
(අංජුල මහික වීරරත්න)
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ දී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද මෙම කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදෙනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් වූ බවයි.
රජයන් කිහිපයක් උත්සාහ කළත් නිමකර ගැනීමට නොහැකි වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය වත්මන් රජය බලයට පත්වී වසරක් තුළ නිමකර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයට තම කෘතඥතාව පිරිනමන බවද කීවේය.
කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තිරසර හරිත කලාපයක් බවට පත් කිරීමේ රජයේ උත්සාහයට කෘෂිකර්ම ප්‍රතිපත්තිය හරහා රටේම ජනතාව සම්බන්ධ කර ගත හැකි බවයි.
COMMENTS
මහින්දානන්ද කෙරුවොත් සුපිරි වැඩක්. රටට ජනතාවට හිතවත් අවංක කෙනෙක්
අවුරුදු දෙකට කරපු එක හොඳ වැඩක් පෙන්නන්න බලන්න.. නිකන් කයිවාරු විතරයි..
ආණ්ඩුවෙන් ආණ්ඩුවට එක එක ප්‍රතිපත්ති. ඇමතිය මාරුවෙද්දි තවත් ප්‍රතිපත්ති. හැමදේම රටින් ගේන්න මොකටද ප්‍රතිපත්ති.