(ඉන්දිකා රාමනායක)
අන්තර් ජාලයෙන් දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගණිකා ජාවාරම මෙහෙයවන කළමනාකරු නුගේගොඩ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් උපාය දුතයන් වශයෙන් මෙම සැකකාරියන් අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කර ඇති බවත් සැකකරු මෙම කාන්තාවන් දෙදෙනා මෝටර් රථයකින් ඊයේ අලූයම වැල්ලවත්තට ගෙන විත් පොලිස් උපාය දුතයන්ට බාර දුන් අවස්ථාවේ පොලිසිය මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකාරියන් එක ඇනවුමක් වෙනුවෙන් රුපියල් 10,000, -15, 000 අතර මුදලකට අලෙවි වන බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් වයස අවුරුදු 26 සහ 34 යන වයස්වල පසුවන බවත් ඔවුන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණි මෙම ගණිකා ජාවාරම් වල නිරත වන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් විස්තර දාන්නකෝ. පොටෝ එක්කම
ගණිකා වෘතිය නීත්‍යනුකුල දෙයක් බවට පත් කල යුතුයි.
අනේ ටෙලිෆෝන් අංකයත් දාන්නකෝ. වාහනයේ අංකයත් දෙන්න ප්ලීස්... අපිට අඳුනගන්න ලේසියි නේ...