(නිමල කොඩිතුවක්කු)
ආර්ථික , සමාජීය සහ පරිසර ආදී සියලුම අංශ ඇතුළත් වන පරිදි ජාතික ආර්ථික සැලැස්මක් මේ වසරේදී එළිදක්වන බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවැසීය.
සෑම අංශයක් සඳහාම ජාතික ප‍්‍රතිපත්ති සකස් කර එම ප‍්‍රතිපත්ති මත සිට තීන්දු තීරණ ගන්නා පරිදි එම වැඩපිළිවළ සකස් කරන බවද ඔහු සඳහන් කළේය.
කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා මෙසේද කීය.
‘‘ජාතික ආර්ථික සභාව මේ වනවිට 26 වරක් රැස්වී තිබෙනවා. ජාතික ප‍්‍රතිපත්ති සැකසීම එහි මූලික අරමුණයි. ඒ වෙනුවෙන් ජාතික බුද්ධි පර්යේෂන ඒකකයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා.
ජාතික ආර්ථික සභාව මගින් දැනට සිදුකරන වාර්තා එක තැනකට අරගෙන මේ වසරේදී ජාතික ආර්ථික සැලැස්මක් එළිදැක්වීමට නියමිතයි.
අපේ රටට ජාතික ප‍්‍රතිපත්ති කිසිවක් නැහැ. ආර්ථික, සමාජීය, පරිසර ආදි සියලුම අංශ ආවරණය වන පරිදි ජාතික ප‍්‍රතිපත්ති සැකසීම මින් සිදුකෙරෙනවා. ඒ සඳහා සිවිල් සංවිධානවල සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමටත් කටයුතු කරනවා.
මේ සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් කටයුතු කරනවා. දැනට ජනාතාවගේ දැවෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒ පිළිබඳ අවධානය යොමු කරන්නත් මේ මගින් අපේක්ෂා කරනවා.
ජාතික ආර්ථික සභාව කියන්නේ දේශපාලන සභාවක් නෙමෙයි. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය නාගරික, අර්ධ නාගරික සංවර්ධන කාර්යන් පිළිබඳ ප‍්‍රතිපත්ති සකස් කිරීමත් ඉන් සිදුවෙනවා.
අයවැය සම්බන්ධයෙන් වන රජයේ ආදායම්, වියදම් වගේම වැටුප්, විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙනුත් ප‍්‍රතිපත්ති සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා.
2050 වසර වනතෙක් අපේ රටේ සම්පත් කළමානාකරණය කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. මේක අවුරුදු 30ක සැළසුමක්. මේ සඳහා අමාත්‍යාංශ 27ක් එකතු වෙනවා.
අපේ රටේ සමතුලිත සංවර්ධනයක් නැහැ. බස්නාහිර පළාතේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදුවූවත් අනෙක් ප‍්‍රදේශවල එතරම් සංවර්ධනයක් සිදුවන්නේ නැහැ. ඒ ආර්ථික සමතුලිතතාවය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කරනවා.
එහිදී කුඩා නගරවල කසළ කළමනාකරණය, අනවශ්‍ය ඉදිකිරීම්, රථවාහන ගැටලු හා රැකියා අවස්ථා ආදී සියලුම දේ පිලිබඳ අවදානය යොමු කෙරෙනවා. කොළඹ නගරයට අමතරව අනුරාධපුර සහ නුවර ප‍්‍රධාන නගර ලෙස හඳුනාගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඒ මගින් නාගරික ප‍්‍රදේශ 100ක පමණ ප‍්‍රමාණයක් ඇති කරනවා.
රුපියල් බිලියන 160ක පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය තියෙනවා. මේ ගැන ජාතික ආර්ථික සභාව විශාල අවධානයක් යොමුවී තිබෙනවා. ණය කපා හැරීමෙන් පමණක් මේ ප‍්‍රශ්ණයට විසඳුමක් දෙන්න බැහැ. ණය කපා හරින බවට ප‍්‍රකාශ කළ නිසා ණය ගෙවන පිරිස් පවා නොගෙවා සිටින තත්වයට පත්ව සිටිනවා.
මේ සඳහා ස්වේච්ඡාවෙන්ම ලියාපදිංචි වෙන්න කියලා දැනුවත් කළත් 46ක් පමණයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 10000ක් පමණ ක‍්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
මේ රුපියල් බිලියන 160න් රුපියල් බිලියන 60ක් පමණයි ලියාපදිංචි ආයතනවල තියෙන්නේ. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන ආයතනයක් ඇති කිරීමට කටයුතු කරනවා. මේ නියාමන ආයතනය යටතේ එම ණය ලබාදීමේදී ණය ගෙවීමේ හැකියාව ආදී කටයුතු සොයාබැලීමට නියමිතයි.
රජයේ ආයතනවල යම් යම් අඩුපාඩුකම් තියෙන නිසා තමයි මේ ප‍්‍රශ්නය මෙච්චර දුරදිග ගිහින් තියෙන්නේ. මේකට විධිමත් පිළිවෙතක් තියෙන්න ඕන‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික ආර්ථික සභාවේන් නව ආර්ථික සැලැස්මක්