(එෆ්.අස්ලම්)
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ වෙනුවෙන් නිත්‍ය නියෝජිතයෙකු පත් කළ යුතු බවට ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය ප්‍රමුඛ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් පවසයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම මත එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබා නොදෙන ලෙසට මෙම පක්ෂ පොදුවේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට බලකර සිටින බවද දෙමළ ජාතික සන්ධාන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ උප සභාපති එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරය ඇරඹීමත් සමග එහිදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි, ප්ලොට් ,ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ විමුක්ති පෙරමුණ, තමිල් මක්කල් කූට්ටනි යන පක්ෂවල නියෝජිතයින් යාපනයේ පෞද්ගලික හෝටලයකදී රැස්වී මෙම තීරණ ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මෙකී පොදු ස්ථාවරයේම කටයුතු කිරීමටත් සෙසු දෙමළ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමටත් මෙම දේශපාලන පක්ෂ හයෙහි ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.
දෙමළ දේශපාලන පක්ෂ රැස්ව ගනු ලැබූ මෙම තීරණ සහ ඉල්ලීම් ඇතුළත් වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාටත් ජගත් සංවිධානයේ මහ ලේකම්වරයාටත් බාර දෙන බවත් එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
COMMENTS
ලංකාව විනාශ කරන පක්ෂ. කොහෙන් අරමුදල් එනවද දන්නේ නැහැ.
ප්‍රශ්න තියෙන්නේ රටේ පවතින උසාවියට ගිහින් ප්‍රශ්න විසඳ ගන්නවා. ඉන්න බැරිනම් රටින් යන්න. අරුසුකච්චි පක්ෂයට ඡන්ද තියෙන්නේත් උපරිම ලක්ෂ පහයි. 5%ක් වත් නෑ රටේ ඡන්ද... එහෙව් අය එනවා පිටරට උසාවි මෙහෙ ගේන්න.
සංහිඳියාව දොරේ ගලනවා. කොටියා කොටියම තමා. වැහි නැති හෙනම වැදෙනවා රටට කරන සහ කරන ලද විනාශයට...
ඉල්ලීම කොහොම වෙතත් මුහුණ දැක්කාම හිතෙනවා උඩ පැනලා මුහුණට පයින් ගහන්න.
මීළඟ ජනපති ගෝඨා විය යුතුයි. කොන්ද පණනැති කුඹුරු ගොවියෙක් රට කනවා.
ඔබ අප බොහෝ දෙනෙක් තවමත් හරියට තේරුම් අරගෙන නැහැ ඇයි මේ කපටි තක්කඩි ටික මේ රටේ යුද්ධය දිනවපු රණවිරුවන් යුද අපරාධකාරයන් බවට පත් කරන්න මේ තරම් දතකාගෙන නහින්නේ කියලා. අපේ සමහර මෝඩ මිනිස්සුත් තැන් තැන්වල ගිහින් කියනවා හමුදාව යුද්ධ අපරාධ කරලා තියෙනවා තමයි කියලා. මොවුන් හදන්නේ අපේ රණවිරුවන් යුද අපරාධ කලා කියලා මොන බොරුවකින් හරි, කපටිකමකින් හරි ලෝකෙට ඔප්පු කරලා ඔවුන්ගේ ඊළඟ තුරුම්පුව තල්ලු කරන්න. ඒ තමයි ලංකාවේ දෙමල ජනතාවට එරෙහිව බිහිසුණු යුද අපරාද වෙලා තියෙන නිසා වෙනම රාජ්‍යයක් ස්වයං පාලනයක් අනිවාර්යයෙන්ම ලැබිය යුතුය කියන තැනට ක්‍රමානුකුලව ළඟාවීමයි. ඒ නිසා කවදාවත් මේ කපටිකමට ඉඩ නොදිය යුතුයි. ලෝකේ බොහෝ රටවල් දෙකඩ කරගත්තේ ඔන්න ඔය ක්‍රමවේදයටයි.
උතුරේ ජනතාවගේ මූලික ප්‍රශ්න පැත්තකට දාලා පරණ කසිකබල් දේවල් අරගෙන ජාතිවාදය වපුරලා හැමදාම බලයේ ඉන්න බලන්න එපා ශිවාජිලිංගම් මහත්තයෝ. පළාත් සභාවෙන් තමන්ට ලැබුණු ප්‍රතිපාදන යොදවලා පළාතේ මහා ජනතාවට යමක් කරන්න බලන්න.
6ක් ඇතිද දන්නැහැ
කොටි බෝම්බ වලින් කොළඹ මැරුන අහිංසක මිනිස්සු ? නිරායුද පොලිස් 600...කවුද මේවට වග කියන්නේ
ඕක ඕනෙම නම් එහෙට ජාත්‍යන්තරේට ගිහින් පදිංචි වෙන්න.