IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්නැයි මුද්‍රණාලයාධිපතිනියට කොමිසම කියයි

(අජන්ත කුමාර අගලකඩ)

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයාධිපතිනියට අද (28) දැනුම් දී ඇත.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් ඇනවුම ලැබෙන ඕනෑම අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර භාරදීමට රජයේ මුද්‍රණාලය සූදානමින් සිටින බවද ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

කොවිඩ් 19 හේතුවෙන් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී වෙනස්කම් රැසක් කිරීමට සූදානම් බව කී  රජයේ මුද්‍රණාලයාධිපතිනිය කොවිඩ් 19 ගැන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ උපදෙස් ආදිය ද ඡන්ද පත්‍රිකාවලට ඇතුළත් කරන්නට සිදුවනු ඇති බව කීවාය.

ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පවත්වන්නට නියමිතව තිබූ මහ මැතිවරණය කොරෝනා වසංගතය හේතුවෙන් ලබන මස 20 වැනිදා දක්වා කල්දමනු ලැබුව ද දැනට පවතින තත්ත්වය අනුව එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි වේ.
  
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස මැතිවරණ දිනය  ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ



අදහස් (3)

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්නැයි මුද්‍රණාලයාධිපතිනියට කොමිසම කියයි

Ratne Thursday, 28 May 2020 05:28 PM

බය වෙන්න එපා. මැතිවරණය තියන්න කොමිසමට කම්මැලි හිතිලා. වෙලාවට පඩිය විතරක් ලැබෙනවා නම් ඇති. කොමිසම හූල්ට ගිහිල්ලා. මැකෝ අසරණ වෙලා. කොරෝනා බිය බින්දුව වී දින 70-75 කින්, එනම් තව වසර 1-2 ක් හෝ සමහර විට වසර 40-50 කින් මහා ඡන්දය තියන්න පුළුවන් වෙයි.

:       0       0

mihira Friday, 29 May 2020 05:02 AM

නුඹලා මොකට ලෑස්ති වුණත් ඡන්ද දානවද? නැද්ද? කියලා තීරණය කරන්නේ මහා ජනතාව... වරෙල්ලකෝ...?

:       0       18

Lokka Friday, 29 May 2020 06:34 AM

අපිට අඩු එච්චරයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site