(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් හා බලධාරීන් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගැනීම සහ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ සැබෑ කරුණු තේරීම් කාරක සභාව මගින් රටට හෙළි වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.
නිලධාරීන්ගේ හා දේශපාලන බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල රටට හෙළිදරව් වෙයි කියා බියට ඇතැම් පිරිස් තේරීම් කාරක සභාව වර්ජනය කරමින් සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මෙහි සැබෑ තත්වය දැන ගැනීම අනාගතයේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට තවත් ශක්තියක් වනු ඇති බවත් සදහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී අද(31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙසේද කීය.
‘‘අපි මේ අදහස් දක්වන්නේ තේරිම් කාරක සභාව විදියට නෙමෙයි. මේ පළ කරන්නේ අපේ පෞද්ගලික අදහස්. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ තේරීම් කාරක සභාව සහ එය මාධ්‍යයට විවෘත කිරීම ගැන නොයෙකුත් ප‍්‍රකාශ සිදුකරමින් පවතිනවා.
තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම හොද අවස්ථාවක්. ඒ වගේම බරපතල අභියෝගයක්. මොකද අපිට එවැනි පාර්ලිමේන්තු කමිටු විකාශනය කිරීම පිළබඳව අත්දැකිම් නැහැ. නමුත් ලෝකයේ මෙවැනි ප‍්‍රවානතාවයක් අද තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ආරක්ෂක කමිටු මාධ්‍යයට විවෘත කර තිබෙනවා.
අපේ කටයුතු සදහා අපි නිර්නායකයක් හැටියට ගත්තේ තොරතුරු ලබාගැනීමේ පනතයි. මෙතනදි අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටියා වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියළා. තේරීම් කාරක සභාවට විෂය වී ඇති සමහර කාරණා ඉතාම සංවේදී බව අපි දන්නවා.
මේ තේරීම් කාරක සභාවට මුලින්ම සාක්ෂි දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබද හොදින් දන්න පළපුරුදු සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන ආරක්ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශ ප‍්‍රධානියායි. ඔවුන්ට අපි බොහොම පහැදිලිව කියා සිටියා ජාතික ආරක්ෂාවට අගතියක් වනවා කියලා හිතනවනම් යම් දෙයක් ඒක ප‍්‍රකාශ කරන්න එපා කියළා.
මෙතනදි ආරක්ෂක ලේකම්වරයා අවස්ථා ගණනකදී කිව්වා මම වෙනම කියන්නම් කියලා. ඒ වෙනම කියන්නම් කියපු කාරණා ගැන අපි ඒ වෙලාවේ ප‍්‍රශ්න කලේ නැහැ. අපිට අවශ්‍යනම් අපි ඒ ගැන මාධ්‍ය නැතුව පසුව ප‍්‍රශ්න කරනවා" යැයි ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න එන අය.. මේ රට කෑවේ එයාලම තමයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ප්‍රකාශ මෙතැනදී සිදු වුනේ නැහැනේ. මෙතැනදී සිදු වුනේ ජාතික ආරක්ෂාව භාර පුද්ගලයාගේ වගකීම පැහැර හැරීම පිළිබඳ තොරතුරු අනාවරණය වීමයි.
හුඟක් ඉගෙන ගත්තා යයි කියන අයගේ කතාවලින් කියවෙන දේ තමයි, ලෝකයේ දියුණු සහ ප්‍රජාතන්ත්‍රවාදී රටවල කරන ඒවා අපේ රටෙත් අපි කරන්න ඕනෙයි කියන අදහසයි. මම ඔවුන්ගෙන් අහන්නේ ලංකාව ඇත්තට ඒ රටවල් එක්ක සංසන්දනය කිරීමේදී දියුණු රටක්ද යන්නයි. අපේ රට තවම තියෙන්නේ අඩියේ එහෙව් රටකට ඔය දියුණු බටහිර රටවල ක්‍රමයන් හරියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා අපේ රට සැලසුම්කල යුතුයි. ලෝකයේ අනික් දියුණු රටවල් ඔවුන්ගේ විමර්ශනයන් ප්‍රසිද්ධියේ කරන්නේ ජනතාව දැනගත යුතු රහස් කියන කොටසට පමණයි එහෙම නැතුව බුද්ධි අන්ශයේ කී දෙනෙක් ඉන්නවද, ඔවුන්ට වැටුප් දෙන්නේ කවුද? ඔවුන්ගේ මෙහෙයුම් මොනවද ආදී මෝඩ ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ නිසා අපේ නූගත් මිනිස්සුන්ව ඔහොම රවටන්න එපා.
කොහොම වුනත් බුද්ධි නිලධාරීන් මාධ්‍යයට අනාවරණය කිරීම ගොන් තකතීරු වැඩක්...
ශ්‍රේෂ්ට ඉතිහාසයක් තිබූ, ආචාර්ය NM පෙරේරා, ලෙස්ලි විවියන් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, බර්නාර්ඩ් සොයිසා වැන්නවුන්ගේ පන්නරය ලැබූ, ලංකා සමසමාජ පක්ෂයත් "ජරාපාලනය" ට විකුණන්න වෙරදමා, ඉන් පැරදී, දැන් එජාපයට කඩේයන ගමන්, අරලියගහ මන්දිරයේ සිට කියනා පුස් කතා, අප ජනතාව විශ්වාස කරන්නේ නැත. පළමුව, අපව රවටා, 2015.01.08 දින සිට රට කුණුපල්ලට ගෙනයාම පිළිබඳව, අර මහාචාර්ය සරත් විජේසූරිය කිව්වා මෙන්, ජනතාවගෙන් සමාව ගන්න.
