(අජන්ත කුමාර අගලකඩ)
ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පත්කරනු ලැබ සිටී.
අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ඔහු සමෘද්ධි, උඩරට සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙසත්, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලෙසත් කාලයක් කටයුතු කර ඇත.
ආචාර්ය නවරත්න මහතා මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණ ආයතනයේ නිසි බලධාරියා ලෙසද කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සුනිල් නවරත්න අලුත් ලෝකයට ගැලපෙන විදියට හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්... අපි එතුමාට සුබ පතනවා...
චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා හිටපු කෙනෙක්...