‘සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් තේමාව‘ යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද (21) ප්‍රකාශයට පත් කෙරිණි.
අද (21) සිට ලබන (28) වැනිදා දක්වා මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පැවැත්වේ.
එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිතය.
එහි ප්‍රධාන වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්ද මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි.
එමෙන්ම යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264 කට හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපොළවල් 04 කට අයත් ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර ජනාධිපතිවරයා එම ලිපි ලේඛන අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දුන්නේ ය.
(36698)






(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
360
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය ඇරැඹේ