IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘ඡන්දයට බාධා ආවොත් මැතිවරණ විධිවිධාන අනුව පියවර ගන්නවා’

(හර්ෂණ තුෂාර සිල්වා)

රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල ක්‍රියාකාරකම් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුවහොත් මැතිවරණ විධිවිධාන යටතේ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් එහි වගකීම අදාළ සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැසීය.

රූපවාහිනි හා ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාව සතු දෙයක් බැවින් මුදල් යෙදූ පමණින් පෞද්ගලික මාධ්‍යවලට සියයට සියයක නිදහසක් හිමි නොවන බව ද මහින්ද දේශප්‍රිය මහතා කීවේය.


කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් උපයාමාර්ගික සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන ආයතනයේ පැවැති සංවාදයක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කරුණු සඳහන් කළේය. 


එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය. 


“පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. එම පියවර අපේ විධානවලට ද ඇතුළත් කර තිබෙනවා. රූපවාහිනි හෝ ගුවන් විදුලි නාලිකා විකාශය කරන පුවතක් හෝ යම්කිසි දෙයක් නිසා නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට බාධා එල්ල වුණොත් එහි වගකීම එම සංඛ්‍යාතවල භාරකාරීත්වය හිමි රාජ්‍ය ආයතන සතුයි. මොකද රූපවාහිනි හෝ ගුවන් විදුලි සංඛ්‍යාත මහජනතාවට අයිති දෙයක්. එය මහජන දේපළක්. අපිට රාජ්‍ය මාධ්‍ය සෘජුවම පාලනය කරන්න පුළුවන්. එහෙත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහෙම ක්‍රියා කරන්න බැහැ. 


මාධ්‍ය උපමානවලට අනුව ක්‍රියාකාරීමට වගකිව යුතු මාධ්‍ය ආයතනවලට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාවටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. මානව හිමිකම් ක්‍රියාකාරිනි සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ නීතිඥ තුසිත් සමරසේකර මහත්මිය සිහිපත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම සංවාදය සංවිධානය කර තිබිණි. 

 



අදහස් (9)

‘ඡන්දයට බාධා ආවොත් මැතිවරණ විධිවිධාන අනුව පියවර ගන්නවා’

සේන Thursday, 26 September 2019 03:25 PM

ගනී ගනී... එජාපයට ඇරෙන්න.

:       0       0

Raveendra Thursday, 26 September 2019 03:54 PM

අප මහජන මුදලින් වැටුප් ලබන " මැකෝ " වෙත මෙසේ යමක් යෝජනා කිරීමට කැමැත්තෙමු. ඔබට නීතිය මගින් පවරා ඇති බලතල අනුව මෙම මහබූරුවා තේරීමේ තරගයට එන සියලුම තරගකරුවන්ට මහජන රැළි පැවැත්වීම තහනම් කර ඒ වෙනුවට සියලුම තරග කරුවන්ට රූපවාහිනි නාලිකා මගින් එක හා සමාන කාලය ලබාදීමක් කළ හැකි නම් එය සියලුම පුරවැසියන්ට ඔබ විසින් කරන මහඟු සේවයක් වනු ඇත. එමගින් මහජන රැලි පැවැත්වීමේදී මහජනතාවට සිදුවෙන අපහසුතා, මාර්ග තදබදය, බුරුවන් නිලමැස්සන් වටකරගෙන එනවිට මාර්ගවල ඇතිවෙන අනේකවිද දුක්ගැහැට, මහජන මුදල් නාස්තිය, ඉන්ධන නාස්තිය වැනි විශාල ධනස්කන්ධයක් ඉතුරු කරගැනීමට හැකිවෙනු ඇත. මෙය "මැකෝ" ගේ අවධානයට ලක්වේවා.. !!!

:       0       0

අප්පුහාමි Friday, 27 September 2019 12:37 AM

සභාපතිතුමා පෙරකාලේ (දේශපාලන හිමිකම් නොමැති) පරිපාලන සේවයේ කිසිවෙකු වර්ජන තර්ජනවලට ගියේ නැහැ. ඔවුන් නිසි පුහුණුවකින් මනා අවබෝධයකින් හා විනයකින් යුක්තව සිටියා. විශේෂයෙන් ජාතික මැතිවරණ අවස්ථාවල පැරණි සුළු සේවකයින්වත් වර්ජනය කලේ නැහැ. මේ කටයුතුත් සමහර අපේක්ෂකයින් අගතියට පත්කරන දේවල් වෙනවා. ඇයි ඔබතුමා ඒ ගැන කථා නොකරන්නේ?

:       0       1

chinthaka Friday, 27 September 2019 01:39 AM

අපි දැක්කා ඡන්දයක් තියාගන්න බැරුව පහුගිය කාලේ "සිංහ නාද බලු කෙදිරිලි වලට" පත් වෙච්ච විදිය.

:       1       1

Amila Friday, 27 September 2019 02:33 AM

කයිවාරු විතරයි.රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් වැඩවර්ජන රටපුරා.. මොහු නිදි.

:       2       3

indika Friday, 27 September 2019 04:24 AM

සමහර පැතිවල සිමෙන්ති බෙදනවා. එකට කමක් නැද්ද ?

:       63       240

wara Friday, 27 September 2019 05:59 AM

ඡන්දෙන් පස්සෙද ?

:       0       115

නොකවුට් Friday, 27 September 2019 09:52 AM

සිමෙන්ති බෙදන ඒවා පේන්නේ නැද්ද?

:       0       3

sirimal Friday, 27 September 2019 10:50 AM

මෙදාපොටෙත් දණහිසෙන් පහළට වෙඩිතියන්නද හිතාගෙන ඉන්නේ අපේ මහත්තයෝ?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1039 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 382 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 507 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 145 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 321 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 297 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1063 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site