
(යොහාන් භාසුර)
කොළඹ ජාතික දන්ත රෝහලේ මාස කීපයක සිට කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ නොමැති වීමෙන් ‘එක්ස්රේ’ පරීක්‍ෂණ වාර්තා ලබාගත යුතු රෝගීහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම රෝහලේ වෛද්‍යවරු ‘එක්ස්රේ’ පරීක්‍ෂණ සඳහා නිර්දේශ කළ ද ඒවා ලබාගැනීමට නොහැකි බවත් ‘එක්ස්රේ කාඩ්’ ලැබී ඇද්දැයි දුකථනයෙන් විමසා පැමිණෙන ලෙස රෝගීන්ට උපදෙස් දෙන බවත් රෝගීහූ කියති.
ජාතික දන්ත රෝහලේ අධ්‍යක්‍ෂ අජිත් දන්තනාරයන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සෞඛ්‍ය සැපයුම් අංශයේ කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ අවසන් වී මේ වන විට මාස කීපයක් ගතවී ඇති බවත් ඒ නිසා පිටතින් මිලදී ගැනීමට මිල ගණනන් කැඳවුව ද ඔවුන් සතුව ද තොග නොමැති වීම ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.
එම රෝහල අවට රෝහල් කීපයකින් නැවත ලබාදීමේ එකඟතාව මත ‘එක්ස්රේ කාඩ්’ ලබාගත් ද එම රෝහල් ද මේ වන විට හිඟයට මුහුණ දී තිබීම නිසා ගැටලුව උග්‍රවී ඇති බව ද අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
සෞඛ්‍ය ඇමැති නිදිද? අපි තමයි හොඳටම කරලා තියෙන්නේ..!
ඊළඟට වෛද්‍ය උපකරණ හිඟය. වත්මන් අභියෝගයට මුහුණ දෙන්න නායකත්වය දරනවා. ඉදිරි අවුරුදු තුන හොඳටම කරනවා.
තවම X-ray කාර්ඩ් පාවිච්චි කරනවාද? දියුණු රටවල නම් පරිගණක තිරයක පෙන්වන්නේ. බොරු වියදම් යන්නේ නැ කාර්ඩ් වලට.