



(පාලිත ආරියවංශ)
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය සංවිධානය කළ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ දේශ නේතෘ හා දිස්ත්‍රික් කලාකරු සම්මාන ප්‍රදානය හාලිඇල ජාතික පාසැල් ශ්‍රවණාගාරයේදී අද( 27) අද පැවැත්විණ.
මෙහිදි ජීවිතයට වරක් පමණක් හිමිවන දේශ නේතෘ සම්මානය මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, මහාචාර්ය ජේ.බි. දිසානායක, රංගධර ජයලත් මනෝරත්න, ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු සහ මාධ්‍යවේදී කේ.එස්. ශිවකුමාරන් යන අයට හිමිවිය.
දිස්ත්‍රික් කලාකරුවන් පිරිසකටද මෙහිදි සම්මාන ප්‍රදානය කෙරිණි.
මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා සාහිත්‍ය දේශනය පැවැත්වීය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු නිලධාරීහුද ජනතා නියෝජිතවරු පිරිසක්ද මීට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ හලෝ මහලොකු ඇමති? මේ මනුස්සයාට මෙහෙම වැදගත් දෙයකටවත් එන්න බැරිද? කම්කරු හෝ සිකියුරිටි නොවෙන නිසා වර්ජනය කරනවද?