(ජයන්ත සමරකෝන්)
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිකුත් කරන ජාතික හැඳුනුම්පත් සති දෙකක් වැනි කාලසීමාවක් තුළ නිකුත් කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉදිරිපත් කරනු ලබන මෙම ඉල්ලුම්පත්වල ප්‍රමාදය හේතුවෙන්, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම කල් යන බවත්, මේ සඳහා නිශ්චිත කාලසීමාවක් නොමැතිකමින් ජනතාව අසීරුතාවයට පත්ව සිටින නිසා මෙම පියවර ගන්නා බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(05) පැවසීය.
හැඳුනුම්පත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිකුත් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක් පිළිබඳව මේ වනවිට සිය අවධානය යොමු වී ඇතැයිද ඒ මහතා කීය.
අයැදුම්පත්වල පවතින අඩුපාඩු ද මෙම ප්‍රමාදයට වැඩි වශයෙන් බලපා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට කාලෙකට කලින් මම බත්තරමුල්ලෙන් හැඳුනුම්පත හදාගන්න ගියා. එතන හරිම අපිලිවෙලයි. අදාළ වැඩේ කරගන්නෙ කොහොමද, යන්න ඕනා කොතෙන්ටද කියලවත් හොයාගන්න විදියක් නෑ. ටෝකන් අංක දෙන්නෙත් එතන හිටපු සිවිල් ආරක්ෂන නිලධාරිණියක අර ඉස්සර ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන්ලා අංක කියලා කෑගහනව වගේ කටේ කෙල හිඳෙනකල් කෑගහලා. මම වැඩ කරන්නෙත් ඊට එහා පැත්තෙ සෙත්සිරි පායේ වුණත්, මාවත් කරකෝල අතෑරියා වගේ උනා. මම කල්පනා කළේ පිටිසර පළාත්වලින් එන අහිංසක මිනිස්සු කොච්චර අමාරුවෙ වැටෙනව ඇත්ද කියලා. එක එක අංශ සුහුරුපායේ එක එක තැන්වල තියෙන නිසා භාෂා තුනෙන්ම විස්තරාත්මකව උපදෙස් පුවරු කීපයක්වත් සවි කළානම් සෑහෙන වටිනවා. දැන් තත්වෙ නම් මම දන්නෙ නෑ කොහෙමද කියලා...
විශාල නිලධාරින් ප්‍රමාණයක් සහ නවීන තාක්ෂණය තිබ්බත් හැඳුනුම්පතක් සතියකින්, දෙකකින් නිකුත් කරන්න බැරි නම් ඇති ඵලය කුමක්ද? අඩුපාඩු සහිත අයදුම්පත්‍ර භාරගන්න නිලධාරින්ට විරුද්ධව පියවර ගන්නේ නැත්තේ මොකද?