IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජාතික ආරක්ෂාව ගැන තොරතුරු එස් එම් එස් සේවාවකින්

(ඉන්දිකා රාමනායක)

ජාතික ආරක්ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (13) සිට කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ ඇත.

සාමාන්‍ය  ජනතාව වෙත සත්‍ය  තොරතුරු ලබාදීම මගින් මහජනතාව භීතියට පත්කරන  සහ මහජන කලබලයට හේතු විය හැකි කටකතා සහ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා  මෙම සේවය  ආරම්භ කළ බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක  මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදී මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වන බවත් ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී නිල වශයෙන් මෙම කෙටි පණිවිඩ සේවාව  ආරම්භ කළ බවද මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා කියා සිටියේය.

කෙටි පණිවිඩ සේවාව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලය විසින් අධීක්ෂ‍ණය කරනු ලැබූ බවත්  දුරකතන සමාගම් හරහා මෙම  කෙටි පණිවිඩය  බෙදා හැරෙන බවද   හෙතෙම සඳහන් කළේය.

මෙම නව කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව   ශ්‍රී ලංකා ටෙලිකොම් , ඩයලොග් ආසිආටා පීඑල්සී , මොබිටෙල් පෞද්ගලික සමාග,ල භාර්තී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම, හචින්සන් ටෙලිකොමි යුනිකේෂන් ලංකා පෞද්ගලික සමාගම සහ ලංකා බෙල් සමාගම යන දුරකථන සමාගම් අතර ඇති කරගන්නා ලද සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් බවද පැවසේ.

 



අදහස් (4)

ජාතික ආරක්ෂාව ගැන තොරතුරු එස් එම් එස් සේවාවකින්

chandana Thursday, 14 November 2019 02:58 AM

ඉතා හොද ක්‍රියාවක් . තම දේශපාලන මතය උලුප්පා ගැනීමට බොරු ප්‍රචාර ගෙන යන අයට වැට බැදීමක්

:       0       43

රෝහිත Thursday, 14 November 2019 04:35 AM

අපි කොහොමද ඔය සේවාව ලබාගන්නේ ?

:       0       31

ඉන්දිකා රාමනායක Thursday, 14 November 2019 07:49 AM

ආදාල දුරකථන සමාගම් හරහා සිය ග්‍රාහකයින් වෙත යොමු කරනවා.

:       0       1

sunil shantha Thursday, 14 November 2019 07:03 AM

තම දේශපාලන මතය උලුප්පා ගැනීමට බොරු ප්‍රචාර ගෙන යන අයට වැට බැදීමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 175 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 371 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 381 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site