IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)
 
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව හෙට(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී අද(06) පැවැසීය.
 
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ අමාත්‍ය සංඛ්‍යාව වැඩිකර ගන්නට යැයි විවිධ පාර්ශ්ව වැරදි අර්ථකථන ලබාදෙමින් සිටින බව කී මන්ත්‍රීවරයා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ රජයේ එකම අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගැනීම බවද සඳහන් කළේය.
 
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පක්ෂ එක්ව පිහිටුවීමට යන ජාතික ආණ්ඩුව සඳහා සහය දැක්වීමට දැනටමත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම එක්වී සිටින අතර තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව කීය.
 
ජාතික ආණ්ඩුවක් යටතේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍යධුර දෙන්නට සිදුවන හෙයින් අමාත්‍යධුර ගණන වැඩි කරන්නට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ජාතික රජයක් පිහිටුවන්නට නීතියෙන් අවකාශ තිබේදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීවේ එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන්නේ ඉතා හොඳ නීති විශාරදයින්ගේ උපදෙස් මත බවයි.
 
පිටකෝට්ටේ සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
 



අදහස් (5)

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

Hafeel Wednesday, 06 February 2019 11:37 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එකතුවුණයි කියලා ජාතික ආණ්ඩුවක් බවට පත්වෙනවද? ජ්‍යෙෂ්ඨයින්ට අමාත්‍යධුර දෙනවා නං, ඔය පක්ෂයේ ඉන්න වයස් ගත අයට තමයි දෙන්න වෙන්නේ....

:       14       118

බන්ඩාර Wednesday, 06 February 2019 12:38 PM

ජයවේවා.. 2050 වන තුරු යූ.එන්.පී ආණ්ඩුවක් තමයි ලංකාවට ඕනෑ. ඒ රට හදන්න...පසුගිය දින 50න් විනාශ කරපු රට ගොඩදාන්න..

:       307       180

Janahitha Wednesday, 06 February 2019 04:28 PM

ආණ්ඩුව අස්ථාවර නම් දාලා යන එකනේ තියෙන්නේ

:       0       32

Amila Wednesday, 06 February 2019 05:08 PM

ඔන්න මහින්දට බහුතරය පෙන්නලා ආන්ඩුව පරද්දන්න හොද අවස්ථාවක්.

:       0       57

Bamunuarachchi Wednesday, 06 February 2019 11:29 PM

ආණ්ඩුව අස්ථාවර මහජන චන්දෙකට ගිහිල්ලා ස්ථාවර වෙන්න. කාගේවත් කිසිම විරුද්දත්වයක් නැහැ. නැතුව එල්ලෙන්න වැල් නැතිව ඉන්න සුළු ජනවාර්ගිකයින් ඇඳා ගන්න එපා. ඔවුන් සුළු ජනවාර්ගිකයින් හැටියටම් තියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site