු බලන්න සහ දුප්පත් රටවල් අස්ථාවර කරන්න එන අය.. අර ඇමෙරිකාවේ බෙල්ල පාගලා මරද්දි කෝ මේ අය කට ඇරියා..? බැංකු ගිණුම් නවත්තලා මදි. ඇඳුනුත් ගලවලා පන්නන්න ඕනෑ..
මහින්ද ඒ කාලයේ පැවති රජයට විරුද්ධව ජිනීවා ගියේ ඩොලර් වලට නෙවෙයි. පාරවල් ගානේ මරාදාපු අය වෙනුවෙන්. ඒ දේවල් අපි ඇස්දෙකෙන්ම දැක්කනේ... දැන් කාලයේ කට්ටිය යන්නේ බොහෝවිට මඩිය පුරවාගන්න. බොහොම දෙනෙක් නටන්නේ කොටි පදයට... අනික ඔය කියන විදිහට හැම බටහිර රටම මානව හිමිකම් පිළිපදිනවා නම් ලංකාවට විරුද්ධව උඩින්ම ක්‍රියාකරන ඇමරිකාවේ කලු ජාතිකයින්ට ඔච්චර ප්‍රශ්නේ මොකක්ද?
ඉන්දියාව කරපු වැඩේ ඉතාම නරක ආදර්ශයක් දීමක්...