මොවුන්ගේ එකම අරමුණ කාගේ හරි පිට මේ සිදුවීම බැර කරලා නිදොස් වෙන්නයි. අන්තිමට වෙන්නේ මීලේනියම් සිටි අදියර 2 ක්‍රියාත්මක වීම පමණයි .රටේ වාසනාවකට මේ වගේ නිවටයන් යුද්ධය කාලේ හිටියේ නැත්තේ
ලෝකේ මොන දියුණු රටේද රාජ්‍ය අරක්ෂාවට අයත් වටිනා පුද්ගලයින් සහ ක්‍රියාකාරකම් මාධ්‍ය ඉදිරියට ගෙනාවේ? අනේ මන්දා. එක්කෝ අපට පිස්සු... නැත්නම් මේ උගත් කියන අයගේ මොළ කොලොප්පං වෙලා. මට නම් මේක පෙනෙන්නේ දෙවැනි මිලේනියම් සිටි සිද්ධිය වගේ...
නිලධාරින්ගේ දුර්වලකම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා, මේ කමිටුවට සුදුස්සන් පත් කරන්න..
ආචාර්යතුමෝ අරලියගහ මන්දිරේ ඉඳල නේද කිව්වා කියන්නේ? නැට්ට මිරිකනකොට පූසොත් ඔයවගේ කෑගහනවා.
ඇමෙරිකාවේත් ශ්‍රවණාගාර සංගම්වලදී දේශපාලනය කරන්නන් ප්‍රශ්න අසන්නේ ජනතාව වෙනුවෙන්. දේශපාලකයන් පත් කරන්නේ ජනතාව නිසා. ජනතාවට වගකියන ආණ්ඩුවක් හැටියට ප්‍රශ්න කිරීමට අයිතියක් තියනවා. බුද්ධි අංශවල නායකයන් කව්ද කියලා ඕන රටක ගූගල් එකේ බලන්න. මට නම් විකාශනය බැලීමෙන් වැටහෙන්නේ මෙම සිස්ටම් එකේ ගොඩක් අඩු පාඩු නැත්නම් ලූප් හෝල්ස් තිබෙන බවයි.
මෙය යහපත් ප්‍රවණතාවයක්. මහජන මුදලින් නඩත්තු වන නිලධාරීන් සහ පාලකයන් යුතුකම් පැහැර හරින්නේ ද යන්න දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත. දැන් සිදුවන්නේ අතලොස්සක් පමණක් දැනගෙන ඔවුන් සිය පුද්ගලික අරමුණු මත ජනතාව නොමග යැවීමයි. වෙනත් රටවල ඇති මෙවැනි පිලිවෙත් ලංකාවට එපා කියන්නෝ අදහස් කරන්නේ අප සැමදා දාසයන් ලෙස තබා ගැනීමද?
දියණු රටවල සියල්ල විනිවිදභාවයකින් කරන බැවින් ජනතාවගෙන් හංගාගෙන රහසිගත ලෙස කටයුතු කල නොහැක. හොඳම උදාහරණය රජය විසින් ගන්නා විදේශීය ණය සහ වියදම් කරන ආකාරය ජනතාව වෙත විනිවිදභාවයකින් ඉදිරිපත් නොකරයි මෙම ණය ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින් නම් රටේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති නම් ඇයි එම තොරතුරු ලබා නොදෙන්නේ? සංවේදී තොරතුරු නොමැතිව සියළුම පාර්ලිමේන්තුවේ කාරක සභා ජනමාධ්‍ය වෙත විවෘත විමෙන් රටට සෙතක් මිස හානියක් නොවේ
අනේ මන්දා ලංකාවට ගිය කල. හැම ප්‍රශ්නයක්ම බලන්නේ දේශපාලන කෝණයෙන්. කිසිම ප්‍රශ්නයක වග විභාගයක් නැහැ. සියලු දේට වඩා වැදගත් දේසපාලනය. දේශපාලන වාසියට සියලු දේ විකුර්ති කරනවා. බොරු සමාජ ගත කරනවා. සමහර මාධ්‍යය වල අයට කිසිම විශ්ලේෂණ හැකියාවක් හෝ දැනුමක් නැහැ.
සේන, ලෝකයේ ඕනෑතරම් රටවල් තියෙනවා ආරක්ෂාවට සම්බන්ධ පුද්ගලයන් මාධ්‍ය ඉදිරියට ගෙනාපු.... පාර්ලිමේන්තු කාරක සභාවට ආපු ආරක්‍ෂක ලේකම් තමුන්නාන්සේ දැනගෙන හිටියේ නැද්ද? සිසිර මෙන්ඩිස් නියෝජ්‍ය පොලිස්පති බව දැනගෙන හිටියේ නැද්ද? මෙතනට කවුරුත් අන්ඩර් කවර් ඉන්න ඔත්තු සේවා නිලධාරීන් ගෙනාවේ නැහැ. හරි තොරතුරු දැනගන්න අපිට අයිතියක් තියෙනවා. තමුන්නාන්සේගේ ඔලුවේ තියෙන දේශපාලන මතය නිසා අපිට තොරතුරු එන එක නවත්වන්න දෙන්න බැහැ.
වාමාංශික කියන සමසමාජෙන් ඇවිත් ජාතියම පාවාදෙන මෙම උගත් අය රටට පිළිලයක්...
එතකොට මෙතන දුර්වලතාවය කොතැනද? වගකීම පැහැර හැරියේ කවුද කියලා ජනතාවට කවදාවත් දැනගන්න ක්‍රමයක් නැතිවෙයි. බුද්ධි අංශ පාවාදෙනවා කියල කියනවා නම් මේ අය විශ්‍රාම ගිය දවසක ලියන පොතකින් තමයි දැනගන්න වෙන්නේ අැත්ත කතාව...