IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු නියෝගයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 , ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය.

අඩු ආදායම්ලාභීන්ට නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් සදහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පෞද්ගලික සමාගමකට ලබා දී තිබූ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගැනීමට එරෙහිව අදාළ පෞද්ගලික සමාගම ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් අධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කෙරිණි.

මෙම ඉඩම් අත්පත් කර ගැනීම නීත්‍යානුකූල ආකාරයට සිදුවී තිබේද යන්න පරීක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබෙන නීතිමය කාර්යය යැයි බවට ප්‍රකාශ කරමින් අධිකරණය එම මූලික අයිතිවාසිකම් පෙත්සම පෙබරවාරි 02 වැනිදා විභාගයට ගැනීමට ද දින නියම කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ ගාමිණී අමරසේකර , ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ 18) සලකා බැලිණි.

''ඕක් ස්ට්‍රීට් '' නැමැති පෞද්ගලික සමාගම ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , එහි සභාපති , එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මෙම ඉඩම ලබා ගනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලබා ගත් බවය.

 



අදහස් (1)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු නියෝගයක්

සෙනෙවිරත්න Monday, 18 October 2021 08:40 PM

අලුත් සභාපතිතුමා වැඩ පෙන්නන්න ගිහින් ඇණ ගත්තාද? මේක කලේ රටට ආදරේටද? නැත්නම් ඉඩම ආයේමත් වෙනත් කල්ලියකට දෙන්නද කියන එක සැකයි...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site