(නිමල කොඩිතුවක්කු)
විසුම්පායේ පිහිටි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිරිසක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයෙන් පිටව යන ලෙසට අදාල ලේකම්වරයා විසින් අද (31) දැනුම් දුන් බව එහි සේවයේ නියුතු මාධ්‍යවේදීන් සඳහන් කරති.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
මේ වනවිට එහි මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලැබූහ.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය වේදීන්ට කිසිඳු ගැටලුවකින් තොරව කටයුතු කිරීමට හැකියාව ඇති බව තවත් උසස් නිලධාරියෙකු පැමිණ ප්‍රකාශකර ඇතැයි ද වැර්තා වේ.
COMMENTS
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මේක කියන්න ඇත්තේ ඔය කියන තැන ඉන්න මාධ්‍ය යැයි කියාගන්න පුද්ගලයින්ට වෙන්න ඇති.
මාධ්‍ය නිදහස දොරේ ගලනවා දැන් හොඳට පැහැදිලියි. මේ වගේ අදූරදර්ශී ක්‍රියාවලින් පත්වෙන්නේ ආණ්ඩුව තවදුරටත් මධ්‍යස්ථ ජනතාවගේ පිළිකුලට පත්වීමයි. මේ අතර 30වෙනිදින මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නියෝගය මත පෙර පැවති රජයේ සිටි ප්‍රබල අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ අමාත්‍යාංශය විශේෂ ජනාධිපති විඝණන සහ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වටලන ලද බව පින්තුර සහ විස්තර සහිතව අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ කර ඇත. මෙහිදී අධ්‍යාපන, වනජීවී, මුදල් හා ජනමාධ්‍ය, බස්නාහිර සංවර්ධන, ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලට ඇතුලු වූ විඝණන නිලධාරීන් එහි තිබූ ලිපිගොනු රැසක් ගෙනගොස් ඇතිබවට වාර්තාවිනි. පැවති රජය යටතේ වංචා දූෂණ සහ අක්‍රමිකතා රැසක් මෙකී අමාත්‍යාංශය තුළ සිදුවී ඇති බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත සාක්ෂි ලැබීමත් සමඟ මෙම හදිසි නියෝගය එතුමන් විසින් ලබාදී ඇති බවත් අදාල ලිපිගොනු අධීක්ෂණය කරමින්, හැකිතාක් ඉක්මණින් වැරදි කළ ඇමතිවරුන්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස තමන් අදාල වගකිවයුතු ආයතනවලට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඒ වාර්තාවලින් හෙළි කර ඇත. මතකයිනේ ෆොන්සේකා හිරේ යවලා කාපු පරිප්පුව?
ගිය ආණ්ඩුව කාලෙ තිබුණු නිදහස සමහර මාධ්‍ය කොහොමද භාවිතා කරේ කියලා රටම දන්නවනේ..? මාධ්‍යයටත් ඔන වුනේ මහින්දනේ. දැන් ඉතින් ඉල්ලන් කෑවා වගේ තියෙයි. හැබයි ලංකාව වගේ රටක සැර පරුෂ නායකයෙක්ම තමා හරියන්නේ...
මේක මාධ්‍ය නිදහස ගැන කටයුත්තක් නෙමේ. ගිය ආණ්ඩුව අපේ සල්ලිවලින් කරපු ප්‍රචාරක ආයතනයක්..