(විනීතා එම් ගමගේ)
වකුගඩු රෝගයට ගොදුරු වී ජාතික රෝහලේ නේවාසිකව සිටි කාන්තාවක් ඩෙංගුරෝගය වැළඳී මිය යාම පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වා තවත් රෝගීන්ට ඩෙංගු වැළඳෙන්නට පෙර පියවරක් ගන්නැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
ජාතික රෝහලේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ ඩෙංගු රෝගය වැළඳී මිය ගොස් ඇත්තේ පන්නිපිටිය පොල්වත්ත අංක 66 නිවසේ පදංචිව සිටි ගාර්දිය හේවාවසම් ගේ සුනේත්‍රා චාන්දනී නමැති 50 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව මිය ගියේ ජාතික රෝහල තුළදී ඩෙංගු වැළඳීම නිසා යැයි තහවුරු වී ඇති බැවින් වහා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ඇති මරණ පරීක්ෂකවරිය ජාතික රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ද අවධානය යොමු කරවමින් ලිපියක් යවා ඇත.
මෙම තොරතුරු හෙළිවූයේ මියගිය කාන්තාවගේ මරණය පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති මරණ පරීක්ෂණයේ දීය.
මිය ගිය කාන්තවගේ සැමියා වන මුහන්දිරම්ගේ කුමාර රංජන ගෝමිස් මහතා මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.
“මිය ගොස් ඇත්තේ මගේ බිරිඳයි. ඇයට වකුගඩු අමාරුව තිබුණු නිසා ඔක්තෝබර් 10 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කළා. දිගටම ප්‍රතිකාර කරගෙන ආවත් ඇයට පසුගිය නොවැම්බර් 09 වැනිදා උණ හැදුණා. ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. 10 වැනිදා මිය ගියා.
ප්‍රතිකාර කරගෙන සුව වෙන්න ආ මගේ බිරිඳ රෝහල තුළදී වැළඳුනු රෝගයක් නිසා මිය යාම කණගාටුවක්. මෙවැනි අපරික්ෂාකාරී පරිසරයක් නිසා තවත් ජීවිත නැතිවිය හැකියි. එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්න කියා මම රෝහල් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහලේ ඩෙංගු මර්දනයට පියවර ගන්නැයි ඉල්ලීමක්
sam Thursday, 14 November 2019 03:20 AM
දැන් අවුරුදු 4ක් විතර කලින් ලේඩි රිජ්වේ එකෙත් ඔහොම දෙයක් වුනා. රිය අනතුරකින් කකුල කැඩිලා ගෙනා ළමයෙක්ට ඩෙංගු හැදුනා රෝහල් වාට්ටුවේ ඩෙංගු කීටයන් සිටි ශීතකරණයක් නිසා. ඒ ළමයා නම් යන්තම් බේරුනා ඒත් මේ කාන්තාව ජීවිතෙන් වන්දි ගෙව්වා. මේවා සෞඛ්‍ය ඇමති වෙනකම්ම වගකියන්න ඕනා දේවල්.