(රංජන් කස්තුරි)
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය.
කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු බවද ඔහු කියයි.
COMMENTS
ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවම අවසන් නෑ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රකාශිකාව කියයි... ගෝඨාට දාන ඡන්ද වතුරේ...!!!
අඩි 2ක් දිග ඡන්ද පත්‍රිකාවක අග මුල හොයාගන්න අපහසු වෙලා තියෙන තත්වයක් යටතේ බොහෝ දෙනෙකුගේ ඡන්ද අවලංගු වෙන තත්වයක් තමයි පෙනෙන්න තියෙන්නේ... සාම්ප්‍රදායිකව ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය සඳහන් කිරීම තමයි වැඩි පිරිසකට හුරු... මේ නිසා අංක 1,2,3 ලකුණු කිරීම වගේම තමන්ගේ ප්‍රධාන තේරීමට කතිරය ලකුණු කිරීමටත් මනාප සඳහා අංක 1 සහ 2 ක ලකුණු කිරීමටත් අවස්ථාවක් තිබුණා නම් වඩා සාධාරණ බවයි හිතෙන්නේ...
අහෝ වහලුන් නොදිටි මොක්පුර!!! අමෙරිකන් MCC ගිවිසුමට විරුද්ධ වෙන්න ඇමෙරිකන් කාරයෙක්මලු අනේ...