
(ළහිරු හර්ෂණ)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ලේ සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට රැගෙන යාමට කටයුතු කළේය.
කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් මේ ආකාරයෙන් එහි කටයුතු තාවකාලිකව නතර කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශ භූමිය ඉදිකරන තෙක් එහි තිබූ ලොව වටිනාම මිල කළ නොහැකි වටිනා මැණික් ගල් 03ක් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කර්ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගත්තේය.
ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා තිබිණි.





COMMENTS
පුදුම ආරක්ෂාවක් මේක
ඕවත් ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ වේවිද දන්නැ.
මහ බැංකුව කඩපු වෙලේ ඒ කට්ටිය මේක තිබුණු බව දැනගෙන ඉන්න නැතිව ඇති..!!!
මේ මැණික් ටික පරිසසම් කරන්න වෙයි
ඕවා අතුරුදන් කරන එක සුළු වැඩක්... ! කටු ගෙයටත් කෙළපු අයට...!!!
ආරක්ෂිතව මෙතෙක් තිබූ තැනින් වෙන තැනකට ගෙනාවා කියන්නේ අන්තරස්ධාන වීමකට හෝ විකිණීමකට ආසන්න වීමක්ද?
අනේ අම්මෝ... එව්වත් අර ඩේසි ආච්චිගේ මල්ලට යටයිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න. අවියත් මගේ සභාපති කෙනෙක් එහෙම දාගෙන වැඩේ පටන් ගත්තේ... මේ අවුරුදු 5ට කන්න භාණ්ඩාගාරෙවත් නැහැනේ...
බිල්ඩිම යටින් පතල් දෝනාවක් ගිහින්..